Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්මිත්ට පේන්ගේ සහයෝගය

ස්මිත්ට පේන්ගේ සහයෝගය

editorial - 2020 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

.

හිටපු නායක ස්ටීවන් ස්මිත් යළිත් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භාරගන්නේ නම් ඔහුට “පූර්ණ සහයෝගය” ලබා දෙන බව ඕස්ටේ්‍රලියානු ටෙස්ට් නායක ටිම් පේන් පවසයි.

දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ හිටපු නායක ස්මිත්ට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමෙන් පසුව, 2018 මාර්තු මාසයේදී ටිම් පේන් නායකත්වය භාර ගත්තේය. ස්මිත්ගේ වසරක ක්‍රිකට් තහනම 2019 දී අවසන් වූ නමුත් නායකත්වය දැරීම සම්බන්ධයෙන් තහනම වසර දෙකක් දක්වා දුරට තිබිණ. පසුගිය ගිම්හානයේදී එංගලන්තයට එරෙහිව පැවැති අළු බඳුන තරගාවලියේදී නැවතත් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට එක්වූ 30 හැවිරිදි ස්මිත්ට එරෙහිව පැවැති ජාතික කණ්ඩායම මෙහෙයවීමේ වසර දෙකක තහනම දැන් අවසන් වී තිබේ.

“අයි.පී.එල්. හි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහ ‘ද හන්ඩ්‍රඞ්’ තරගාවලියේ වේල්ස් ෆයර් කණ්ඩායමේ නායකයා ලෙසද ඔහු කටයුතු කරයි; එය ඔහු කිරීමට කැමති දෙයක්,”
“ස්ටීව් ස්මිත් තමාට යා යුතු මාර්ගය තීරණය කළහොත් නැවත එය කිරීමට මා ඔහුට පූර්ණ සහාය දෙනවා.” යැයි පේන් පැවසීය.

පේන් නායකත්වය භාරගත් දා සිට ඕස්ටේ්‍රලියාව ටෙස්ට් තරග 10 ක් ජයගෙන ඇති අතර තරග 6 ක් පරාජයවී තරගයක් ජයපරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත. පකිස්තානය 2-0 ක් ලෙසත්, නවසීලන්තය 3-0 ක් ලෙසත් සිය රටේදී පරාජය කිරීමද මෙයට ඇතුළත් විය. එහෙත් ස්මිත්ගේ නායකත්වයේ වාර්තාව ඊට වඩා බෙහෙවින් සාර්ථක එකක්. 2014 සිට 2018 අතර කාලය දක්වා ටෙස්ට් තරග 36 ක් සඳහා ස්මිත් කණ්ඩායමට නායකත්වය දුන් අතර ජයග්‍රහණ 18 ක්, පරාජ 10 ක් සහ ජය පරාජයෙන් තොර තරග 6 ක් ඊට ඇතුළත්ව තිබිණ.

ඔහු නැවත කණ්ඩායමට පැමිණිමෙන් පසුව පසුගිය වසරේ පැවැති අළු බඳුන තරගාවලියේ ඕස්fටේ්‍රලියාව වෙනුවෙන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කරන ලද අතර, අළු බඳුන තරගාවලියේදී ලකුණු 774 ක් රැස් කළ ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ලකුණු 110.57 ක් විය.

ටෙස්ට් නායකත්වය සඳහා යළිත් පුරප්පාඩුවක් ඇතිවුවහොත් ඒ සඳහා පුහුණුකරු ජස්ටින් ලැන්ගර් සහ තේරීම් කමිටුව විසින් “අපට තෝරා ගත හැකි පුද්ගලයින් ගණනාවක් සංවර්ධනය කරමින් සිටින” බව පේන් තවදුරටත් පැවසීය.

දැනට ඒකාබද්ධ උප නායකයන් ලෙස කටයුතු කරන ට්‍රැවිස් හෙඞ් සහ පැට් කමින්ස් මෙන්ම පිතිකරු මානස් ලැබුස්චේන්ද ඊට සුදුසු පේක්ෂකයින් ලෙස ඔහු සඳහන් කළේය.

ජුනි මාසයේදී ටෙස්ට් තරග දෙකක තරගාවලියක් සඳහා ඕස්ටේ්‍රලියාව, බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතව ඇතත්, හොබාර්ට් හි පිහිටි සිය නිවසේ සිට වීඩියෝ ඇමතුමකින් මාධ්‍යවේදීන් අමතමින් සිටි පේන්, කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් සංචාරය අවලංගු කිරීමට හෝ කල් දැමීමට ඉඩ ඇති බව පිළිගත්තේය.

”ජුනි මාසයේදී එය සිදුවිය නොහැක්කක් බව වටහා ගැනීමට ඔබ අයින්ස්ටයින් විය යුතු නැත,” ඔහු තවදුරටත් පැවසීය.

...


අදහස් (0)

ස්මිත්ට පේන්ගේ සහයෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.