Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අනුග්‍රාහකයකු සොයාගැනීම අසීරු වෙයි

අනුග්‍රාහකයකු සොයාගැනීම අසීරු වෙයි

editorial - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



කොරෝනා වසංගතයෙන් පසුව ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය නිසා නිල අනුග්‍රාහකයකු සොයා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කමිසයට සහිඞ් අෆ්රිඩි පදනමේ ලාංඡනය ඇතුළත් කිරීමට සිදුවී තිබේ. ටෙස්ට් සහ විස්සයි20 තරගාවලි දෙකක් සඳහා මේ වන විට එංගලන්තයට ගොස් සිටින පාකිස්තානු කණ්ඩායම සහිඞ් අෆ්රිඩි පදනමේ ලාංඡනය සහිතව ක්‍රීඩා කිරීමට නියමිතය.

“අපේ පදනම පාකිස්කිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සමාජ සත්කාර කටයුතු හා සම්බන්ධ පදනමක් වුවත්, ඔවුන් ක්‍රීඩකයන්ගේ ඇදුම්වලට අපේ ලාංඡනය ඇතුළත් කරන්න පියවර අරන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි හුඟක් සතුටට පත්වෙනවා.” යැයි අෆ්රිඩි කියා සිටියේය.

“ඒ වෙනුවෙන් අපි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයටත්, එහි ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් මහතාටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම එංගලන්තයේදී සාර්ථක තරග සංචාරයක් අවසන් කිරීමට සඳහා පාකිස්තාන කණ්ඩායමට අපි සුබ පතනවා.” යැයිද අෆ්රිඩිගේ පණිවිඩයේ සඳහන් වේ.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කොවිඞ්-19 වයිරසයෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති අතර පසුගිය කාල වකවානුවේදී ඔව්හු බහු ජාතික බීම සමාගමක් සමග අනුග්‍රාහයක් ලබාගැනීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් තැබීම සඳහා සාකච්ඡා කරමින් සිටියහ. එහෙත් එම සමාගම ඉදිරිපත් කර ඇති අනුග්‍රාහක මුදලේ වටිනාකම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වූ වටිනාකමට වඩා බෙහෙවින් අඩු අගයක් ගෙන ඇතැයි වාර්තා වේ.

පාකිස්තානය කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරග 3 කට සහ විස්සයි20 තරග 3 කට සහභාගි වීමට නියමිතය.


පාකිස්තානු පිලේ එංගලන්ත සංචාරයේ කාල සටහන

1 වැනි ටෙස්ට් තරගය  - අගෝස්තු 5 සිට 9 දක්වා මැන්චෙස්ටර්හි ඕල්ඞ්ට්‍රැෆර්ඞ්හිදී
2 වැනි ටෙස්ට් තරගය  - අගෝස්තු 13 දා සිට 17 දා දක්වා සදම්ප්ටන්හිදී
3 වැනි ටෙස්ට් තරගය  - අගෝස්තු 21 දා සිට 25 වැනිදා දක්වා සදම්ප්ටන්හිදී

- 036


අදහස් (0)

අනුග්‍රාහකයකු සොයාගැනීම අසීරු වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.