Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක කුසලාන තරගාවලිය 2022 වසරට

ලෝක කුසලාන තරගාවලිය 2022 වසරට

editorial - 2020 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් මේ වසරේ කල්දැමු විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය 2022 වසරේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමටත් තීරණය වී තිබේ. ඒ අනුව 2021 දී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සැලසුම් කළ ආකාරයටම ඉන්දියාවේදී පැවැත්වීමටත් තීරණය කළ බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි.

ලොව පුරා පවතින කොරෝනා අවදානම් තත්වය හේතුවෙන් 2021 නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා ලෝක කුසලාන තරගාවලියද 2022 පෙබරවාරී - මාර්තු මාස දක්වා කල්දමා තිබේ.

ලොව පුරා පවතින කොරෝනා බලපෑම හේතුවෙන් සෞඛ්‍ය, ක්‍රිකට් සහ වාණිජ ක්ෂේත්‍ර මුහුණ දී සිටින බලපෑම සැලකිල්ලට ගනිමින් පුළුල් විමර්ශනයකින් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාණිජ අනුබද්ධිත ආයතනයක් වන අයි.බී.සී. විසින් මෙම නිර්දේශ කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මගින් පවත්වනු ලබන තරගාවලි වලට සහභාගීවන සියලු දෙනාගේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව අපගේ ප්‍රමුඛතාවය වන අතර ලෝක ව්‍යාප්ත තරගාවලි යළි කරලියට රැගෙන එන්නේ කෙසේද යන්න පසුගිය මාස කිහිපයේදිම කල්පනා කළ බව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වැඩ බලන සභාපති ඉම්රාන් කවාජා මහතා පැවසීය.

කාන්තා ලෝක කුසලාන තරගාවලිය කල්දැමීමට ගත් මෙම තීරණයත් සමගින් තරගකාරී සෑම රටකම ක්‍රීඩකයන්ට, ලෝකයේ විශාලතම අවස්ථාවට සහ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගිවී අවසන් කණ්ඩායම් 3 සඳහා තේරී පත්වීමට හොඳ අවස්ථාවක් හිමිවූ බව ඉම්රාන් කවාජා මහතා පැවසීය.

ලොවපුරා පැවැති කොරෝනා වයිරස් තත්වය හමුවේ මේ වසරේ මුල පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර කාන්තා තරගාවලියක් නොපැවැත්වීය. තරගාවලිය මාස 12 ක් පසු පසට තල්ලුවිම හේතුවෙන් සියළුම තරගකාරී කණ්ඩායම් වලට ලෝක කුසලාන තරගාවලිය සහ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය පැවැත්වෙන තුරු ප්‍රමාණවත් කාළයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

2020 ආකාරයටම 2021 දී පැවැත්වෙන විස්සයි20 තරගාවලියද පැවැත්වෙන අතර සුදුසුකම් ලබාගත් සියලුම කණ්ඩායම් 2021 තරගාවලියට ඉන්දියාවේදී සහභාගීවනු ඇත. 2022 දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා අලුත්ම සුදුසුකම් ලබාගැනීමේ ක්‍රමවේදයක් භාවිතා කෙරෙනු ඇත.

2021 දී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා ලෝක කුසලාන තරගාවලිය 2022 දක්වා කල්දමා ඇති අතර එම තරගාවලිය සඳහා මේ වනවිට කණ්ඩායම් 5 ක් සුදුසුකම් ලබාගෙන ඇත. කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ඉතිරි කණ්ඩායම් 3 තෝරා ගැනිම සඳහා 2020 ජුලී මාසයේ ශ්‍රී ලංකාවේදී සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණී. සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය 2021 දී යළි පැවැත්වීමට නියමිතව ඇත.

- 2079

 


අදහස් (0)

ලෝක කුසලාන තරගාවලිය 2022 වසරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.