Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශතකලාභීන් අතර සංගා 5 වැනි තැනට

ශතකලාභීන් අතර සංගා 5 වැනි තැනට

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වන අද ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාර සිය 34 වැනි ටෙස්ට් ශතකය රැස්කරමින් ලෝක ටේස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් ශතක ලාභීන් අතර පස්වැනි ස්ථානයට පත්විය.

සංගක්කාර මේ තරගයට පෙර ශතක 33 ක් රැස්කරමින් හත්වැනි ස්ථානයේ පසු විය.
 
කුමාර් සංගක්කාර මෙන්ම ටෙස්ට් පිටියේ සිටි අද්වීතීය පිතිකරුවන් වන සුනිල් ගවස්කාර් සහ බ‍්‍රයන් ලාරාද ටෙස්ට් ශතක 34 බැගින් වාර්තා කර තිබේ. නමුත් සංගක්කාර තරග 122 කදී ශතක 34 සම්පූර්ණ කළ හෙයින් ගවස්කාර්ට (තරග 125 කදී) සහ බ‍්‍රයන් ලාරාට (තරග 131 කදී) වඩා ඉදිරියට පැමිණ සිටී.

ඉන්දීය පිතිකරු සුනිල් ගවස්කාර් 1987 දී සිය 29 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට පෙර බොහෝ දෙනා විසින් සලකන ලද්දේ එය පසුකර යා නොහැකි කඩයමක් ලෙසිනි. එහෙත් සුනිල් ගවස්කාර් පසුව එම වාර්තාව ටෙස්ට් ශතක 34 දක්වා ඉදිරියට ගෙන ගිය අතර ගවස්කාර්ගෙන් පසුව ටෙස්ට් පිතිකරුවෝ 9 දෙනෙක් ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් පසුකර ගියහ.

කෙසේ වෙතත් බ‍්‍රැඞ්මන් පසුකර ගිය සෙසු සියලූම පිතිකරුවන් ටෙස්ට් තරග 100 කට වඩා කී‍්‍රඩා කර ඇතත් බ‍්‍රැඞ්මන් එම ශතක 29 සඳහා සහභාගි වී ඇත්තේ ටෙස්ට් තරග 52 කට පමණි. ඔහුගේ විශිෂ්ටත්වයද එයමය.

 

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් ශතක 29 පසුකර ගිය පිතිකරුවෝ
ක්‍රීඩකයා තරග ලකුණු ශතක  අ. ශතක 
සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව)  200 15,921 51 68
ජැක් කලිස් (දකුණු අප්‍රිකාව)  166 13,289 45 58
රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව)  168 13,378 41 62
රාහුල් ද්‍රාවිඩ් (ඉන්දියාව)  164 13,288 36 63
කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)  122 10,836 34 45
සුනිල් ගවස්කාර් (ඉන්දියාව)  125 10,122 34 45
බ්‍රයන් ලාරා (බ.ඉ.කො.) 131 11,953 34 48
මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)  143 11,307 33 46
ස්ටීව් වෝ (ඕස්ට්‍රේලියාව)  168 10,927 32 50
මැතිව් හේඩ්න් (ඕස්ට්‍රේලියාව)  103 8,625 30 29
ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඕස්ට්‍රේලියාව)  52 6,996 29 13


- 048

 


අදහස් (1)

ශතකලාභීන් අතර සංගා 5 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.