Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගප්ටිල් නවසීලන්තය දිනවයි

ගප්ටිල් නවසීලන්තය දිනවයි

editorial - 2021 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාටින් ගප්ටිල්ගේ (71) පිතිහරඹය හමුවේ වෙලිංටන්හිදී අද (7 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් විස්සයි20 තරගය කඩුලු 7 කින් ජයගත් නවසීලන්තය 3-2 ක් ලෙසින් විස්සයි-20 තරගාලියත් ජයගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියාව ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 142 ක් රැස්කිරීමට සමත්විය. ඒරන් ෆින්ච් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 36 ක් රැස්කළ අතර මැතිව් වේඩ් පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් ලබාගත්තේය. ඒරන් ෆින්ච් සහ මැතිව් වේඩ්ට අමතරව මැද පෙළ පිතිකරු මාකස් ස්ටෝයිනිස් ලකුණු 26 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණ. 

ඉෂ් සෝදි කඩුලු 3 ක් ද, ටේ‍රන්ට් බෝල්ට් සහ ටිම් සවුති කඩුලු 2 බැගින්ද දවාගනිමින් ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් මෙල්ල කළහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තය ඕවර 15.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් හඹායෑමට සමත්විය. අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ මාටින් ගප්ටිල් පන්දු 46 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 71 ක් රැස්කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

ඩෙවොන් කොන්වේ පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 36 ක් සහ ග්ලෙන් ෆිලිප්ස් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් නවසීලන්ත පිලේ ජයග්‍රහණයට දායක වූහ.

සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ල සඳහා පන්දු 71 කදී ලකුණු 106 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඩෙවොන් කොන්වේ සහ මාටින් ගප්ටිල් සමත්වූහ.

 

ඕස්ටේ්‍රලියාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 142
(ඒරන් ෆින්ච් 36, මැතිව් වේඩ් 44, මාකස් ස්ටෝයිනිස් 26, ඉෂ් සෝධී 24/3, ටේ‍රන්ට් බෝල්ට් 26/2, ටිම් සෝතී 38/2)
නවසීලන්තය - ඕවර 15.3 කදී කඩුලු 3 ක් දැවී 143
(ඩෙවොන් කොන්වේ 36, මාටින් ගප්ටිල් 71, ග්ලෙන් ෆිලිප්ස් නොදැවී 34, රිලී මෙරෙඩිත් 39/2)


අදහස් (0)

ගප්ටිල් නවසීලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.