Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයග්‍රහණය කිරීමේ සංස්කෘතියක් හදන්න ඕනා

ජයග්‍රහණය කිරීමේ සංස්කෘතියක් හදන්න ඕනා

editorial - 2021 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

තරග ජයග්‍රහණය කිරීමේ සංස්කෘතියක් කණ්ඩායම තුල සෑදීමට තමන් බලාපොරොත්තු වන බව සූම් තාක්‍ෂණය ඔස්සේ අද (13 වැනිදා) මාධ්‍ය ඇමතූ එක්දින කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පැවසීය. නායකත්වයට පත්වීමෙන් පසුව කුසල් ජනිත් මාධ්‍යය ඇමතූ පළමු අවස්ථාව මෙයයි. 

“මම නායකයා වුනා කියලා මට ඒක එකපාර කරන්න බෑ. ඒක අමාරු දෙයක්. නමුත් මම හදන්නේ එයාලා දන්න දේ කරන්න දෙන්න. බය නැතුව ක්‍රිකට් ගැහුවොත් විතරයි අපිට මේ වැටිලා තියෙන තැනින් එළියට එන්න පුලුවන්.”

“බයේ ගහන්න ගහන්න වෙන්නේ අපි තවත් වලට වැටෙන එක විතරයි. තමන්ව විශ්වාස කරලා තමන් දන්නදේ පිට්ටනියට ගිහින් කරන්නේ කොහොමද කියලා ධෛර්යමත් කරන්න තමයි මම හදන්නේ” යැයි කුසල් ජනිත් පැවසීය.

තමන්ගේ තැන රැකගැනීමට ක්‍රීඩා නොකර සියයට සියයක් කණ්ඩායමට දෙන ලෙසත්, බය නැතුව තමන්ට පුලුවන්දේ කරන්න කියලා තමයි මම ක්‍රීඩකයන්ට කියලා තියෙන්නේ. 

දැනට ආරම්භක පිතිකරුවන් ගොඩක් ඉන්නවා. ඒ නිසා මම අංක එක, දෙක හෝ තුන යන ස්ථාන තුනෙන් එකක ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. කණ්ඩායමේ සමබරතාවය අනුව තමයි මම ක්‍රීඩා කරන ස්ථානය තෝරගන්න වෙන්නේ. ඒ වගේම කඩුලු රකින්නා වශයෙන් කටයුතු කිරීමටද මම බලාපොරොත්තු වෙනවා.

උපනායක කුසල් මෙන්ඩිස් පිළිබඳව සිය අදහස් දක්වමින් නායකයා මෙසේ කීවේය. 

“ඔහුට ඒ වගේ විවේකයක් හම්බවුන එක හොඳයි. ඕනම ක්‍රීඩකයෙන් සාර්ථක වෙනවා අසාර්ථක වෙනවා. ඒ වගේ වෙලාවට ඔවුන්ට විවේකයක් ලැබෙන එක හොඳයි. එතකොට එයා හොඳින් පුහුණුවීම් කරලා එයාගේ දුර්වල තැන් හදාගෙන තමා එයා ආයේ කණ්ඩායමට එන්නේ. වගකීමක් එක්ක තමා එයාව කණ්ඩායමට එවලා තියෙන්නේ. වගකීමක් දුන්නම එයා ටිකක් වෙනස් වෙයි කියලා මම හිතනවා. එයාට දිගු ඉනිමක් ක්‍රීඩාකරන පුලුවන් කෙනෙක්. වගකීමක් දුන්නම එයාගේ උපරිමය ගන්න පුලුවන් වෙයි කියලා මගේ පෞද්ගලික මතයක් තියෙනවා” යැයි කීවේය.

මම කෝල්ට් ක්‍රීඩා සමාජයේ සහ එල්.පී.එල් තරගාවලියේදී නායකත්වය දරලා තියෙනවා. ගොඩක් තැන් වල මම නායකත්වය දරලා නෑ. ඒත් ගොඩක් වෙලාවට මගේ අදහස් දීලා නායකයට උදව් කරලා තියෙනවා. මට අත්දැකීම් තියෙනවා. නායකත්වය වැඩිපුර දරලා නැතත් ඒ වෙලාවේ තරගය යන ආකාරය මට තේරුම් ගන්න පුලුවන්. ඒක නිසා මම හිතනවා මට කණ්ඩායම මෙහෙයවන්න පුලුවන් වෙයි කියලා.

ඔබ අඩුවෙන් කතා කරන කෙනෙක් බැවින් නායකයා ලෙස පත්වූවාට පසුව ඒ තත්වය වෙනවාද යන්න පිළිබඳවා මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කුසල් ජනිත් කියා සිටියේ තමා අනවශ්‍ය ලෙස කතා කිරීමට අදහස් නොකරන බවයි.

“යමෙක් වැඩි වශයෙන් හෝ අඩුවෙන් කතා කළත් කමක් නෑ. වැදගත් වන්නේ ක්‍රීඩකයින්ට නියම වේලාවට නිවැරදි උපදෙස් ලබා දීමයි. සමහර විට අනවශ්‍ය ලෙස කතා කිරීම ක්‍රීඩකයන්ට කරදරයක් වෙන්න පුලුවන්” යැයි කුසල් ජනිත් පැවසීය.

2023 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදී වෙනසක් කිරීමේ බලාපොරොත්තුවෙන් කණ්ඩායම මෙයෙවීමේ වගකීම කුසල් ජනිත් පෙරේරාට පැවරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

 


අදහස් (0)

ජයග්‍රහණය කිරීමේ සංස්කෘතියක් හදන්න ඕනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.