Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෂෙහාන් - දසුන් සබඳතාව අපතේ යයි
සජීවි විචාරය

ෂෙහාන් - දසුන් සබඳතාව අපතේ යයි

editorial - 2019 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

...............................................................................................................................

ශ්‍රී ලංකාව පරදවා ලකුණු 67 ක ජයක් ලැබූ පාකිස්තානය තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වෙයි.

...............................................................................................................................

ඕවර 46.5 කදී - 10/238 

(නුවන් ප්‍රදීප් 00, ශදාබ් ඛාන් 9.5-0-76-2)

       

ශදාබ්ගේ 10 වැනි ඕවරයේ පස්වැනි පන්දු‍වේදී ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ඉෆ්තිකර් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමින් වනිඳු හසරංග ලකුණු 30 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 1 යි)

...............................................................................................................................

ඕවර 46 කදී - 9/232

(වනිඳු හසරංග 24, නුවන් ප්‍රදීප් 00, වහබ් රියාස් 9-0-27-1)

           

රියාස්ගේ නමවැනි ඕවරයේ තෙවැනි පන්දුවට වනිඳු හසරංගගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්. 

එම ඕවරයේ අවසන් පන්දු‍වේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ළහිරු කුමාර එක් ලකුණකට දැවී යයි.

11 වැනි පිතිකරුවා ලෙස නුවන් ප්‍රදීප් පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 45 කදී - 8/226

(වනිඳු හසරංග 19, ළහිරු කුමාර 00, ශදාබ් ඛාන් 9-0-70-1)

           

45 වැනි ඕවරය යැවීම සඳහා ශදාබ් ඛාන් කැඳවයි.

ශදාබ්ගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට එක්ට්‍රා කවර් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ වනිඳු හසරංගගෙන් තෙවැනි පන්දුවට විනිසුරුවන්ගේ හිසට ඉහළින් තවත් හයේ පහරක්.  

...............................................................................................................................

ඕවර 44 කදී - 8/212

(වනිඳු හසරංග 05, ළහිරු කුමාර 00, වහබ් රියාස් 8-0-21-0)

           

44 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් කැඳවයි.

රියාස්ගේ අටවැනි ඕවරය එක් ලකුණකට සීමා වෙයි.

...............................................................................................................................

ඕවර 43 කදී - 8/211

(වනිඳු හසරංග 04, ළහිරු කුමාර 00, උස්මාන් ෂින්වරි 10-1-51-5)

           

උස්මාන්ගේ 10 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමින් ඉසුරු උදාන එක් ලකුණකට දැවී යයි.

10 වැනි පිතිකරුවා ලෙස ළහිරු කුමාර පිටියට පිවිසෙයි.

 

...............................................................................................................................

ඕවර 42 කදී - 7/207

(වනිඳු හසරංග 01, ඉසුරු උදාන 01, ශදාබ් ඛාන් 8-0-56-1) 

           

42 වැනි ඕවරය යැවීම සඳහා ශදාබ් ඛාන් කැඳවයි.

ශදාබ්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවේදී ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ෆකාර් සමාන් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් ශානක ලකුණු 68 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 6 යි)

නමවැනි පිතිකරුවා ලෙස ඉසුරු උදාන පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 41 කදී - 6/205

(දසුන් ශානක 68, වනිඳු හසරංග 00, උස්මාන් ෂින්වරි 9-1-47-4)

           

උස්මාන්ගේ නමවැනි ඕවර‍යේ පස්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමින් ෂෙහාන් ජයසූරිය ලකුණු 96 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 7 යි)

අටවැනි පිතිකරුවා ලෙස වනිඳු හසරංග පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 40 කදී - 5/202

(ෂෙහාන් ජයසූරිය 95, දසුන් ශානක 66, වහබ් රියාස් 7-0-20-0)

           

40 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් කැඳවයි.

රියාස්ගේ හත්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 39 කදී - 5/198

(ෂෙහාන් ජයසූරිය 93, දසුන් ශානක 64, උස්මාන් ෂින්වරි 8-1-44-3)

           

39 වැනි ඕවරය යැවීම සඳහා උස්මාන් ෂින්වරි කැඳවයි.

උස්මාන්ගේ අටවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 38 කදී - 5/193

(ෂෙහාන් ජයසූරිය 90, දසුන් ශානක 62, ශදාබ් ඛාන් 7-0-54-0)

           

ශදාබ්ගේ හත්වැනි ඕවරයේ‍ දෙවැනි පන්දුවට කඩුලු රකින්නා අසලින් හතරේ පහරක්‍ එල්ල කළ ෂෙහාන් ජයසූරියගෙන් තෙවැනි පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

එම ඕවරය‍ේ අවසන් පන්දුවට දසුන් ශානකගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

විදුලි අලෝකය අඩාල වීම නිසා තරගය තාවකාලිකව නතර කරයි.

...............................................................................................................................

ඕවර 37.2 කදී - 5/184

(ෂෙහාන් ජයසූරිය 85, දසුන් ශානක 58, ශදාබ් ඛාන් 6.2-0-45-0)

   

ශදාබ්ගේ හත්වැනි ඕවරයේ‍ දෙවැනි පන්දුවට ෂෙහාන් ජයසූරියගෙන් කඩුලු රකින්නා අසලින් හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 37 කදී - 5/180

(ෂෙහාන් ජයසූරිය 81, දසුන් ශානක 58, ඉමාඩ් වසීම් 7-1-38-1)

           

වසීම්ගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට ෂෙහාන් ජයසූරියගෙන් ලොන් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ තෙවැනි පන්දුවට දසුන් ශානකගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 36 කදී - 5/169

(ෂෙහාන් ජයසූරිය 75, දසුන් ශානක 53, ශදාබ් ඛාන් 6-0-41-0)

           

36 වැනි ඕවරය යැවීම සඳහා ශදාබ් ඛාන් කැඳවයි.

ශදාබ්ගේ හයවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ෂෙහාන් ජයසූරියගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 35 කදී - 5/157

(ෂෙහාන් ජයසූරිය 65, දසුන් ශානක 53, ඉමාඩ් වසීම් 6-1-27-1)

           

35 වැනි ඕවරය යැවීම සඳහා ඉමාඩ් වසීම් කැඳවයි.

වසීම්ගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට දසුන් ශානකගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 64 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග දසුන් ශානක සිය තෙවැනි අර්ධ ශතකය ලබාගනී.

...............................................................................................................................

ඕවර 34 කදී - 5/151

(ෂෙහාන් ජයසූරිය 64, දසුන් ශානක 48, වහබ් රියාස් 6-0-16-0)

           

රියාස්ගේ හයවැනි ඕවරයටද ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 33 කදී - 5/147

(ෂෙහාන් ජයසූරිය 61, දසුන් ශානක 47, මොහොමඩ් අමීර් 7-1-21-1)

           

අමීර්ගේ හත්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ෂෙහාන් ජයසූරියගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 32 කදී - 5/140

(ෂෙහාන් ජයසූරිය 55, දසුන් ශානක 46, වහබ් රියාස් 5-0-12-0)

           

32 වැනි ඕවරය යැවීම සඳහා වයබ් රියාස් කැඳවයි.

රියාස්ගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 31 කදී - 5/136

(ෂෙහාන් ජයසූරිය 54, දසුන් ශානක 45, මොහොමඩ් අමීර් 6-1-14-1)

           

අමීර්ගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 30 කදී - 5/132

(ෂෙහාන් ජයසූරිය 51, දසුන් ශානක 44, උස්මාන් ෂින්වරි 7-1-39-3)

           

ෂින්වරිගේ හත්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

පන්දු 72 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ෂෙහාන් ජයසූරිය සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගනී.

...............................................................................................................................

ඕවර 29 කදී - 5/127

(ෂෙහාන් ජයසූරිය 48, දසුන් ශානක 42, මොහොමඩ් අමීර් 5-1-10-1)

           

29 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් අමීර් කැඳවයි.

අමීර්ගේ පස්වැනි ඕවරය ලකුණු 2 කට සීමා වෙයි.

...............................................................................................................................

ඕවර 28 කදී - 5/125

(ෂෙහාන් ජයසූරිය 47, දසුන් ශානක 41, උස්මාන් ෂින්වරි 6-1-34-3)

           

28 වැනි ඕවරය යැවීම සඳහා උස්මාන් ෂින්වරි කැඳවයි.

ෂින්වරිගේ හයවැනි ඕවරයේ තෙවැනි සහ සිවුවැනි පන්දුවලට තර්ඩ් මෑන් සහ ෆයින් ලෙග් කළාප හරහා පිට පිට හතරේ පහරක් එල්ල කළ දසුන් ශානකගෙන් පස්වැනි පන්දුවට මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

...............................................................................................................................

ඕවර 27 කදී - 5/107

(ෂෙහාන් ජයසූරිය 44, දසුන් ශානක 26, ශදාබ් ඛාන් 5-0-30-0)

           

ශදාබ්ගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට ෂෙහාන් ජයසූරියගෙන් ලොන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

...............................................................................................................................

ඕවර 26 කදී - 5/100

(ෂෙහාන් ජයසූරිය 37, දසුන් ශානක 26, ඉෆ්තිකර් අහමඩ් 4-1-9-0)

           

අහමඩ්ගේ සිවුවැනි ඕවරයටද ලකුණු 2 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 25 කදී - 5/98 

(ෂෙහාන් ජයසූරිය 37, දසුන් ශානක 24, ශදාබ් ඛාන් 4-0-23-0)

           

ශදාබ්ගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවට දසුන් ශානකගෙන් මිඩ් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

එම ඕවරයේ අවසන් පන්දුවට ෂෙහාන් ජයසූරියගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 24 කදී - 5/87

(ෂෙහාන් ජයසූරිය 33, දසුන් ශානක 17, ඉෆ්තිකර් අහමඩ් 3-1-07-0)

           

අහමඩ්ගේ තෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 23 කදී - 5/85

(ෂෙහාන් ජයසූරිය 32, දසුන් ශානක 16, ශදාබ් ඛාන් 3-0-12-0)

           

ශදාබ්ගේ තෙවැනි ඕවරයද ලකුණු 2 කට සීමා වෙයි.

...............................................................................................................................

ඕවර 22 කදී - 5/83

(ෂෙහාන් ජයසූරිය 31, දසුන් ශානක 15, ඉෆ්තිකර් අහමඩ් 2-1-05-0)

           

අහමඩ්ගේ දෙවැනි ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

...............................................................................................................................

ඕවර 21 කදී - 5/83

(ෂෙහාන් ජයසූරිය 31, දසුන් ශානක 15, ශදාබ් ඛාන් 2-0-10-0)

           

ශදාබ්ගේ දෙවැනි ඕවරය ලකුණු 2 කට සීමා වෙයි.

...............................................................................................................................

ඕවර 20 කදී - 5/81

(ෂෙහාන් ජයසූරිය 30, දසුන් ශානක 14, ඉෆ්තිකර් අහමඩ් 1-0-05-0)

           

20 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේඟ පන්දු යවන ක්‍රීඩක ඉෆ්තිකර් අහමඩ් කැඳවයි.

අහමඩ්ගේ පළමු ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 19 කදී - 5/76

(ෂෙහාන් ජයසූරිය 27, දසුන් ශානක 13, ශදාබ් ඛාන් 1-0-08-0)

           

19 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ශදාබ් ඛාන් කැඳවයි.

ශදාබ්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවට දසුන් ශානකගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 18 කදී - 5/68

(ෂෙහාන් ජයසූරිය 24, දසුන් ශානක 08, වහබ් රියාස් 4-0-10-0)

           

රියාස්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 17 කදී - 5/63

(ෂෙහාන් ජයසූරිය 21, දසුන් ශානක 07, ඉමාඩ් වසීම් 5-1-21-1)

           

ඉමාඩ්ගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 16 කදී - 5/60

(ෂෙහාන් ජයසූරිය 20, දසුන් ශානක 05, වහබ් රියාස් 3-0-06-0)

           

රියාස්ගේ තෙවැනි ඕවරයේ අවසන් පන්දුව ෂෙහාන් ජයසූරියගේ පාදයේ වැදී හතරේ සීමාව කරා ඇදී යයි.

...............................................................................................................................

ඕවර 15 කදී - 5/54

(ෂෙහාන් ජයසූරිය 19, දසුන් ශානක 04, ඉමාඩ් වසීම් 4-1-18-1)

           

ඉමාඩ්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 14 කදී - 5/49

(ෂෙහාන් ජයසූරිය 16, දසුන් ශානක 02, වහබ් රියාස් 2-0-04-0)

           

රියාස්ගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුව දසුන් ශාන‍කගේ පාදයේ වැදී හතරේ සීමාව කරා ඇදී යයි.

...............................................................................................................................

ඕවර 13 කදී - 5/44

(ෂෙහාන් ජයසූරිය 15, දසුන් ශානක 02, ඉමාඩ් වසීම් 3-1-13-1)

           

ඉමාඩ්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට ෂෙහාන් ජයසූරියගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 12 කදී - 5/39

(ෂෙහාන් ජයසූරිය 10, දසුන් ශානක 02, වහබ් රියාස් 1-0-03-0)

           

 

12 වැනි ඕවරය යැවීම සඳහා වමතින් ‍මඳ වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් කැඳවයි.

රියාස්ගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

...............................................................................................................................

ඕවර 11 කදී - 5/36

(ෂෙහාන් ජයසූරිය 07, දසුන් ශානක 02, ඉමාඩ් වසීම් 2-1-08-1)

           

ඉමාඩ්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඕෂධ ප්‍රනාන්දු එක් ලකුණකට දැවී යයි.

හත්වැනි පිතිකරැවා ලෙස දසුන් ශානක පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 10 කදී - 4/28

(ඕෂධ ප්‍රනාන්දු 01, ෂෙහාන් ජයසූරිය 01, උස්මාන් ‍ෂින්වරි 5-1-16-3)

         

ෂින්වරිගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුව ෂෙහාන් ජයසූරියගේ පාදයේ වැදී හතරේ සීමාව කරා ඇදී යයි.

...............................................................................................................................

ඕවර 9 කදී - 4/22

(ඕෂධ ප්‍රනාන්දු 00, ෂෙහාන් ජයසූරිය 00, ඉමාඩ් වසීම් 1-1-00-0)

           

නමවැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ඉමාඩ් වසීම් කැඳවයි.

ඉමාඩ්ගේ පළමු ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්වෙයි.

...............................................................................................................................

ඕවර 8 කදී - 4/22

(ඕෂධ ප්‍රනාන්දු 00, ෂෙහාන් ජයසූරිය 00, උස්මාන් ‍ෂින්වරි 4-1-14-3)

         

ෂින්වරිගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ෆකාර් සමාන් අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු නොළබා දැවී යයි.

පස්වැනි පිතිකරුවා ලෙස ළහිරු තිරිමාන්න පිටියට පිවිසෙයි.

එම ඕවරයේ අවසන් පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමින් ළහිරු තිරිමාන්න ලකුණු නොළබා දැවී යයි.

හයවැනි පිතිකරුවා ලෙස ෂෙහාන් ජයසූරිය පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 7 කදී - 2/22

(අවිෂ්ක ප්‍රනාන්දු 00, ඕෂධ ප්‍රනාන්දු 00, මොහොමඩ් අමීර් 4-1-08-1)

           

අමීර්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ඉමාඩ් වසීම් අතට උඩ පන්දුවක් දෙමින් ධනුෂ්ක ගුණතිලක ලකුණු 14 කට දැවී යයි. (හ‍තරේ පහර 2 යි)

සිවුවැනි පිතිකරුවා ලෙස ඕෂධ ප්‍රනාන්දු පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 6 කදී - 1/22

(ධනුෂ්ක ගුණතිලක 14, අවිෂ්ක ප්‍රනාන්දු 00, උස්මාන් ‍ෂින්වරි 3-0-14-1)

         

ෂින්වරිගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 5 කදී - 1/19

(ධනුෂ්ක ගුණතිලක 11, අවිෂ්ක ප්‍රනාන්දු 00, මොහොමඩ් අමීර් 3-0-08-0)

           

අමීර්ගේ තෙවැනි ඕවරය ලකුණකට සීමා වෙයි.
...............................................................................................................................

ඕවර 4 කදී - 1/18

(ධනුෂ්ක ගුණතිලක 10, අවිෂ්ක ප්‍රනාන්දු 00, උස්මාන් ‍ෂින්වරි 2-0-11-1)

         

ෂින්වරිගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට සධීර සමරවික්‍රමගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ අවසන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් සධීර සමරවික්‍රම ලකුණු 6 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

තෙවැනි පිතිකරුවා ලෙස අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 3 කදී - 0/14

(ධනුෂ්ක ගුණතිලක 10, සධීර සමරවික්‍රම 02, මොහොමඩ් අමීර් 2-0-07-0)

           

අමීර්ගේ දෙවැනි ඕවරය ලකුණු 2 කට සීමා වෙයි.

...............................................................................................................................

ඕවර 2 කදී - 0/12

(ධනුෂ්ක ගුණතිලක 10, සධීර සමරවික්‍රම 01, උස්මාන් ‍ෂින්වරි 1-0-07-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා ‍වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක උස්මාන් ‍ෂින්වරි කැඳවයි.

ෂින්වරිගේ පළමු ඕවරයේ අවසන් පන්දුවටම ධනුෂ්ක ගුණතිලකගෙන් ඩීප් ස්කු‍වෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 1 කදී - 0/5

(ධනුෂ්ක ගුණතිලක 04, සධීර සමරවික්‍රම 00, මොහොමඩ් අමීර් 1-0-05-0)

         

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා ධනුෂ්ක ගුණතිලක සහ සධීර සමරවික්‍රම පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා ‍වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් කැඳවයි.

අමීර්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවටම ධනුෂ්ක ගුණතිලකගෙන් එක්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 306 ක ඉලක්කයක්

...............................................................................................................................

ඕවර 50 කදී - 7/305

(ඉෆ්තිකාර් අහමඩ් 32, නුවන් ප්‍රදීප් 9-0-59-0)

          

ප්‍රදීප්ගේ නමවැනි ඕවරයේ පළමු පන්දුව ඉෆ්තිකාර් අහමඩ්ගේ පාදයේ වැදී හතරේ සීමාව ‍කරා ඇදී යයි.

එම ඕවරයේ ‍දෙවැනි පන්දුවට ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ ඉෆ්තිකාර් අහමඩ්ගෙන් පස්වැනි පන්දුවට ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් තවත් හයේ පහරක්.

අවසන් පන්දුවේදී ලකුණු ‍2 ක් ලබා සිටි වහබ් රියාස් දුවද්දී දවාගැනීමකට හසුකරගැනීමට නුවන් ප්‍රදීප් සමත් වෙයි.

...............................................................................................................................

ඕවර 49 කදී - 6/285

(ඉෆ්තිකාර් අහමඩ් 17, වහබ් රියාස් 02, ඉසුරු උදාන 9-0-60-1)

         

උදානගේ නමවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි ඕෂධ ප්‍රනාන්දු අත‍ට උඩ පන්දුවක් දෙමින් ඉමාඩ් වසීම් ලකුණු 12 කට දැවි යයි. (හතරේ පහර 2 යි)

අටවැනි පිතිකරුවා ලෙස වහබ් රියාස් පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 48 කදී - 5/276

(ඉෆ්තිකාර් අහමඩ් 11, ඉමාඩ් වසීම් 11, නුවන් ප්‍රදීප් 8-0-44-0)

          

ප්‍රදීප්ගේ අටවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ඉමාඩ් වසීම්ගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 47 කදී - 5/269

(ඉෆ්තිකාර් අහමඩ් 10, ඉමාඩ් වසීම් 05, ඉසුරු උදාන 8-0-51-0)

          

උදානගේ අටවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඉමාඩ් වසීම්ගෙන් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 46 කදී - 5/262

(ඉෆ්තිකාර් අහමඩ් 09, ඉමාඩ් වසීම් 00, ළහිරු කුමාර 10-0-59-1)

          

ළහිරුගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට බාබර් අසාම්ගෙන් ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

එම ඕවරයේ පස්වැනි පන්දුවේදී මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි වනිඳු හසරංග අතට උඩ පන්දුවක් දෙමින් බාබර් අසාම් ලකුණු 115 කට දැවී යයි. (හයේ පහර 4 යි, හතරේ පහර 8 යි)

හත්වැනි පිතිකරුවා ලෙස ඉමාඩ් වසීම් පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 45 කදී - 4/251

(බාබර් අසාම් 108, ඉෆ්තිකාර් අහමඩ් 07, ඉසුරු උදාන 7-0-44-0)

          

උදානගේ හත්වැනි ඕවරයේ අවසන් පන්දුවට ඉෆ්තිකාර් අහමඩ්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 44 කදී - 4/242

(බාබර් අසාම් 98, ඉෆ්තිකාර් අහමඩ් 00, ළහිරු කුමාර 9-0-35-0)

          

44 වැනි ඕවරය යැවීම සඳහා ළහිරු කුමාර කැඳවයි.

ළහිරුගේ නමවැනි ඕවරයේ දෙවැනි පන්දුවට පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ බාබර් අසාම්ගෙන් තෙවැනි පන්දුවට ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

ලකුණු 8 ක් ලබා සිටි සර්ෆරාස් අහමඩ් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ළහිරු තිරිමාන්න සමත් වෙයි.

හයවැනි පිතිකරු ලෙස ඉෆ්තිකාර් අහමඩ් පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 43 කදී - 3/233

(බාබර් අසාම් 98, සර්ෆරාස් අහමඩ් 08, ඉසුරු උදාන 6-0-35-0)

          

43 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි.

උදානගේ හයවැනි ඕව‍රයට ලකුණු 6 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 42 කදී - 3/227

(බාබර් අසාම් 97, සර්ෆරාස් අහමඩ් 03, නුවන් ප්‍රදීප් 7-0-37-0)

          

ප්‍රදීප්ගේ හත්වැනි ඕව‍රයේ පළමු පන්දුවට බාබර් අසාම්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 41 කදී - 3/219

(බාබර් අසාම් 91, සර්ෆරාස් අහමඩ් 01, වනිඳු හසරංග 10-0-63-2)

          

වනිඳුගේ 10 වැනි ඕවරය ලකුණු 3 කට සීමා වෙයි.

...............................................................................................................................

ඕවර 40 කදී - 3/216

(බාබර් අසාම් 89, සර්ෆරාස් අහමඩ් 00, නුවන් ප්‍රදීප් 6-0-29-0)

          

40 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි.

ප්‍රදීප්ගේ හයවැනි ඕවරය ලකුණු 2 කට සීමා වෙයි.

ලකුණු 40 ක් ලබා සිටි හාරිස් සොහේල් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට සධීර සමරවික්‍රම සහ නුවන් ප්‍රදීප් සමත්‍ වෙති. (හ‍තරේ පහර 1 යි)

පස්වැනි පිතිකරුවා ලෙස සර්ෆරාස් අහමඩ් පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 39 කදී - 2/214

(බාබර් අසාම් 88, හාරිස් සොහේල් 39, වනිඳු හසරංග 9-0-60-2)

          

වනිඳුගේ නමවැනි ඕවරයේ දෙවැනි පන්දුවට හාරිස් සොහේල්ගෙන් ඩීප් එක්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 38 කදී - 2/206

(බාබර් අසාම් 85, හාරිස් සොහේල් 34, ෂෙහාන් ජයසූරිය 10-1-48-0)

          

ෂෙහාන්ගේ 10 වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 37 කදී - 2/201

(බාබර් අසාම් 82, හාරිස් සොහේල් 32, වනිඳු හසරංග 8-0-52-0)

          

37 වැනි ඕවරය යැවීම සඳහා වනිඳු හසරංග කැඳවයි.

වනිඳුගේ අටවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 36 කදී - 2/196

(බාබර් අසාම් 79, හාරිස් සොහේල් 30, ෂෙහාන් ජයසූරිය 9-1-43-0)

          

36 වැනි ඕවරය යැවීම සඳහා ෂෙහාන් ජයසූරිය කැඳවයි.

ෂෙහාන්ගේ නමවැනි ඕවරයට ලකුණු 8 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 35 කදී - 2/188

(බාබර් අසාම් 77, හාරිස් සොහේල් 24, ළහිරු කුමාර 8-0-41-0)

         

ළහිරුගේ අටවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 34 කදී - 2/183 

(බාබර් අසාම් 74, හාරිස් සොහේල් 22, වනිඳු හසරංග 7-0-47-2)

          

34 වැනි ඕවරය යැවීම සඳහා වනිඳු හසරංග කැඳවයි.

වනිඳුගේ හත්වැනි ඕවරයේ ‍සිවුවැනි පන්දුවට ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ බාබර් අසාම්ගෙන් අවසන් පන්දුවට ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් තවත් හයේ පහරක්.

...............................................................................................................................

ඕවර 33 කදී - 2/166

(බාබර් අසාම් 60, හාරිස් සොහේල් 20, ළහිරු කුමාර 7-0-36-0)

         

ළහිරුගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට බාබර් අසාම්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 32 කදී - 2/159

(බාබර් අසාම් 54, හාරිස් සොහේල් 19, ෂෙහාන් ජයසූරිය 8-1-35-0)

         

ෂෙහාන්ගේ අටවැනි ඕවරයටද ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 31 කදී - 2/155

(බාබර් අසාම් 52, හාරිස් සොහේල් 17, ළහිරු කුමාර 6-0-29-0)

         

31 වැනි ඕවරය යැවීම සඳහා ළහිරු කුමර කැඳවයි.

ළහිරුගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට බාබර් අසාම්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 55  කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් බාබර් අසාම් සිය 16 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

...............................................................................................................................

ඕවර 30 කදී - 2/146

(බාබර් අසාම් 46, හාරිස් සොහේල් 15, ෂෙහාන් ජයසූරිය 7-1-31-0)

         

ෂෙහාන්ගේ හත්වැනි ඕවරයටද ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 29 කදී - 2/142

(බාබර් අසාම් 43, හාරිස් සොහේල් 14, ඉසුරු උදාන 5-0-29-0)

         

උදානගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 28 කදී - 2/139

(බාබර් අසාම් 41, හාරිස් සොහේල් 13, ෂෙහාන් ජයසූරිය 6-1-27-0)

         

ෂෙහාන්ගේ හයවැනි ඕවරයටද ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 27 කදී - 2/135

(බාබර් අසාම් 39, හාරිස් සොහේල් 11, ඉසුරු උදාන 4-0-26-0)

         

26 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි.

උදානගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට බාබර් අසාම්ගෙන් ලෝන් ඕන් කාළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 26 කදී - 2/127

(බාබර් අසාම් 31, හාරිස් සොහේල් 11, ෂෙහාන් ජයසූරිය 5-1-23-0)

         

26 වැනි ඕවරය යැවීම සඳහා ෂෙහාන් ජයසූරිය කැඳවයි.

ෂෙහාන්ගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 25 කදී - 2/123

(බාබර් අසාම් 29, හාරිස් සොහේල් 09, වනිඳු හසරංග 6-0-30-2)

         

වනිඳුගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 24 කදී - 2/119 

(බාබර් අසාම් 28, හාරිස් සොහේල් 06, නුවන් ප්‍රදීප් 5-0-27-0)

         

ප්‍රදීප්ගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට බාබර් අසාම්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 23 කදී - 2/109

(බාබර් අසාම් 21, හාරිස් සොහේල් 03, වනිඳු හසරංග 5-0-26-2)

         

වනිඳුගේ පස්වැනි ඕවරය ලකුණු 2 කට සීමා වෙයි.

...............................................................................................................................

ඕවර 22 කදී - 2/107 

(බාබර් අසාම් 20, හාරිස් සොහේල් 02, නුවන් ප්‍රදීප් 4-0-17-0)

         

22 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි.

ප්‍රදීප්ගේ සිවුවැනි ඕවරය ලකුණු 2 කට සීමා වෙයි.

...............................................................................................................................

ඕවර 21 කදී - 2/105

(බාබර් අසාම් 19, හාරිස් සොහේල් 01, වනිඳු හසරංග 4-0-24-2)

         

වනිඳුගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ඉසුරු උදාන අතට උඩ පන්දුවක් දෙමින් ෆකාර් සමාන් ලකුණු 54 කට දැවී යයි. (හයේ පහර 1 යි,  හතරේ පහර 6 යි)

සිවුවැනි පිතිකරුවා ලෙස හාරිස් සොහෙපිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 20 කදී - 1/99

(ෆකාර් සමාන් 51, බාබර් අසාම් 17, ළහිරු කුමාර 5-0-21-0)

         

ළහිරුගේ පස්වැනි ඕවරය ලකුණු 2 කට සීමා වෙයි.

...............................................................................................................................

ඕවර 19 කදී - 1/97

(ෆකාර් සමාන් 50, බාබර් අසාම් 16, වනිඳු හසරංග 3-0-18-1)

         

වනිඳුගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට බාබර් අසාම්ගෙන් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

එව ඕවරයේ සිවුවැනි පන්දුවට ෆකාර් සමාන්ගෙන් ඩීප් එක්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ෆකාර් සමාන් සිය 11 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගනී.

...............................................................................................................................

ඕවර 18 කදී - 1/85

(ෆකාර් සමාන් 45, බාබර් අසාම් 09, ළහිරු කුමාර 4-0-19-0)

         

18 වැනි ඕවරය යැවීම සඳහා ළහිරු කුමාර කැඳවයි.

ළහිරුගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවට බාබර් අසාම්ගෙන් මිඩ් ඕන් කලාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 17 කදී - 1/80

(ෆකාර් සමාන් 45, බාබර් අසාම් 04, වනිඳු හසරංග 2-0-06-1)

         

වනිඳුගේ දෙවැනි ඕවරය ලකුණු 2 කට සීමා වෙයි.

...............................................................................................................................

ඕවර 16 කදී - 1/78

(ෆකාර් සමාන් 44, බාබර් අසාම් 03, ධනුෂ්ක ගුණතිලක 2-0-08-0)

         

ධනුෂ්කගේ දෙවැනි ඕවරයටද ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 15 කදී - 1/74

(ෆකාර් සමාන් 42, බාබර් අසාම් 01, වනිඳු හසරංග 1-0-04-1)

         

15 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග කැඳවයි.

වනිඳුගේ පළමු ඕවරයේ ‍සිවුවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඉමාම් උල්හක් ලකුණු 31 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

තෙවැනි පිතිකරුවා ලෙස බබර් අසාම් පිටියට පිවිසෙයි.

...............................................................................................................................

ඕවර 14 කදී - 0/70

(ෆකාර් සමාන් 41, ඉමාම් උල්හක් 29, ධනුෂ්ක ගුණතිලක 1-0-04-0)

         

14 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කැඳවයි.

ධනුෂ්කගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 13 කදී - 0/66

(ෆකාර් සමාන් 39, ඉමාම් උල්හක් 27, ළහිරු කුමාර 3-0-14-0)

         

ළහිරුගේ තෙවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 12 කදී - 0/59

(ෆකාර් සමාන් 36, ඉමාම් උල්හක් 23, ඉසුරු උදාන 3-0-18-0)

         

උදානගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට ෆකාර් සමාන්ගෙන් ‍ෆයින් ලෙග් කළාපය  හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 11 කදී - 0/53

(ෆකාර් සමාන් 31, ඉමාම් උල්හක් 22, ළහිරු කුමාර 2-0-07-0)

         

ළහිරුගේ දෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 10 කදී - 0/47

(ෆකාර් සමාන් 29, ඉමාම් උල්හක් 18, ඉසුරු උදාන 2-0-12-0)

         

උදානගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 9 කදී - 0/44

(ෆකාර් සමාන් 28, ඉමාම් උල්හක් 16, ළහිරු කුමාර 1-0-01-0)

         

නමවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කැඳවයි.

ළහිරුගේ පළමු ඕවරයට එක් ලකුණකට සීමා වෙයි.

...............................................................................................................................

ඕවර 8 කදී - 0/43

(ෆකාර් සමාන් 28, ඉමාම් උල්හක් 15, ඉසුරු උදාන 1-0-09-0)

         

අටවැනි ඕවරය යැවීම සඳහා වමතින් ‍මඳ‍ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන කැඳවයි.

උදානගේ පළමු ඕවරයේ ‍දෙවැනි පන්දුවට ‍ෂෝට් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ෆකාර් සමාන්ගෙන් පස්වැනි පන්දුවට එක්ට්‍රා කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 7 කදී - 0/34

(ෆකාර් සමාන් 20, ඉමාම් උල්හක් 14, ෂෙහාන් ජයූසූරිය 4-1-19-0)

         

ෂෙහාන්ගේ සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවට ෆකාර් සමාන්ගෙන් ‍ලෝන් ඕෆ් කළාපය  හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 6 කදී - 0/27

(ෆකාර් සමාන් 15, ඉමාම් උල්හක් 12, නුවන් ප්‍රදීප් 3-0-15-0)

         

ප්‍රදීප්ගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ෆසමාන්ගෙන් ලොන් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 5 කදී - 0/22

(ෆකාර් සමාන් 11, ඉමාම් උල්හක් 11, ෂෙහාන් ජයූසූරිය 3-1-12-0)

         

ෂෙහාන්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට ෆකාර් සමාන්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

...............................................................................................................................

ඕවර 4 කදී - 0/14

(ෆකාර් සමාන් 04, ඉමාම් උල්හක් 10, නුවන් ප්‍රදීප් 2-0-10-0)

         

ප්‍රදීප්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඉමාම් උල්හක්ගෙන් ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................

ඕවර 3 කදී - 0/8

(ෆකාර් සමාන් 03, ඉමාම් උල්හක් 05, ෂෙහාන් ජයූසූරිය 2-1-04-0)

         

ෂෙහාන්ගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 2 කදී - 0/4

(ෆකාර් සමාන් 01, ඉමාම් උල්හක් 03, නුවන් ප්‍රදීප් 1-0-04-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා ‍දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කැඳවයි.

ප්‍රදීප්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...............................................................................................................................

ඕවර 1 කදී - 0/0

(ෆකාර් සමාන් 00, ඉමාම් උල්හක් 00, ෂෙහාන් ජයූසූරිය 1-1-00-0)

         

පාකිස්තාන ඉනිම ආරම්භ කිරීම සඳහා ෆකාර් සමාන් සහ ඉමාම් උල්හක් පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා ‍පිට දඟ පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය කැඳවයි.

ෂෙහාන්ගේ පළමු ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

...............................................................................................................................

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර කරච්චි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆරාස් අහමඩ් පන්දුවට පහරදීමට තීරණය කළේය.

පාකිස්තාන කණ්ඩායම

සර්ෆරාස් අහමඩ් (නායක), ෆකාර් සමාන්, ඉමාම් උල්හක්, බාබර් අසාම්, හාරිස් සොහේල්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, වහබ් රියාස්, ශදාබ් ඛාන්, මොහොමඩ් අමීර් සහ උස්මාන් ෂින්වරි

ශ්‍රී ලංකා කණ්ඩායම

ළහිරු තිරිමාන්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, ඉසුරු උදාන, වනිඳු හසරංග, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර


අදහස් (0)

ෂෙහාන් - දසුන් සබඳතාව අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.