Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් වේග පන්දු යවන්නන්ට මාස දෙක තුනක සූදානමක්

ටෙස්ට් වේග පන්දු යවන්නන්ට මාස දෙක තුනක සූදානමක්

editorial - 2020 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසයේ බලපෑමෙන් ලද නිවාඩුවට පසුව නැවත ක්‍රිකට් පිටියට පිවිසෙන ක්‍රීඩකයන් අතුරින් ටෙස්ට් වේග පන්දු යවන්නන්ට මාස දෙකක හෝ තුනක සූදානම් වීමක් අවශ්‍ය බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිර්දේශ කරයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙසේ නිර්දේශ කරන්නේ ක්‍රීඩකයන් ශාරීරික ආබාධ වලට ලක්වීමේ අවදානම පහදා දෙමිනි.

පසුගිය මාර්තු මාසයේ මැද සිට ලෝකයේ අන් සියලුම ක්‍රීඩා මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවද එක තැන නතර කෙරිණ. එහෙත් මේ වන විට ඇතැම් රටවල අගුළු දැමීමේ සීමා ලිහිල් කරමින් නැවතත් ක්‍රියාකාරී වීමට ක්‍රීඩකයන්ට අවස්ථාව දී තිබේ. ඒ අනුව එංගලන්ත පන්දු යවන්නෝ පසුගිය 21 වැනිදා සිට නැවතත් පුහුණුවීම් ආරම්භ කළහ.

එංගලන්ත පිලේ බලාපොරොත්තුව පමා වී හෝ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ක්‍රිකට් සමය ආරම්භ කිරීමයි. එය ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතය.

අගෝස්තු මාසයේදී ටෙස්ට් තරග 3 ක් සඳහා පාකිස්තානු පිල එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත අතර පසුව දෙපිල අතර විස්සයි-20 තරග තුනක්ද පැවැත්වේ. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලන කිරීමේ උපක්‍රමයක් ලෙසින් මෙම තරග සඳහා ප්‍රවේශපත් විකිණීමට හෝ නරඹන්නන් කැඳවීමට අවසර නැත.

“දීර්ඝ කාලයක් පිටියෙන් පිටත සිටියායින් පසුව නැවත තරග ආරම්භ කිරීමේදී වැඩිම වශයෙන් ශාරීරික ආබාධ වලට ලක්වෙන්නේ වේග පන්දු යවන්නන්” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පසුගිය සිකුරාදා නිවේදනය කරන ලද මාර්ගෝපදේශන මාලාවේ සඳහන් වෙයි. එබැවින් ක්‍රීඩකයන්ට ශාරීරික අභ්‍යාස නියම කිරීමේදී පරෙස්සම්වන ලෙසත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිර්දේශයකි.

ටෙස්ට් තරග සඳහා සූදානම් වන පන්දු යවන්නන් සති 8 ත් 12 ත් අතර කාලයක් ඒ සඳහා සූදානම් විය යුතුවන අතර අවසන් සති හතරේදී තරගයක පවතින තත්ත්වයන් යටතේ පන්දු යැවීම පුහුණු විය හැකිය. එහෙත් ඕවර 50 ක් හෝ විස්සයි-20 තරග සඳහා සති හයක පුහුණුවීම් ප්‍රමාණවත් බව කියැවෙයි.

පන්දුව ඔප දැමීම සඳහා කෙළ තැවරීම තහනම් කරනු ලැබ ඇති අතර ක්‍රීඩකයන් අනවශ්‍ය ලෙස සමීප වීම් පාලනය කිරීමටද උපදෙස් දී තිබේ. ක්‍රීඩකයන්ගේ හිස්වැසුම්, තුවා හෝ අව් කණ්නාඩි විනිසුරුවරුන්ට හෝ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට බාරදීමත් නොකළ යුතු බව අන්තර්ජාතික ක්‍රිකට් සභා මාධ්‍ය නිවේදනයෙන් කියැවෙයි.


- 213

 


අදහස් (0)

ටෙස්ට් වේග පන්දු යවන්නන්ට මාස දෙක තුනක සූදානමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.