Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෝනර් ත්‍රිත්ව ශතකයක් ලබාගනී

වෝනර් ත්‍රිත්ව ශතකයක් ලබාගනී

editorial - 2019 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (30 වැනිදා) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ත්‍රිත්ව ශතකය ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් (නොදැවී 335) සමත් විය.

දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 96 ක් ලබා ඉතා අසීරු තත්වයකට පත්ව සිටියේය. පාකිස්තාන කණ්ඩායම එම තත්වයට ඇද දැමූ මිචෙල් ස්ටාක් ලකුණු 22 කට කඩුලු 4 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

පළමු දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 302 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 287 ක් එක්කර ගත්හ. එහිදී තරමක් වේගවත් පිහිරහඹයක නිරත වූ ඩේවිඩ් වෝනර්, හයේ පහරක් සහ හතරේ පහර 39 ක් සමග ත්‍රිත්ව ශතකයක් ලබාගත්තේ 80.14 ක ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවාගනිමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 8 ක් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ පළමු කඩුල්ල ලෙස ජෝ බර්න්ස් (4) දැවී ගියද, එතැන් පටන් මානස් ලැබුස්චේන් (162) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 361 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමට වෝනර් සමත් විය. ලැබුස්චේන්ගේ දෙවැනි ටෙස්ට් ශතකය හතරේ පහර 22 කින් සමන්විත විය.

ඉන් නොනැවතුණ වෝනර්, තෙවැනි කඩුල්ල සඳහා ස්ටීවන් ස්මිත් (36) සමග එක්ව ලකුණු 121 ක්ද, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් මැතිව් වේඞ් (නොදැවී 38) සමග එක්ව ලකුණු 99 ක්ද එක්කර මින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 600 සීමාව ආසන්නයටම රැගෙන ආවේය. ස්මිත් හතරේ පහර 2 ක්ද සමගද, වේඞ් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගද ලකුණු රැස්කළහ.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 589
(ඩේවිඩ් වෝනර් නොදැවී 335, මානස් ලැබුස්චේන් 162, ස්ටීවන් ස්මිත් 36, මැතිව් වේඞ් නොදැවී 38, ශහීන් අෆ්රිඩි 88/3)

පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 96
(ශාන් මක්සූද් 19, බාබර් අසාම් නොදැවී 43, මිචෙල් ස්ටාක් 22/4)

-036

 


අදහස් (0)

වෝනර් ත්‍රිත්ව ශතකයක් ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.