Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාවෙන් ප්‍රබල ඉනිමක්

ඕස්ට්‍රේලියාවෙන් ප්‍රබල ඉනිමක්

editorial - 2019 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩේවිඩ් වෝනර්ගේ (නොදැවී 151) සහ ජෝ බර්න්ස්ගේ (97) දක්ෂ පිතිහරඹය හේතුවෙන් පාකිස්තානයට එරෙහිව බ්‍රිස්බේන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවූ අද (22 වැනිදා) තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 312 ක් රැස්කිරීමට ඕස්ට්‍රේලියාව සමත්විය.

සිය 22 වැනි ටෙස්ට් ශතකය ලබාගත් ඬේවිඞ් වෝනර් ලකුණු 151 ක් සහ මානස් ලැබුස්චේන් ලකුණු 55 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර ඒ වනවිට දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 90 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඔවුන් සමත්වූහ.

පන්දු 265 කට මුහුණදී සිටින ඬේවිඞ් වෝනර්ගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් අතර මානස් ලැබුස්චේන් පන්දු 94 කට මුහුණදෙමින් හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට එක්කර ගත්තේය.

සිය 5 වැනි ටෙස්ට් ශතකය ආසන්නයට පැමිණි ජෝ බර්න්ස්ට ශතකය පෙනි පෙනී පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ලකුණු 97 ක් ලබාසිටියදී යසීර් ෂාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ජෝ බර්න්ස් දැවී ගිය අතර පන්දු 166 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය.

පළමු කඩුල්ල සඳහා ලකුණු 222 ක සම්බන්ධතාවයක් ගොඩනඟමින් ඕස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට ඬේවිඞ් වෝනර් සහ ජෝ බර්න්ස් සමත්වූහ.


පාකිස්තාන පළමු ඉනිම - සියලුදෙනා දැවී 240
(ශාන් මසූඞ් 27, අසාර් අලී 39, අසාද් ශාෆීක් 76, මොහොමඞ් රිස්වාන් 37, යසීර් ෂා 26, මිචෙල් ස්ටාර්ක් 52/4, පැට් කමින්ස් 60/3, ජොෂ් හේසල්වුඞ් 46/2)

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුල්ලක් දැවී 312
(ඬේවිඞ් වෝනර් නොදැවී 151, ජෝ බර්න්ස් 97, මානස් ලැබුස්චේන් නොදැවී 55)

...


අදහස් (0)

ඕස්ට්‍රේලියාවෙන් ප්‍රබල ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.