Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කයිල් ඇබට්ගෙන් වාර්තාගත පන්දු යැවීමක්

කයිල් ඇබට්ගෙන් වාර්තාගත පන්දු යැවීමක්

editorial - 2019 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව සදම්ප්ටන්හිදී පැවැති තරගයකදී ලකුණු 86 කට කඩුලු 17 ක් දවාගැනීමට හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන හිටපු දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ඇබට් සමත් විය.

පළමු ඉනිමේදී ලකුණු 40 කට කඩුලු 9 ක් දවාගත් ඇබට්, දෙවැනි ඉනිමේදී ලකුණු 46 කට කඩුලු 8 ක් දවාගනිමින් සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමේ පළමු සහ දෙවැනි ඉනිම් පිළිවෙලින් ලකුණු 142 කට සහ ලකුණු 144 කට සීමා කිරීමට පුරෝගාමී විය.

ඇබට්ගේ එම විශිෂ්ට පන්දු යැවීම හමුවේ හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එම තරගයෙන් ලකුණු 136 ක පහසු ජයක් හිමිවිය. 1956 වසරේදී එංගලන්තයේ ජිම් ලැකර් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී කඩුලු 19 ක් දවාගැනීමෙන් අනතුරුව පළමු පෙළ තරගයකදී ක්‍රීඩකයක් වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස ඇබට්ගේ මෙම පන්දු යැවීම සටහන් වේ.  

සිය මංගල ප්‍රාන්ත ක්‍රිකට් ශූරතාව හඹායන සමර්සේට් ප්‍රාන්ත කණ්ඩායමට මෙම තරගයේදී ලැබූ පරාජය විශාල පාඩුවක් විය. තරගයෙන් අනතුරුව ඇබට් මාධ්‍යය වෙත කියා සිටියේ මෙම තරගයේදී සමර්සේට් ප්‍රාන්ත කණ්ඩායම දැඩි පීඩනයකට ලක් කිරීමට හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමත් වූ බවයි.

 

-036

 


අදහස් (0)

කයිල් ඇබට්ගෙන් වාර්තාගත පන්දු යැවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.