Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ 3-0 කින් ඇෆ්ඝනිස්තානය පරදවති

කොදෙව්වෝ 3-0 කින් ඇෆ්ඝනිස්තානය පරදවති

editorial - 2019 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලක්නව්හිදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (11 වැනිදා) සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට කොදෙව්වෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 145 හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 109 ක් රැස්කළ ශායි හෝප්, කොදෙව් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ලකුණු 4 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී බ්‍රෙන්ඩන් කිං (39) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හෝප්, ඉන් නොනැවතී නිකලස් පූරන් (21) සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 55 ක්ද, නායක කිරන් පොලාඞ් සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 63 ක්ද, රොස්ටන් චේස් (නොදැවී 32) සමග එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 71 ක්ද එක් කරමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 56 කදී වාර්තා වූ බ්‍රෙන්ඩන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ අතර පන්දු 26 කදී වාර්තා වූ පොලාඞ්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක්ද, පන්දු 32 කදී වාර්තා වූ චේස්ගේ ඉනිමට හතරේ පහර 3 ක්ද ඇතුළත් විය. පන්දු 26 කට මුහුණදුන් නිකලස් ලකුණු රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 249 ක් ලබාගත් අතර ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් හස්රතුල්ලා සසායි පන්දු 59 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ අස්ගර් ඇෆ්ගන් පන්දු 85 කදී ලකුණු 86 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. මොහොමඞ් නබී (නොදැවී 50) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 122 කදී ලකුණු 127 ක් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඇෆ්ගන් සමත් වූ අතර පන්දු 66 කදී වාර්තා වූ නබීගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.


ඇෆ්ඝනිස්තාන පිල - ඕවර 50 කඩුලු 7 ක් දැවී 249  
(හස්රතුල්ලා සසායි 50, අස්ගර් ඇෆ්ගන් 86, නජිබුල්ලා සද්රාන් 30, මොහොමඞ් නබී නොදැවී 50, කීමෝ පෝල් 44/3, අල්සාරි ජෝෂප් 59/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 48.4 කඩුලු 5 ක් දැවී 253
(ශායි හෝප් නොදැවී 109, බ්‍රෙන්ඩන් කිං 39, නිකලස් පූරන් 21, කිරන් පොලාඞ් 32, රොස්ටන් චේස් නොදැවී 42, මුජිබර් රහමන් 49/2)

 


 

-036

 


අදහස් (0)

කොදෙව්වෝ 3-0 කින් ඇෆ්ඝනිස්තානය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.