Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වනිඳු ශ්‍රී ලංකා නැඟීඑන පිල දිනවයි

වනිඳු ශ්‍රී ලංකා නැඟීඑන පිල දිනවයි

editorial - 2019 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වනිඳු හසරංගගේ (ලකුණු 70 ක් සහ කඩුලු 4 ක්) තුන්ඉරියව් දස්කම් හේතුවෙන් බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායමට එරෙහිව සාවර්හිදී අද (18 වැනිදා) පැවැති පළමු නිලනොවන එක්දින තරගය ලකුණු 186 කින් ජයගත් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම ඒ අනුව තරග 3 කින් සමන්වින එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 305 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම ඕවර 28.3 කදී ලකුණු 118 කට සීමාකිරීමට වනිඳු හසරංග ඇතුළු පන්දු යවන්නෝ සමත්වූහ. ඕවර 6 ක් යවමින් නිලකුණු ඕවර 3 ක් සමගින් ලකුණු 12 කට කඩුලු 4 ක් දවාගැනීමට වනිඳු හසරංග සමත්වූ අතර නුවන් තුෂාර, අමිල අපෝන්සු සහ ශිරාන් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම් ඉනිම වැනසීමට සමත්වූහ.

බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම වෙනුවෙන් සාර්ථකවූ එකම පිතිකරුවා වීමට ආරම්භක පිතිකරු සයිෆ් හසන් සමත්විය. පන්දු 70 කට මුහුණදුන් සයිෆ් හසන් හතරේ පහර 6 ක් සමගින් ලකුණු 50 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ සයිෆ් හසන්ට අමතරව ලකුණු 10 සීමාව පසුකර යෑමට හැකිවූයේ අෆිෆ් හුසේන් සහ මහිදුල් ඉස්ලාම්ට පමණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 304 ක් රැස්කිරීමට සමත්විය.

මැදපෙළ පිතිකරු වනිඳු හසරංගගේ වේගවත් අර්ධ ශතකයත්, මුල්පෙළ පිතිකරු චරිත් අසලංකගේ අර්ධ ශතකයත් හේතුවෙන් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමට ලකුණු 300 සීමාව පසුකර යැමට අවස්ථාව හිමිවිය. වනිඳු හසරංග පන්දු 46 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 70 ක් රැස්කළ අතර චරිත් අසලංක පන්දු 79 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 71 ක් රැස්කළේය.

සම්මු අශාන් සමගින් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 85 ක සම්බන්ධතාවයක් ගොඩනැගිමට චරිත් අසංලක සමත්වූ අතර පස්වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට කමිඳු මෙන්ඩිස් සහ වනිඳු හසරංග සමත්වූහ.

 ශෆිකුල් ඉස්ලාම් සහ ශහිඩුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 304
(සඳුන් වීරක්කොඩි 31, චරිත් අසලංක 71, සම්මු අශාන් 33, කමිඳු මෙන්ඩිස් 28, වනිඳු හසරංග 70, අෂේන් බණ්ඩාර නොදැවී 29, ශෆිකුල් ඉස්ලාම් 22/2, ශහිඩුල් ඉස්ලාම් 71/2)

බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම - ඕවර 28.3 කදී සියලුදෙනා දැවී ලකුණු 118
(සයිෆ් හසන් 50, වනිඳු හසරංග 12/4, නුවන් තුෂාර 21/2, අමිල අපෝන්සු 25/2, ශිරාන් ප්‍රනාන්දු 28/2)

...


අදහස් (0)

වනිඳු ශ්‍රී ලංකා නැඟීඑන පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.