Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ බංග්ලා ටයගර්ස් කණ්ඩායම සහ දිල්ලි බුල්ස් කණ්ඩායම අතර ඊයේ (18 වැනිදා) පැවැති තරගය ලකුණු සම වීම හේතුවෙන් ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි බුල්ස් කණ්ඩායමට නියමිත ඕවර 10 අවසානයේ කඩුලු 4 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 108 ක් පමණි. එහිදී දිල්ලි කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් කුසල් පෙරේරා පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 43 ක් රැස්කළේය.
ශර්ෆේන් රදර්ෆර්ඞ් පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 18 ක්ද, නායක ඔයින් මෝගන් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 27 ක්ද රැස්කළ නමුත් දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුන්ට නොහැකි වූහ. පන්දු 13 කදී හතරේ පහරක් සමග ලකුණු 17 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී ගියේ තිසර පෙරේරාගේ සහ ඬේවිඞ් වයිස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේය.
කුසල් පෙරේරා අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී දැවී ගියේ කෙවින් කොත්තිගොඩගේ පන්දුවක් හමුවේ ඇන්ඩි්‍ර ෆ්ලෙචර් අතට උඩ පන්දුවක් දෙමිනි. ලයෑම් ප්ලන්කට් සහ කුවායිස් අහමඞ් එක් කඩුල්ල බැගින් දවාගත් අතර නායක තිසර පෙරේරාගේ ඕවර 2 තුළදී ලකුණු 28 ක් රැස්කිරීමට දිල්ලි පිතිකරුවෝ සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 108 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු රිලී රූසොව් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක් රැස්කරමින් ටයිගර්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
වේගවත් පිතිහරඹයක නිරත වූ ටොම් මූරස් පන්දු 13 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද, ඬේවිඞ් වයිස් පන්දු 10 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් ටයිගර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. මොහොමඞ් නබී, රවී රාම්පාල් සහ අලී ඛාන් කඩුලු 2 බැගින් දවාගනිමින් එහිදී බංග්ලා ටයිගර්ස් පිතිකරුවෝ මෙල්ල කළහ.
බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 7 ක් දැවී 108
(රිලී රූසොව් 27, ටොම් මූරස් 22, ඬේවිඞ් වයිස් 20, මොහොමඞ් නබී 13/2, රවී රාම්පාල් 13/2, අලී ඛාන් 31/2)
දිල්ලි බුල්ස් පිල - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 108
(කුසල් පෙරේරා 43, ශර්ෆේන් රදර්ෆර්ඞ් 18, ඔයින් මෝගන් නොදැවී 27, අන්ජලෝ මැතිව්ස් 17)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.