Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටෝක්ස්ට ටෙස්ට් තරග දෙකම මඟහැරෙයි

ස්ටෝක්ස්ට ටෙස්ට් තරග දෙකම මඟහැරෙයි

editorial - 2020 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අගෝස්තු 9 වැනිදා (රොයිටර්)

පෞද්ගලික හේතූන් මත එංගලන්ත පිලේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට පාකිස්තානයට එරෙහි පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවේ ඉතිරි කොටස මග හැරෙනු ඇතැයි එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. මේ සතිය අගදී ස්ටොක්ස් නවසීලන්තයට පියාසර කරන බවත් පාකිස්තානයට එරෙහි සදම්ප්ටන්හිදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ඔහුට මඟ හැරෙනු ඇති බවත් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි.

මෙම ටෙස්ට් තරග දෙක මේ මස 13 සහ 21 වැනිදා ආරම්භ වීමට නියමිතය.

විසිනම හැවිරිදි වියේ සිටින ස්ටෝක්ස් මේ වන විට ලෝකයේ සිටින විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ අතරේ ඉදිරියෙන්ම පසුවෙයි. ඔහු මේ ගිම්හානයේදී ටෙස්ට් තරග හතරටම සහභාගී වී ඇති අතර පසුගිය මාසයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එංගලන්ත කණ්ඩායමට නායකත්වයද දුන්නේය.

මේ අවස්ථාවේදී සියලු මාධ්‍යයන් ස්ටෝක්ස් පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරනු ඇ.තැයි තමන් අපේක්ෂා කරන බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය, නිවේදනය කරයි.

මැන්චෙස්ටර් නුවර ඕල්ඩ්ට්‍රැෆර්ඩ් හිදී පැවැති ආරම්භක ටෙස්ට් තරගය කඩුලු 3 කින් ජය ගැනීමෙන් පසුව එංගලන්තය පාකිස්තානයට එරෙහි තරගාවලියේදී 1-0ක් ලෙස ඉදිරියට පැමිණියේය. මෙම ජයත් සමගින් එංගලන්තයට අන්තර්ජාතික ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු 40 ක් එක්වූ අතර ඕස්ට්‍රේලියාවට ලකුණු 30 කින් ආසන්න වී සිටී.


අදහස් (0)

ස්ටෝක්ස්ට ටෙස්ට් තරග දෙකම මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.