Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝල්ට්ස් - මේරියන්ස් අවසන් තරගයට

කෝල්ට්ස් - මේරියන්ස් අවසන් තරගයට

editorial - 2019 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ නැඟීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කෝල්ට් ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය ඊයේ (21 වැනිදා) සමත්විය.

කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් එස්.එස්.සී කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකරගත් කෝල්ට්ස් කණ්ඩායමත්, පි.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යුදහමුදා කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකරගත් හලාවත මේරියන්ස් කණ්ඩායමත් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

අවසන් මහා තරගය මේ මස 24, 25 සහ 26 යන තෙදින තුලදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.


කෝල්ට්ස් පිලට කඩුලු 8 ක ජයක්

එස්.එස්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 128
(ක්‍රිෂාන් සංජුල 28, සොහාන් ද ලිවේරා 25, ආකාෂ් සේනාරත්න 20, ධනංජය ලක්ෂාන් 28/4, ප්‍රවීන් ජයවික්‍රම 12/3, කවිෂ්ක අංජුල 36/2)

කෝල්ට් පළමු ඉනිම - සියලුදෙනා දැවී 185
(කවිෂ්ක අංජුල 64, විශාද් රංදික 34, ප්‍රින්ස් ප්‍රනාන්දු 24, ආකාෂ් සේනාරත්න 67/5, ටනීෂ වීරකෝන් 44/2)

එස්.එස්.සී දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 192
(පසිඳු සූරියබණ්ඩාර 83, ආකාෂ් සේනාරත්න 25, අවිෂ්ක සේනාධීර 23, ප්‍රවීන් ජයවික්‍රම 84/5, මහීෂ් තීක්‍ෂණ 27/2, කවිෂ්ක අංජුල 30/2)

කෝල්ට් දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 136
(සංතුෂ් ගුණතිලක නොදැවී 55, විෂාද් රංදික නොදැවී 46, ධනංජය ලක්ෂාන් 30)

 


මේරියන්ස් පිලට පළමු ඉනිමේ ජයක්

හලාවත මේරියන්ස් - සියලුදෙනා දැවී 255
(නිමේෂ් විමුක්ති 58, කවිඳු ඉරෝෂ් 56, සනෝජ් විජේතුංග 47, කවිඳු බණ්ඩාර 37, ලසිත් කෲස්පුල්ලේ 20, මලීෂ අලුත්ගෙදර 63/3, තුලින දිල්ෂාන් 27/2, හංස ද සිල්වා 43/2, හේෂාන් හෙට්ටිආච්චි 46/2)

යුදහමුදාව - සියලුදෙනා දැවී 166
(හිමාෂ ලියනගේ 51, පැතුම් කුමාර 39, හංස ද සිල්වා 27, තුලින දිල්ෂාන් 25, ලසිත් කෲස්පුල්ලේ 44/4, නිමේෂ් විමුක්ති 52/3, නිම්සර අතරගල්ල 19/2)

...


අදහස් (0)

කෝල්ට්ස් - මේරියන්ස් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.