Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් පිලට මාස 3 කදී වි-20 තරග 15 ක්

කොදෙව් පිලට මාස 3 කදී වි-20 තරග 15 ක්

editorial - 2021 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ ඔක්තෝබර් - නොවැම්බර් මාස වලදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ඉදිරි මාස 3 ක කාලයක් ඇතුළත විස්සයි-20 අන්තර්ජාතික තරග 15 කට සහභාගි වීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සැලසුම් කර තිබේ.

ජූනි මාසයේ සිට අගෝස්තු 3 වැනිදා දක්වා පැවැත්වෙන මෙම විස්සයි-20 තරග 15 ම බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙයි.

ඒ අතරවාරයේදී ටෙස්ට් තරග 4 ක් සහ එක්දින අන්තර්ජාතික තරග 3 ක්ද පැවැත්වීමට නියමිතය.

දකුණු අප්‍රිකාව ලබන මාසයේ සිට බටහිර ඉන්දීය කොදෙව්හිදී ටෙස්ට් තරග දෙකකට සහ විස්සයි විස්ස තරග 5 කට සහභාගි වනු ඇත. ඉන් අනතුරුව ජුනි සහ අගෝස්තු අතර කාලයේදී ටෙස්ට් හා සීමිත ඕවර තරග සඳහා ඕස්ටේ්‍රලියාව සහ පාකිස්තානය ද කැරිබියන් දූපත් කරා පියාසර කරනු ඇත.

ජුනි 1 වැනිදා කැරිබියන් දූපත් සමූහයට ළඟා වන දකුණු අප්‍රිකානු කණ්ඩායම ජුනි 10 සිට 14 දක්වා සාන්ත ලුසියා හි පළමු ටෙස්ට් තරගයට සහභාගි වෙයි. දෙවැනි ටෙස්ට් තරඟය ජුනි 18 සිට 22 දක්වා පැවැත්වේ. මෙම තරග දෙකම ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජුනි 26 සිට ජූලි 3 දක්වා පැවැත්වෙන විස්සයි 20 තරග පහක් සඳහා වන දකුණු අප්‍රිකානු කණ්ඩායම පසුව ග්‍රෙනාඩා හි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණෙනු ඇත.

මෙම තරගාවලිය වසර 2010 න් පසුව දකුණු අප්‍රිකාව සහ කොදෙව් පිල අතර කැරීබියන් දූපත් සමූහයේදී පැවැත්වෙන පළමු ද්විපාර්ශ්වික තරගාවලිය වේ.

ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ජූලි 9 සිට 24 දක්වා බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරය කරන අතර විස්සයි-20 තරග 5 ම ග්‍රෙනාඩා හිදී පැවැත්වේ. ඉන් අනතුරුව එක්දින තරග තුනක් සඳහා ඕස්ටේ්‍රලියානු කණ්ඩායම බාබඩෝස් හි කෙන්සිංටන් ඕවල් පිටියට යනු ඇත.

පාකිස්තානය ජූලි 27 සිට අගෝස්තු 24 වැනිදා දක්වා කාලය තුළ විස්සයි 20 තරග 5 ක් ක්‍රීඩා කරනු ඇත. 3 ක් ග්‍රෙනාඩාහිදී පැවැත්වෙන අතර ඉතිරි තරග දෙක බාබඩෝස් හිදී පැවැත්වෙයි. පාකිස්තානු - කොදෙව් ටෙස්ට් තරග දෙක අගෝස්තු 12 සිට 24 දක්වා ජැමෙයිකාවේ සබීනා පිටියේදී පැවැත්වීමට නියමිතය.

-213


අදහස් (0)

කොදෙව් පිලට මාස 3 කදී වි-20 තරග 15 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.