Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වසරේ පාසල් ක්‍රීඩකයා හෙට කරළියට

වසරේ පාසල් ක්‍රීඩකයා හෙට කරළියට

editorial - 2019 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඩයලොග් 4G- සන්ඩේ ටයිම්ස් 2019 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන්ද යන්න නිවේදනය කිරීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණි. පසුගිය පාසල් ක්‍රිකට් සමයේ තමන් දරන ලද සියලු වෙහෙස මහන්සියට, කැප කිරීම්වලට ගෞරව ලැබීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම දෙසින්ම පැමිණෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹ නෙළුම් පොකුණ ශාලාවේ හෙට (16) සවස අසුන් ගැනීමට නියමිතය.

සමස්ත ලංකා, නැගී එන සහ බාලිකා පාසල් යන අංශ නියෝජන කරමින් තනි සහ කණ්ඩායම් ජයග්‍රහකයන් 200 කට සම්මාන 56 ක් පිරිනැමීමට නියමිතය. මෙම අවස්ථාව දැක ගැනීමට ඉහළ පෙළේ ක්‍රිකට් නිලධාරීන්, පාසල් පරිපාලකයන්, මාපියන් සහ සහය දක්වන්නන් ඇතුළු පිරිසක් විශාල පිරිසක් පැමිණෙති. තම අනුප්‍රාප්තිකයාට මඟ පෙන්වීම සඳහා 2018 වසරේ ඩයලොග් 4 ජී - සන්ඬේ ටයිම්ස් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වූ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ලක්ෂිත රසාංජන, ශාන්ත පීතර විද්‍යාලයේ සන්තුෂ් ගුණතිලක සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කවිෂ්ක සේනාධීර යන තිදෙනාගෙන් කෙනෙක් මෙවර ඩයලොග් 4 ජී - සන්ඬේ ටයිම්ස් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තෝරා ගැනෙනු ඇත.

පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් දක්ෂතා හඳුනා ගැනෙන මෙම අවස්ථාවේ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ලෝක ක්‍රිකට් නීතිරීති මාලාවේ රැකවලා වන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතා සහභාගි වෙයි.  සම්මාන උත්සවය තවත් විචිත්‍රවත් කරමින් ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් විශිෂ්ට ක්‍රීඩකයකු වූ රංගන හේරත් ගෞරවනීය අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක චමරි අතපත්තු ද මෙම උත්සවයේ විශේෂ ආරාධිතවරියක ලෙස සහභාගී වීමට නියමිතය.

මෙම වසරේදීත් සම්මාන උළෙලේ පාර්ශ්වකරුවන් වන ඩයලොග් ආසියාටා සමාගම සහ විජය පුවත්පත් සමාගම එක්ව මෙම සම්මාන උළෙල සඳහා සියල්ල සැලසුම් කර තිබේ. වාර්ෂිකව පැවත්වෙන මෙම උත්සවයට පුදුමයත් ප්‍රහර්ශයත් අලංකාරයත් එක් කරමින් සම්මාන උත්සවය විස්මයජනක උත්සවයක් බවට පත් කිරීම සඳහා සංවිධායකයන් ඉසව්වට ඉහළ තාක්ෂණික ක්‍රියාකාරකම් රැසක් ද එක් කර තිබේ.  

නෙළුම් පොකුණ රඟහලේ අද පැවැත්වෙන උත්සවය විමතිය දනවන සිදුවීම්වලින් පිරී තිබෙන බවත් සහභාගීවන පිරිසට ඉතා හොඳ රසාස්වාදයක් ලබාදෙන බවටත් සංවිධායකයෝ පොරොන්දු වෙති. සුප්‍රකට සංගීත කණ්ඩායමක්, දක්ෂතා පූර්ණ කලාකරුවෝ පිරිසක් උත්සවය අමතක නොවන අත්දැකීමක් බවට පත් කිරීමට සූදානමින් සිටිති.

නිර්දේශිත නාම සහ තවත් ඡායාරූප රැසක් සමඟ හෙට (16 වැනිදා) පළකෙරෙන ඬේලිමිරර් පුවත්පත ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස් 2019 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උත්සවය වෙනුවෙන් විශේෂ කලාපයක් පළ කිරීමට කටයුතු යොදා ඇත.

සම්මාන උත්සවය ඩයලොග් ආසියාටා සමාගමේ ද පපරේ ඩොට් කොම් වෙබ් අඩවිය ඔස්සේ සජිවීව විකාශය කෙරෙන අතර අංක 77 ඩයලොග් නාලිකාව ඔස්සේ ද විකාශය කිරීමට නියමිතය.

 

- 055

(ඡායාරූපය - ශාන්ත රත්නායක)


අදහස් (0)

වසරේ පාසල් ක්‍රීඩකයා හෙට කරළියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.