Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල්. තරගාවලියට අලුත් අභියෝගයක්

අයි.පී.එල්. තරගාවලියට අලුත් අභියෝගයක්

editorial - 2021 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කල් දැමුණු ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය නැවත ආරම්භ වුවද කාර්යබහුල ජාත්‍යන්තර තරග කාලසටහනක් පැවතීම හේතුවෙන් ඒ සඳහා එංගලන්ත ක්‍රීඩකයන් එක් නොවන බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය පවසයි. ඒ සමගම වාගේ නවසීලන්ත ක්‍රීඩකයන්ද ඊට එක් නොවන බව සිටිති.

අයි.පී.එල් තරගාවලිය නැවත ආරම්භ කිරීම සඳහා සැප්තැම්බර් මාසයේ පමණක් අවස්ථාවක් තිබේ. නමුත් එම කාලය එංගලන්තයට සහ නවසීලන්තයට ජාත්‍යන්තර තරග බහුල සමයක් වනු ඇත.

නවසීලන්ත කණ්ඩායම සැප්තැම්බර් මාසයේදී පාකිස්තානය සමගින් එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 3 ක් ක්‍රීඩා කිරීම සඳහා එක්සත් අරාබී එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි. එංගලන්තය බංග්ලාදේශයේ සහ පාකිස්තානයේ තරග සංචාර සඳහා පිටත්ව යෑමට නියමිතය.

මෙම තරගාවලි වාර්ෂික තරග කාලසටහනට අයත් සංචාර බැවින් නවසීලන්යට හෝ එංගලන්තයට මෙම තරගාවලි අවලංගු කිරීමට හෝ කල් දැමීමට නොහැකිවනු ඇත.

අයි.පී.එල් තරගාවලිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේදී ආරම්භ වූ නමුත් දිල්ලි සහ හයිද්‍රාබාද් කණ්ඩායම්හි ජෛව බුබුලු තුල කොරෝනා වයිරසය ආසාදනය වීමේ සිද්ධීන් හේතුවෙන් තරග 29 ක් අවසන් වීමෙන් පසු මැයි 4 වැනිදා අයි.පී.එල්. තරගාවලිය අත්හිටවනු ලැබිණ. අයි.පී.එල් තරගාවලිය අත්හිටුවා ඇති නමුත් එය අවලංගු නොකරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවධාරණය කරයි.

අයි.පී.එල්. හි ඉතිරි තරග පැවැත්විමට නොහැකි වුවහොත් ඔවුන්ට සිදුවිය හැකි පාඩුව පිළිබඳව සභාපති සෞරව් ගංගුලි මහතා කතා කළ නමුත් එය නැවත පැවැත්වීමට සුදුසු ස්ථානයක් සහ වේලාවක් පිලිබඳව සලකා බැලීමට තවම කල් වැඩි යැයි ද පවසා ඇත. ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමේ අවස්ථාවක් ඔවුන්ට ඇත.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් නායක කේන් විලියම්සන් සහ මුම්බායි ඉන්දියන්ස් වේග පන්දු යවන්නකු වන ටේ‍රන්ට් බෝල්ට් නවසීලන්ත කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් වන අතර ඔවුන් පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී විශාල දායකත්වයක් දරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඔවුන් දෙදෙනාට අමතරව ඇඩම් මිල්න් (මුම්බායි ඉන්දියන්ස්), මිචෙල් සැන්ට්නර් (චෙන්නායි සුපර් කිංග්ස්), ලොකී ෆර්ගසන් (කොල්කටා නයිට් රයිඩර්ස්), ටිම් සේෆර්ට් (කොල්කටා නයිට් රයිඩර්ස්), ෆින් ඇලන් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්), කයිල් ජැමීසන් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්) යන ක්‍රීඩකයන්ටද ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි කොටස අහිමිව යනු ඇත.

එංගලන්ත කණ්ඩායමේ ගිවිසුම්ගත ක්‍රීඩකයින් වන නායක ඔයින් මෝගන්, බෙන් ස්ටොක්ස් සහ ජොස් බට්ලර් ඇතුළු අයි.පී.එල් තරගාවලියට එක්වූ ක්‍රීඩකයන්ට තරගාවලියේ ඉතිරි තරග මඟ හැරී යනු ඇති බව එංගලන්තයේ සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමණාකාර අධ්‍යක්ෂ ඈෂ්ලි ජයිල්ස් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

“එම සංචාරයන් නියමිත පරිදි ඉදිරියට ගියහොත් ඔවුන් (ක්‍රීඩකයන්) මෙහි පැමිණෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා. එංගලන්ත තරඟ සඳහා එංගලන්ත ක්‍රීඩකයින් සම්බන්ධ කර ගැනීම පිළිබඳව අපි සැලසුම් කරමින් සිටිනවා” ජයිල්ස් මහතා වැඩිදුරටත් පැවසීය.

අයි.පී.එල්. තරගාවලි කල් දැමීමෙන් පසු නැවත එංගලන්තට පැමිණි ජොස් බට්ලර්, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, ජොනී බෙයර්ස්ටෝ සහ මොයින් අලි මේ වන විට රජය විසින් අනුමත කරන ලද හෝටල්වල දින 10 ක නිරෝධායන කාලයක් ගත කරති.

ඔවුන් හැරුණු විට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් ද අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී නොවනු ඇත. එහෙත් බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට එම කාල සීමාවේදී ජාත්‍යන්තර තරග නොමැති බැවින් ඔවුන් අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි කොටස සඳහා එක්වීමට ඉඩ තිබේ.

- 2079

 


අදහස් (1)

අයි.පී.එල්. තරගාවලියට අලුත් අභියෝගයක්
  • වීරවිජේ Saturday, 15 May 2021 08:43 AM

    ක්‍රිකට් පිලිලේ IPL.. නැතිවුණු එක නං ‌හොඳටම හොඳයි..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.