Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි-20 නායකත්වය තාවකාලිකව මැතිව්ස්ට

විස්සයි-20 නායකත්වය තාවකාලිකව මැතිව්ස්ට

දමින්ද විජේසූරිය - 2021 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ නයකයා වශයෙන් ඇන්ජලෝ මැතිව්ස් තාවකාලිකව පත්කර තිබේ. ඇමරිකාව හරහා යාමට වීසා නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායක දසුන් ශානකට ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ඇන්ටිගුවා බලා යාමට නොහැකි විය. ඔහු තවමත් ශ්‍රී ලංකාවේ රැඳී සිටී.

දසුන්ට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්විය නොහැකි වූ හෙයින් කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් තේරීම් කමිටු නිලධාරීහු සාකච්ඡා කරමින් සිටියහ.

විස්සයි-20 තරග වලදී ශ්‍රී ලංකා පිල මෙහෙයවා ඇති ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා යන තිදෙනාම කණ්ඩායමේ සිටි නමුත් දිගින් දිගටම පරාජය වීමේ විශාල අගාධයක වැටී සිටින අතරම පවතින අභ්‍යන්තර වියවුල් හේතුවෙන් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩයමේ නායකත්වය එකිනෙකා අතර සීරු-මාරු කිරීමට තේරීම් කමිටු නිලධාරීහු අකමැත්තෙන් සිටියහ.

මෙම තත්ත්වය හේතුවෙන් ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්නගේ නමද සාකච්ඡාවට භාජනය විය. කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න මේ දක්වා එකම විස්සයි-20 අන්තර්ජාතික තරගයකට හෝ සහභාගි වී නොතිබීම සැලකිල්ලට ලක්ව ඇති ප්‍රධාන සාධකයක් වී තිබේ.

අවසන් මොහොතේදී නායකත්වය බාරගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ කැමැත්ත හිමිවීම නිසා ඔහුට තාවකාලිකව නායකත්වය බාරදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

ඇන්ජලෝ මැතිව්ස් මේ දක්වා විස්සයි-20 අන්තර්ජාතික තරග 13 ක දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 5 ක ජය ශ්‍රී ලංකා පිලට හිමිවී තිබේ. තරග 7 ක් පරාජය වී තරගයක් විසඳුමකින් තොරව අවසන්වී තිබේ.

 


අදහස් (0)

විස්සයි-20 නායකත්වය තාවකාලිකව මැතිව්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.