Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත පළමු ඉනිම 112 කට සීමා වෙයි

එංගලන්ත පළමු ඉනිම 112 කට සීමා වෙයි

editorial - 2021 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ එංගලන්තය අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) ආරම්භ වූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්ත පළමු ඉනිම ලකුණු 112 කට සීමා කිරීමට අක්ෂර් පටේල් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

සිය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන අක්ෂර් එහිදී ලකුණු 38 කට කඩුලු 6 ක් බිඳහෙළු අතර එය මේ දක්වා ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙසද සටහන් විය.

අක්ෂර්ට අනගි සහායක් දුන් රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගත්තේය.
යම් තරමකට හෝ ඉන්දීය දඟ පන්දු යවන්නන්ගේ පීඩනයෙන් මිඳුණ එංගලන්ත ආරම්භක පිතිකරු සැක් ක්‍රෝව්ලි හතරේ පහර 10 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළේය. එය ඔහුගේ සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය විය.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 112
(සැක් ක්‍රෝව්ලි 53, ජෝ රූට් 17, බෙන් ෆෝක්ස් 12, අක්ෂර් පටේල් 38/6, රවිචන්ද්‍රන් අෂ්වින් 26/3)


-036

 


අදහස් (0)

එංගලන්ත පළමු ඉනිම 112 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.