Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා නැඟීඑන පන්දු යවන්නෝ වෙහෙසට පත්වෙති

ශ්‍රී ලංකා නැඟීඑන පන්දු යවන්නෝ වෙහෙසට පත්වෙති

editorial - 2019 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම අතර පොචෙස්ට්‍රෝම්හිදී අද (18 වැනිදා) ආරම්භවූ සිවුදින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම පළමු දිනය අවසන් වනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 281 ක් රැස්කිරීමට සමත්විය.

රේනාඞ් වැන්ටොන්ඩර් ලකුණු 67 ක් සහ සිබොනෙලෝ මඛන්යා ලකුණු 7 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ මැතිව් බි්‍රට්ස්කේ පළමු කඩුල්ල සඳහා ජනේමාන් මාලන් සමගින් එක්ව ලකුණු 145 ක සම්බන්ධතාවයක් සහ රේනාඞ් වැන්ටොන්ඩර් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 114 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

මැතිව් බි්‍රට්ස්කේ ලකුණු 114 ක් රැස්කර සිටියදී චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ මිනෝද් භානුක අතට උඩපන්දු දෙමින් දැවීයන විට පන්දු 187 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය.

අර්ධ ශතකයක් ලබාගනිමින් දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජනේමාන් මාලන් ලකුණු 75 ක් රැස්කර සිටියදී මොහොමඞ් ශිරාස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. පන්දු 93 කට මුහුණදුන් මාලන්ගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමේ නායක චරිත් අසලංක පන්දු යවන්නන් 5 දෙනෙකු යොදාගත්තද දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායමේ පිතිකරුවන් හමුවේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට ඔවුන් අපොහොසත් වූහ.

පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තණතීරුවට ජලය කාන්දුවීමක් සිදුවීම නිසා තරගය ආරම්භය පමාවූ අතර පළමු දිනයෙන් ඕවර 22 ක් අහිමිවිය.

දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම - ඕවර 68 කදී කඩුලු 3 ක් දැවී 281
(ජනේමාන් මාලන් 75, මැතිව් බ්‍රිට්ස්කේ 114, රේනාඞ් වැන්ටොන්ඩර් නොදැවී 67)


අදහස් (0)

ශ්‍රී ලංකා නැඟීඑන පන්දු යවන්නෝ වෙහෙසට පත්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.