Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයර්ලන්ත නායකයා වසර 11 කට පසු ඉවත්වෙයි

අයර්ලන්ත නායකයා වසර 11 කට පසු ඉවත්වෙයි

editorial - 2019 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 11 ක පමණ කාලයක් අයර්ලන්ත කණ්ඩායමේ ටෙස්ට් සහ එක්දින නායකයා වශයෙන් සිටි විලියම් පෝටර්ෆීල්ඞ් සිය තනතුරෙන් ඉවත් වී තිබේ. අයර්ලන්ත කණ්ඩායමේ මීළඟ නායකයා වශයෙන් ඇන්ඩෲ බැල්බිරින් තෝරාගනු ලැබ ඇත.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ලබන පෙබරවාරියේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේදී ඇන්ඩෲ බැල්බිරින් අයර්ලන්ත පිල මෙහෙයවීමට නියමිතය.

වසර 2008 දී ටේ‍රන්ට් ජොන්සන්ගෙන් නායකත්වය ලබාගත් පෝටර්ෆීල්ඞ්, තරග 253 කදී අයර්ලන්ත ජාතික කණ්ඩායම මෙහෙයවා තිබේ. එම කාලය අතරතුරදී අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවූ අතර පසුගිය මැයි මාසයේදී අයර්ලන්තය පාකිස්තානයට එරෙහිව සිය පළමු වැනි ටෙස්ට් තරගයට සහභාගි විය.

“වසර එකොළහමාරක් තිස්සේ මා ආ ගමන් මග අදහාගන්නත් බැරිතරම්. ඒක ඒ තරම්ම සුන්දර ගමනක්”
“ලෝක කුසලාන තරගාවලි කිහිපයකදීම අයර්ලන්ත පිලට නායකත්වය දෙන්නට ලැබීමත් විශේෂයෙන්ම පාකිස්තානයට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැති ටෙස්ට් තරගයේදී නායකත්වය දැරීමත් මගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීම්” යයි පෝටර්ෆීල්ඞ් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

මැදපෙළ පිතිකරුවකු වන ඇන්ඩෲ බැල්බිරින් කණඩායමේ නායකත්වය බාරගැනීමෙන් පසුව ඔහුගේ පළමු තරගාවලිය වන්නේ කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියකි. ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස මුල් සතියේදීය.

..


අදහස් (0)

අයර්ලන්ත නායකයා වසර 11 කට පසු ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.