Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විලියම්සන් - ටේලර් නවසීලන්තය ඇදගෙන යති

විලියම්සන් - ටේලර් නවසීලන්තය ඇදගෙන යති

editorial - 2019 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය (2 වැනිදා) නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 96 ක් ලබා සිටියේය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව එංගලන්තයට වඩා තවත් ලකුණු 5 ක් පසුපසින් සිටින අතර සිවුවැනි දිනය නිමාවන විට නායක කේන් විලියම්සන් හතරේ පහර 4 ක් සමග ලකුණු 37 ක්ද, රොස් ටේලර් හතරේ පහර 4 ක් සමග ලකුණු 31 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 28 ක් වන විට ආරම්භක පිතිකරු යුගලය ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සෑම් කරන් සහ ක්‍රිස් වෝක්ස් සමත් වුවද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ විලියම්සන් සහ ටේලර් නවසීලන්ත කණ්ඩායම යම් ස්ථාවර මට්ටමකට රැගෙන ආහ.

තෙවැනි දිනය වූ ඊයේ (1 වැනිදා) තරගය නිමාවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 269 ක් ලබා සිටි එංගලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 207 ක් එක්කර ගත්හ. එහිදී නායක ජෝ රූට් සිය තෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගත් අතර ඔලී පෝප් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගත්තේය.

එංගලන්ත ඉනිමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 193 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රූට් සහ පෝප් සමත් වූහ. රූට්ගේ ද්විත්ව ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 22 ක් ඇතුළත් වූ අතර පෝප්ගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 375
(ටොම් ලේතම් 105, රොස් ටේලර් 53, බී.ජේ. වොට්ලින් 55, ඩැරිල් මිචෙල් 73, මිචෙල් සෑන්ට්නර් 23, ටිම් සවුති 18, ස්ටුවට් බ්‍රෝඞ් 73/4, ක්‍රිස් වෝක්ස් 83/3, සෑම් කරන් 63/2)

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 476
(රෝරි බර්න්ස් 101, ජෝ රූට් 226, බෙන් ස්ටොක්ස් 26, ඔලී පෝප් 75, නීල් වැග්නර් 124/5, ටිම් සවුති 90/2)

නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 96
(ටොම් ලේතම් 18, කේන් විලියම්සන් නොදැවී 37, රොස් ටේලර් නොදැවී 31)

 

-036

 


අදහස් (0)

විලියම්සන් - ටේලර් නවසීලන්තය ඇදගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.