Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු වාස්

වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු වාස්

editorial - 2021 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් හිටපු වේග පන්දු යවන්නකු වූ චමින්ද වාස් නැවතත් පත්කර තිබේ. ලබන 23 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරයේදී චමින්ද වාස් වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් ජාතික කණ්ඩායමට එක්වනු ඇත.

ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වූ ඩේවිඩ් ෂේකර් මහතා පසුගියදා සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ඒ සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ පෞද්ගලික හේතු මත සිය නතතුරෙන් ඉල්ලා අස්වන බවයි.

මීට පෙරද ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ චමින්ද වාස් මහතා 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එම තනතුර හැර ගියේය. හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුගෙන් අපේක්‍ෂිත සහයෝගය නොලැබීම වාස්ගේ ඉල්ලා අස්වීමට තදින්ම බලපෑවේය. පසුව ඔහු උසස් දස්කම් මධ්‍යස්ථානයේ සේවය කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ සහ නැගී එන කණ්ඩායම්වල ක්‍රීඩකයන් සමග කටයුතු කළේය.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ සාර්ථකම වේග පන්දු යවන්නා වන චමින්ද වාස් ටෙස්ට් කඩුලු 355 ක් සහ එක්දින අන්තර්ජාතික කඩුලු 400 ක් දවාගත් වමතින් වේග පන්දු යවන්නෙකි.

- 213


අදහස් (0)

වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු වාස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.