Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෘදයාබාධයක් හේතුවෙන්  කපිල් දේව් දිල්ලි රෝහලට

හෘදයාබාධයක් හේතුවෙන්  කපිල් දේව් දිල්ලි රෝහලට

editorial - 2020 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

හදිසියේම පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් ඉන්දිය ටෙස්ට් පිලේ හිටපු නායක කපිල් දේව් දිල්ලියේ රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබිණ. වසර 1983 පළමු වරට ක්‍රිකට් ලෝක කුසලාන දිනාගත් ඉන්දියානු කණ්ඩායමේ නායකත්වය දැරූ තුන් ඉරියව් ක්‍රීඩකයා මේ වනවිට යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව එම රෝහල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
 
“කපිල් දේව් මහතා අද (23 වැනිදා) අලුයම 1.00 ට පමණ හදිසි ප්‍රතිකාර අංශයට පැමිණියේ පපුවේ වේදනාවක් ඇති බව පවසමින්” යැයි රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
 
“හදිසි හෘදයාබාධ සඳහා ප්‍රතිකාර කරන ඇන්ජියෝප්ලාස්ටි හෘද රෝග අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අතුල් මාතූර් මහතා විසින් එවේලේදීම ඔහු පරීක්‍ෂා කරන ලදි. කපිල් දේව් මහතා දැනට දැඩි සත්කාර ඒකකයේ පසුවන අතර වෛද්‍ය අතුල් මාතූර් මහතා සහ ඔහුගේ කණ්ඩායමේ සමීප අධීක්ෂණය යටතේ ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටී”
 
“ඔහුට කිහිපයකින් නිවෙස බලා යෑමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ” යයිද එම නිවේදනයේ සඳහන් වේ.

“හර්යානා සීග්‍රඝාමියා”යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කපිල් දේව් මහතා 1994 දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගියේය. විශ්‍රාම යාමට පෙර ටෙස්ට් තරග 131 ක් සහ එක්දින තරග 225 ක් ක්‍රීඩා කර තිබූ කපිල් දේව් වරෙක ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙසින් ලෝක වාර්තාව හිමිකරගත්තේ ශ්‍රී ලංකා පිලේ හිටපු පිතිකරුවකු වන හෂාන් තිලකරත්න දවාගනිමිනි.
 
උපායශීලි මද වේග පන්දු යවන්නෙකු සහ නිදහසේ ලකුණු ලබාගන්නා පිතිකරුවෙකු වූ ඔහු 1983 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවේ ලෝඞ්ස්හි පැවැති අවසන් මහා තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමිනි.

මෑත කාළයේදී විස්තර විචාරක වැඩසටහන් වලට ක්‍රියාකාරී ලෙස දායක වී ඇති කපිල් දේව් මහතා ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ගොල්ෆ් ක්‍රීඩාවටද සම්බන්ධව සිටියේය. ජ්‍යෙෂ්ඨ ආධුනික ගොල්ෆ් ක්‍රීඩකයෙකු ලෙස ඔහු 2019 සැප්තැම්බර් මාසයේ පූනේහිදී පැවති ඒ.වී.ටී චැම්පියන්ස් තරගාවලියේදී 60-64 අතර වයස් කාණ්ඩ ශූරතාව දිනා ගත්තේය.
 
- 2079

 


අදහස් (0)

හෘදයාබාධයක් හේතුවෙන්  කපිල් දේව් දිල්ලි රෝහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.