Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාව - ඉන්දියාව කරට කර

ඕස්ට්‍රේලියාව - ඉන්දියාව කරට කර

editorial - 2021 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර බ්‍රිස්බේන්හිදී පැවැත්වන සිව්වැන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (16 වැනිදා) තරගය සමබරව පැවතිණ. තේ විවේකයේදී ආරම්භ වූ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේදී තරගය අතහැර දමන ලදි.

වර්ෂාව නිසා ඇතිවූ ජලය ඉක්මනින් බැසගිය නමුත් විනිසුරුවරුන් තීරණය කළේ පිටියේ හතරේ සීමාව අසළ තෙතබරිත බවයි. ඒ වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 62 ක් ලබා සිටි ඉන්දියානුවෝ සත්කාරක ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණ 307 ක් පසුපසින් සිටිති. ඕස්ට්‍රේලියානු පිල අද ලකුණු 369 කට දැවී ගියේය.

ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් ලකුණු 11 දී දැවී ගිය නමුත් ඉන්දීය ඉනිම තනි අතින් ගත් රෝහිත් ෂර්මා ලකුණු 60 දී දැවී යන විට එයින් ලකුණු 44 කම හිමිකරුවා වී සිටියේය.

පමණට වඩා ආක්‍රමණශීලී වූ ෂර්මා හතරේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කළ නමුත් නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ මිචෙල් ස්ටාක්ට උඩපන්දුවක් දී දැවී ගියේය. තමන්ගේ 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ලයන්ට කඩුලු 400 කඩයිම පසුකර යාම සඳහා තවත් අවශ්‍ය වන්නේ කඩුලු 3 ක් පමණි.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 369
(මානස් ලැබුෂේන් 108, ස්ටීවන් ස්මිත් 36, මැතිව් වේඩ් 45, කැමරන් ග්‍රීන් 47, ටිම් පේන් 50, මිචෙල් ස්ටාක් නොදැවී 20, නේදන් ලයන් 24, ජොස් හේසල්වුඩ් 11, තංගරාසු නටරාජන් 78/3, ශර්දුල් ඨාකූර් 94/3, වොෂින්ටන් සුන්දර් 89/3)

ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 2 ට 62
(රෝහිත් ෂර්මා 44, පැට් කමින්ස් 22/1, නේතන් ලයන් 10/1)


- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියාව - ඉන්දියාව කරට කර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.