Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය කඩුලු 4 කට ලකුණු 241 යි

එංගලන්තය කඩුලු 4 කට ලකුණු 241 යි

editorial - 2019 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 241 ක් ලබා සිටියේය.

පළමු දිනය නිමාවන විට බෙන් ස්ටෝක්ස් හතරේ පහර 9 ක් සමගින් ලකුණු 67 ක්ද, ඔලී පෝප් හතරේ පහර 4 ක් සමග ලකුණු 18 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 38 කි.
 
රෝරි බර්න්ස් (52) සහ ඩොමිනික් සිබ්ලේ (22) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. කොලින් ඩි’ ග්‍රෑන්ඞ්හෝම්ගේ පන්දුවක් හමුවේ රොස් ටේලර් අතට උඩ පන්දුවක් දෙමින් සිබ්ලේ දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ජෝ ඩෙන්ලි (74) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බර්න්ස් සමත් විය.

ග්‍රෑන්ඞ්හෝම්ගේම පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක බී.ජේ. වොට්ල්න් අතට උඩ පන්දුවක් දෙමින් බර්න්ස් දැවී යෑමත් සමග එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවද නිමාවට පත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි නායක ජෝ රූට්ට ලබාගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි. නීල් වැග්නර්ගේ පන්දුවක් හමුවේ ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමින් රූට් පිටියෙන් ඉවත්ව ගියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 203 ක්ව තිබියදී දිනයේ අවසන් කඩුල්ල ලෙස ඩෙන්ලි දැවී ගිගේ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ බී.ජේ. වොට්ල්න් අතට උඩ පන්දුවක් දෙමිනි. ඩෙන්ලිගේ 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත වූ අතර බර්න්ස්ගේ 5 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.

එංගලන්ත පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 241
(රෝරි බර්න්ස් 52, ඩොමිනික් සිබ්ලේ 22, ජෝ ඩෙන්ලි 74, බෙන් ස්ටොක්ස් නොදැවී 67, ඔලී පෝප් නොදැවී 18, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 28/2)

-036


අදහස් (0)

එංගලන්තය කඩුලු 4 කට ලකුණු 241 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.