Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොරෝනා සමග සටනට පවුම් ලක්ෂ 5 ක්

කොරෝනා සමග සටනට පවුම් ලක්ෂ 5 ක්

editorial - 2020 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම ගිවිසුම්ගත ක්‍රීඩකයින් එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලයට පවුම් 500,000 ක “මූලික පරිත්‍යාගයක්” කරන බව එංගලන්තයේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය නිවේදනය කරයි. ඊට අමතරව, එංගලන්ත කාන්තා කණ්ඩායමේ ප්‍රධානතම ගිවිසුම්ගත සාමාජිකාවන් අප්‍රේල්, මැයි සහ ජුනි මාසවලදී ස්වේච්ඡාවෙන් සිය වැටුප් අඩු කිරීමට යෝජනා කර තිබේ. මෙම අඩු කිරීම පුහුණුකරුවන්ගෙන් මෙන්ම සහාය කාර්ය මණ්ඩලයේ වැටුප් වලින්ද අඩුකෙරෙනු ඇත.
 
එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් විසින් කරන ලද මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 12 කට ආසන්න මුදලකි.

කෝවිඞ් - 19 වයිරසයට එරෙහි සටන වෙනුවෙන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් පවුම් මිලියන 61 ක් හෙවත් ඩොලර් මිලියන 76 කින් යුත් අරමුදලක් පසුගියදා ආරම්භ කරන ලදි. මෙම වයිරසයේ බලපෑම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට සහ පාකිස්තානයට එරෙහිව පැවත්වීමට නියමිත ටෙස්ට් තරගාවලි දෙකක් මෙන්ම දේශීය තරගාවලියද කල්දැමීමට සිදුවීමෙන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයට සිදුවූ පාඩුව අති විශාලය.

“වර්තමාන වාතාවරණය තුළ එය නිවැරදි ප්‍රතිචාරයක් ලෙස සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැඟී ගියා,” එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකා හෙදර් නයිට් පැවසුවාය.

“වර්තමාන තත්වය ක්‍රීඩාවට බලපාන්නේ කෙසේද යන්න අපි දන්නවා. අපට හැකි පමණින් උදව් කිරීමට අපට අවශ්‍යයි. ඉදිරි සතිවලදී ක්‍රීඩාවට උදව් කළ හැකි තවත් ක්‍රම පිළිබඳව අපි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කරනවා” යයිද හෙදර් නයිට් කීවාය.

වසංගතයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව දින කිහිපයක සාකච්ඡාවලින් පසුව රටේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

පිරිමි කණ්ඩායමේ පරිත්‍යාගය “ඉදිරි මාස තුන සඳහා මාසික වැටුපෙන් 20% ක අඩුවීමක් ලෙස” ගෙවන බව එංගලන්තයේ ප්‍රධානතම ගිවිසුම්ගත ක්‍රීඩකයෝ කියති. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ නිවේදනයකට අනුව එංගලන්තයේ ප්‍රධාන කොන්ත්‍රාත්තුවට අයත් සියලුම ක්‍රීඩකයන්ගේ මාසික දීමනාවෙන් 20්‍ර ක් අඩුවෙන් ඉදිරි මාස තුනේදී ඔවුන්ට වැටුප් ගෙවනු ඇත. පුණ්‍යාධාර පිළිබඳ විස්තර ඉදිරි සතිය තුළ තීරණය කිරීමට නියමිතය.

කොරෝනා වයිරසයේ පැතිරීම හේතුවෙන් 2020 ක්‍රිකට් තරග වාරය අවම වශයෙන් මැයි 28 වන තෙක් අත්හිටුවීමට සිදුවනු ඇතැයි කියැවේ.
 

අදහස් (0)

කොරෝනා සමග සටනට පවුම් ලක්ෂ 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.