Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චටාරාට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

චටාරාට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

editorial - 2020 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය බාහුවේ මස්පිඬුවක ඇති ආබාධයක් පූර්ණ වශයෙන් සුවවී නොතිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටෙන්ඩායි චටාරාට අහිමිවී තිබේ. මේ වන විට 28 වැනි වියේ පසුවන චටාරා, සිම්බාබ්වේහි පැවැති දේශීය තරගාවලියකදී එම ආබාධයට ලක්වී ඇත.

අවසන් වරට 2018 වසරේ නොවැම්බර් මාසයේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇති චටාරා, ශ්‍රී ලංකා තරගාවලිය සඳහා නම් කළ මූලික සංචිතයටද ඇතුළත්ව සිටියේය. ඔහුගේ හැඩැස පිරවීම සඳහා තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති වේග පන්දු යවන්නන් වන වික්ටර් යයුචි සහ චාල්ටන් ෂූමා සිම්බාබ්වේ සංචිතයට කැඳවා සිටිති.

තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයන් 5 දෙනෙක්ද ඇතුළත්ව සිටින සිම්බාබ්වේ සංචිතයේ නායකත්වය ශේන් විලියම්ස්ට හිමිව ඇති අතර වසරකට පමණ පසුව බ්‍රෙන්ඩන් ටේලර්, ක්‍රෙග් එර්වින්, සිකන්දර් රාසා, කයිල් ජාවේස් සහ රේගිස් චකබ්වාද යළිත් සංචිතයට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකාවට එරෙහිව 2017 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේදී දණහිසේ ආබාධයකට ලක්වීමෙන් අනතුරව ජාත්‍යන්තර තරග බිමෙන් ඉවත්ව සිටි කර්ල් මුබ්බාද මෙම තරගාවලියේදී සිම්බාබ්වේ සංචිතයට කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 19 වැනිදා හරාරේහිදී ආරම්භ වේ.


සිම්බාබ්වේ සංචිතය
ශේන් විලියම්ස් (නායක), සිකන්දර් රාසා, රේගිස් චකබ්වා, ක්‍රෙග් එර්වින්, කයිල් ජාර්වේස්, කෙවින් කසුසා, ටිමිකැන් මරුමා, ප්‍රින්ස් මස්වවුරේ, බ්‍රයන් මුඞ්සිගන්යබා, කර්ල් මුම්බා, අයින්සිලි ඩොලුවා, වික්ටර් යයුචි, බ්‍රෙන්ඩන් ටේලර්, ඩොනල්ඞ් ටිරිපානෝ සහ චාල්ටන් ෂූමා

-036

 


අදහස් (0)

චටාරාට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.