Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කමිල් මිෂාරගේ ශතකය කොළඹට ජය ගෙනෙයි

කමිල් මිෂාරගේ ශතකය කොළඹට ජය ගෙනෙයි

ශානුක අරවින්ද - 2019 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර අද (18 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 95 ක පහසු ජයක් අත්කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායම ඕවර 38.2 ක් අවසානයේ ලකුණු 174 කට සීමා කිරීමට කොළඹ කණ්ඩයමේ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ චමිඳු විජේසිංහ සහ ප්‍රවීන් නිමේෂ් කඩුලු 3 බැගින් දවාගනිමින් මහනුවර කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ගිහාන් රත්නායක පන්දු 54 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 49 ලබා සිටියදී, චමිඳු විජේසිංහගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කමිල් මිෂාර අතට උඩ පන්දුවක් දෙමින් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.

ලකුණු 43 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී දුනිත් ජයතුංග (30) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 72 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගිහාන් සමත් විය. පන්දු 44 කදී වාර්තා වූ දුනිත්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර අවිෂ්ක තරිඳු පන්දු 39 කදී ලකුණු 32 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 269 ක් ලබාගත් අතර එහිදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 161 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 152 ක් රැස්කළේය.

අහන් වික්‍රමසිංහ (30) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 66 සම්බන්ධතාවක් ගොඩනැගූ මිෂාර, ඉන් නොනැවතී චමිඳු විජේසිංහ (29) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 101 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක්ද පිහිටුවමින් කොළඹ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ඔවුන් තිදෙනා හැරුණු කොට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට කොළඹ කණ්ඩායමේ සෙසු පිතිකරුවන් අසමත් වූ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රොහාන් සංජය ලකුණු 50 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.

කොළඹ කණ්ඩායම - ඕවර 50 කදී සියලු දෙනා දැවී 269
(කමිල් මිෂාර 152, අහන් වික්‍රමසිංහ 30, චමිඳු විජේසිංහ 29, රොහාන් සංජය 50/4, කවිඳු නදීෂාන් 46/2)

මහනුවර කණ්ඩායම - ඕවර 38.2 කදී සියලු දෙනා දැවී 174   
(අවිෂ්ක පෙරේරා 16, දුනිත් ජයතුංග 30, ගිහාන් රත්නායක 49, අවිෂ්ක තරිඳු 32, රුවින් පීරිස් 14, චමිඳු විජේසිංහ 11/3, ප්‍රවීන් නිමේෂ් 27/3, සොනාල් දිනූෂ 20/2)


අදහස් (0)

කමිල් මිෂාරගේ ශතකය කොළඹට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.