Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක කුසලාන එංගලන්තයට

ලෝක කුසලාන එංගලන්තයට

editorial - 2019 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

....................................................................................................................................................................

සුපිරි ඕවරයේදීද කණ්ඩායම් දෙක ලබාගත් ලකුණු සංඛ්‍යාව සමාන වීම නිසා වැඩිම හයේ සහ හතරේ පහර එල්ල සංඛ්‍යාවක් කළ කණ්ඩායම තරගයේ ජයග්‍රාහකයන් බවට පත්විය. එහිදී එංගලන්ත කණ්ඩායම හයේ සහ හතරේ පහර 26 ක් එල්ල කර තිබූ අතර නවසීලන්ත කණ්ඩායම එල්ල කර තිබුණේ හයේ සහ හතරේ පහර 17 ක් පමණි.

ඒ අනුව තරගය පුරා නවසීලන්තයට වඩා වැඩි හයේ සහ හතරේ පහර සංඛාවක් එල්ල කළ එංගලන්තය මෙවර ලෝක ශූරයන් බවට පත්විය.

අවසන් තරගයේ වීරයා බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)

තරගාවලියේ වීරයා කේන් විලියම්සන් (නවසීලන්තය)

....................................................................................................................................................................

නවසීලන්තය වෙනුවෙන් සුපිරි ඕවරය ක්‍රීඩා කිරීම සඳහා මාටින් ගප්ටිල් සහ ජේම්ස් නීෂම් පිටියට පිවිසෙති.

එංගලන්තය වෙනුවෙන් සුපිරි ඕවරය යැවීම සඳහා ජොෆ්රා ආචර් කැඳවයි. පන්දුව පිළිගැනීමට ජේම්ස් නීෂම් සූදානම්.

සුපිරි ඕවරයේදී නවසීලන්තය - කඩුල්ලක් දැවී ලකුණු 15 යි

         

දෙවැනි පන්දුවට ජේම්ස් නීෂම්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

අවසන් පන්දුවේදී දෙවැනි ලකුණ කරා දිවයෑමේදී මාටින් ගප්ටිල් දැවී යයි.

....................................................................................................................................................................

එංගලන්තය වෙනුවෙන් සුපිරි ඕවරය ක්‍රීඩා කිරීම සඳහා බෙන් ස්ටෝක්ස් සහ ජොස් බට්ලර් පිටියට පිවිසෙති.

නවසීලන්තය වෙනුවෙන් සුපිරි ඕවරය යැවීම සඳහා ට්‍රෙන්ට් බෝල්ට් කැඳවයි. පන්දුව පිළිගැනීමට බෙන් ස්ටෝක්ස් සූදානම්.

සුපිරි ඕවරයේදී එංගලන්තය - කිසිවකු නොදැවී ලකුණු 15 යි

         

සිවුවැනි පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක් සහ අවසන් පන්දුවට ජොස් බට්ලර්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා සුපිරි ඕවරයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

....................................................................................................................................................................

ඕවර 50 කදී - 241/10

(බෙන් ස්ටෝක්ස් නොදැවී 84, ට්‍රෙන්ට් බෝල්ට් 10-0-67-0)

         

බොල්ට්ගේ‍ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී පිතිකරුවන් ලකුණු 2 ක් කරා පැති මාරු කරගනිද්දී මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි මාටින් ගප්ටිල් කඩුලු රකින්නා වෙත යොමු කළ පන්දුව පිතිකරුවාගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත ඇදී යෑමෙන් පිතිකරුට තවත් ලකුණු 4 ක් හිමිවිය. 

පස්වැනි පන්දුවේදී දෙවැනි ලකුණ කරා දිවයෑමේදී ආදිල් රෂීඩ් ලකුණු නොළබාම දැවී යයි.

11 වැනි පිතිකරු ලෙස මාක් වුඩ් පිටියට පිවිසෙයි.

හයවැනි පන්දුවේදී දෙවැනි ලකුණ කරා දිවයෑමේදී මාක් වුඩ් ලකුණු නොළබාම දැවී යයි.

....................................................................................................................................................................

ඕවර 49 කදී - 227/8

(බෙන් ස්ටෝක්ස් 70, ආදිල් රෂීඩ් 00, ජේම්ස් නීෂම් 7-0-43-3)

           

49 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස් නීෂම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ලයෑම් ප්ලන්කට් සූදානම්.

නීෂම්ගේ‍ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ලෝන්ග් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ට්‍රෙන්ට් බෝල්ට් අතට උඩ පන්දුවක් දෙමින් ලයෑම් ප්ලන්කට් ලකුණු 10 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

නමවැනි පිතිකරු ලෙස ජොෆ්රා ආචර් පිටියට පිවිසෙයි.

එම ඕවරයේ සිවුවැනි පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

අවසන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් ජොෆ්රා ආචර් ලකුණු නොළබා දැවී යයි.

10 වැනි පිතිකරු ලෙස ආදිල් රෂීඩ් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 48 කදී - 218/6

(බෙන් ස්ටෝක්ස් 62, ලයෑම් ප්ලන්කට් 09, ට්‍රෙන්ට් බෝල්ට් 9-0-53-0)

           

48 වැනි ඕවරය යැවීම සඳහා ට්‍රෙන්ට් බෝල්ට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

බොල්ට්ගේ‍ නමවැනි ඕවරයේ පළමු පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 47 කදී - 208/6

(බෙන් ස්ටෝක්ස් 57, ලයෑම් ප්ලන්කට් 05, ලොකී ෆර්ගියුසන් 10-0-50-3) 

           

ෆර්ගියුසන්ගේ‍ 10 වැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුුලු රකින ක්‍රීඩක ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රිස් වෝක්ස් ලකුණු 2 කට දැවී යයි.

අටවැනි පිතිකරු ලෙස ලයෑම් ප්ලන්කට් පිටියට පිවිසෙයි.

එම ඕවරයේ පස්වැනි පන්දුවට ලයෑම් ප්ලන්කට්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 46 කදී - 203/5

(බෙන් ස්ටෝක්ස් 56, ක්‍රිස් වොක්ස් 02, ජේම්ස් නීෂම් 6-0-34-1)

           

46 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස් නීෂම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ක්‍රිස් වෝක්ස් සූදානම්.

නීෂම්ගේ‍ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට ක්‍රිස් වෝක්ස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 45 කදී - 196/5

(බෙන් ස්ටෝක්ස් 51, ක්‍රිස් වොක්ස් 00, ලොකී ෆර්ගියුසන් 9-0-45-2) 

           

ෆර්ගියුසන්ගේ‍ නමවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ජොස් බට්ලර්ගෙන් ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ පස්වැනි පන්දුවේදී ස්වීපර් කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමින් ජොස් බට්ලර් ලකුණු 59 කට දැවී යයි. (හතරේ පහර 6 යි)

හත්වැනි පිතිකරු ලෙස ක්‍රිස් වොක්ස් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 44 කදී - 189/4

(බෙන් ස්ටෝක්ස් 50, ජොස් බට්ලර් 53, ට්‍රෙන්ට් බෝල්ට් 8-0-43-1) 

           

44 වැනි ඕවරය යැවීම සඳහා ට්‍රෙන්ට් බෝල්ට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොස් බට්ලර් සූදානම්.

බෝට්ල්ගේ‍ අටවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ජොස් බට්ලර්ගෙන් ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 53 කදී හතරේ පහර 5 ක් සමගින් ජොස් බට්ලර් සිය 19 එක්දින අර්ධ ශතකය ලබාගනී.

පන්දු 81 කදී හතරේ පහර 3 ක් සමගින් බෙන් ස්ටෝක්ස් සිය 20 එක්දින අර්ධ ශතකය ලබාගනී.

....................................................................................................................................................................

ඕවර 43 කදී - 183/4

(බෙන් ස්ටෝක්ස් 49, ජොස් බට්ලර් 48, ලොකී ෆර්ගියුසන් 8-0-38-1) 

           

ෆර්ගියුසන්ගේ‍ අටවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 42 කදී - 177/4

(බෙන් ස්ටෝක්ස් 47, ජොස් බට්ලර් 44, ජේම්ස් නීෂම් 5-0-27-1)

           

42 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස් නීෂම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොස් බට්ලර් සූදානම්.

නීෂම්ගේ‍ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 41 කදී - 173/4

(බෙන් ස්ටෝක්ස් 44, ජොස් බට්ලර් 43, ලොකී ෆර්ගියුසන් 7-0-32-1)

           

ෆර්ගියුසන්ගේ‍ හත්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 40 කදී - 170/4

(බෙන් ස්ටෝක්ස් 43, ජොස් බට්ලර් 42, මැතිව් හෙන්රි 10-2-40-1)

           

40 වැනි ඕවරය යැවීම සඳහා මැතිව් හෙන්රි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොස් බට්ලර් සූදානම්.

හෙන්රිගේ‍ 10 වැනි ඕවරයේ අවසන් පන්දුවට ජොස් බට්ලර්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 39 කදී - 162/4

(බෙන් ස්ටෝක්ස් 41, ජොස් බට්ලර් 36, ලොකී ෆර්ගියුසන් 6-0-29-1)

           

ෆර්ගියුසන්ගේ‍ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට බෙන් ස්ටෝක්ස් ගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 38 කදී - 156/4

(බෙන් ස්ටෝක්ස් 36, ජොස් බට්ලර් 35, ජේම්ස් නීෂම් 4-0-23-1) 

           

38 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස් නීෂම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

නීෂම්ගේ‍ සිවුවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජොස් බට්ලර්ගෙන් ලොන්ග් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 37 කදී - 149/4

(බෙන් ස්ටෝක්ස් 33, ජොස් බට්ලර් 31, ලොකී ෆර්ගියුසන් 5-0-23-1)

           

37 වැනි ඕවරය යැවීම සඳහා ලොකී ෆර්ගියුසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොස් බට්ලර් සූදානම්.

ෆර්ගියුසන්ගේ‍ පස්වැනි ඕවරයේ පළමු පන්දුවට ජොස් බට්ලර්ගෙන් ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 36 කදී - 143/4

(බෙන් ස්ටෝක්ස් 32, ජොස් බට්ලර් 26, මැතිව් හෙන්රි 9-2-32-1)

           

හෙන්රිගේ නමවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 35 කදී - 141/4

(බෙන් ස්ටෝක්ස් 31, ජොස් බට්ලර් 25, මිචෙල් සෑන්ට්නර් 3-0-11-0)

           

සෑන්ට්නර්ගේ‍ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 34 කදී - 137/4

(බෙන් ස්ටෝක්ස් 29, ජොස් බට්ලර් 23, මැතිව් හෙන්රි 8-2-30-1)

           

34 වැනි ඕවරය යැවීම සඳහා මැතිව් හෙන්රි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

හෙන්රිගේ අටවැනි ඕවරයට ලකුණු 8 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 33 කදී - 129/4

(බෙන් ස්ටෝක්ස් 22, ජොස් බට්ලර් 22, මිචෙල් සෑන්ට්නර් 2-0-07-0)

           

සෑන්ට්නර්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 32 කදී - 126/4

(බෙන් ස්ටෝක්ස් 21, ජොස් බට්ලර් 21, ට්‍රෙන්ට් බොල්ට් 7-0-37-0)

           

බෝල්ට්ගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ජොස් බට්ලර්ගෙන් ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 31 කදී - 119/4

(බෙන් ස්ටෝක්ස් 20, ජොස් බට්ලර් 15, මිචෙල් සෑන්ට්නර් 1-0-04-0)

           

31 වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සෑන්ට්නර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් සූදානම්.

සෑන්ට්නර්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 30 කදී - 115/4

(බෙන් ස්ටෝක්ස් 18, ජොස් බට්ලර් 13, ට්‍රෙන්ට් බොල්ට් 6-0-30-0)

           

30 වැනි ඕවරය යැවීම සඳහා ට්‍රෙන්ට් බොල්ට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොස් බට්ලර් සූදානම්.

බෝල්ට්ගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 29 කදී - 111/4

(බෙන් ස්ටෝක්ස් 16, ජොස් බට්ලර් 11, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 10-2-25-1)

           

ග්‍රෑන්ඩ්හෝම්ගේ 10 වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 28 කදී - 106/4

(බෙන් ස්ටෝක්ස් 15, ජොස් බට්ලර් 09, ජේම්ස් නීෂම් 3-0-16-1)

           

නීෂම්ගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් ලෝන්ග් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 27 කදී - 98/4

(බෙන් ස්ටෝක්ස් 10, ජොස් බට්ලර් 07, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 9-2-22-1)

           

ග්‍රෑන්ඩ්හෝම්ගේ නමවැනි ඕවරය නිලකුණු ඕවරයක් වෙයි.

....................................................................................................................................................................

ඕවර 26 කදී - 98/4

(බෙන් ස්ටෝක්ස් 10, ජොස් බට්ලර් 07, ජේම්ස් නීෂම් 2-0-08-1)

           

නීෂම්ගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 25 කදී - 93/4

(බෙන් ස්ටෝක්ස් 07, ජොස් බට්ලර් 05, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 8-1-22-1)

           

ග්‍රෑන්ඩ්හෝම්ගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 24 කදී - 89/4

(බෙන් ස්ටෝක්ස් 05, ජොස් බට්ලර් 03, ජේම්ස් නීෂම් 1-0-03-1)

           

24 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් නීෂම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඔයින් මෝගන් සූදානම්.

නීෂම්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවේදී ලොකී ෆර්ගියුසන් අතට උඩ පන්දුවක් දෙමින් ඔයින් මෝගන් ලකුණු 9 කට දැවී යයි.

හයවැනි පිතිකරු ලෙස ජොස් බට්ලර් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 23 කදී - 86/3

(ඔයින් මෝගන් 09, බෙන් ස්ටෝක්ස් 05, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 7-1-18-1)

           

ග්‍රෑන්ඩ්හෝම්ගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට බෙන් ස්ටෝක්ස්ගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 22 කදී - 82/3

(ඔයින් මෝගන් 09, බෙන් ස්ටෝක්ස් 01, ලොකී ෆර්ගියුසන් 4-0-17-1)

           

ෆර්ගියුසන්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි. 

....................................................................................................................................................................

ඕවර 21 කදී - 75/3

(ඔයින් මෝගන් 09, බෙන් ස්ටෝක්ස් 01, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 6-1-14-1)

           

ග්‍රෑන්ඩ්හෝම්ගේ හයවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 20 කදී - 73/3

(ඔයින් මෝගන් 08, බෙන් ස්ටෝක්ස් 01, ලොකී ෆර්ගියුසන් 3-0-12-1)

           

ෆර්ගියුසන්ගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් ජොනී බෙයාස්ටෝ ලකුණු 36 කට දැවී යයි. (හතරේ පහර 7 යි)

පස්වැනි පිතිකරු ලෙස බෙන් ස්ටෝක්ස් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 19 කදී - 66/2

(ජොනී බෙයාස්ටෝ 32, ඔයින් මෝගන් 07, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 5-1-12-1)

           

ග්‍රෑන්ඩ්හෝම්ගේ පස්වැනි ඕවරයටද ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 18 කදී - 63/2

(ජොනී බෙයාස්ටෝ 32, ඔයින් මෝගන් 04, ලොකී ෆර්ගියුසන් 2-0-06-0)

           

ෆර්ගියුසන්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 17 කදී - 60/2

(ජොනී බෙයාස්ටෝ 32, ඔයින් මෝගන් 01, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 4-1-09-1)

           

ග්‍රෑන්ඩ්හෝම්ගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් ජෝ රූට් ලකුණු 17 කට දැවී යයි.

තෙවැනි පිතිකරු ලෙස ඔයින් මෝගන් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 16 කදී - 59/1

(ජොනී බෙයාස්ටෝ 32, ජෝ රූට් 07, ලොකී ෆර්ගියුසන් 1-0-03-0)

           

16 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොනී බෙයාස්ටෝ සූදානම්.

ෆර්ගියුසන්ගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 15 කදී - 56/1

(ජොනී බෙයාස්ටෝ 31, ජෝ රූට් 06, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 3-1-08-0)

           

ග්‍රෑන්ඩ්හෝම්ගේ තෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 14 කදී - 51/1

(ජොනී බෙයාස්ටෝ 29, ජෝ රූට් 03, මැතිව් හෙන්රි 7-2-22-1)

           

හෙන්රිගේ හයවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ජොනී බෙයාස්ටෝගෙන් පස්වැනි පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.  

....................................................................................................................................................................

ඕවර 13 කදී - 42/1

(ජොනී බෙයාස්ටෝ 20, ජෝ රූට් 03, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 2-1-03-0)

           

ග්‍රෑන්ඩ්හෝම්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 12 කදී - 39/1

(ජොනී බෙයාස්ටෝ 18, ජෝ රූට් 02, මැතිව් හෙන්රි 6-2-13-1)

           

හෙන්රිගේ හයවැනි ඕවරයද නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

....................................................................................................................................................................

ඕවර 11 කදී - 39/1

(ජොනී බෙයාස්ටෝ 18, ජෝ රූට් 02, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 1-1-00-0)

           

11 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොනී බෙයාස්ටෝ සූදානම්.

ග්‍රෑන්ඩ්හෝම්ගේ පළමු ඕවරයද නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

එම ඕවරයේ අවසන් පන්දුවේදී ජොනී බොයාස්ටෝ (ලකුණු 18 ක් ලබා සිටියදී) ලබාදුන් උඩ පන්දුවක් ග්‍රෑන්ඩ්හෝම් අතින් ගිළිහෙයි.

....................................................................................................................................................................

ඕවර 10 කදී - 39/1

(ජොනී බෙයාස්ටෝ 18, ජෝ රූට් 02, මැතිව් හෙන්රි 5-1-13-1)

           

හෙන්රිගේ පස්වැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

....................................................................................................................................................................

ඕවර 9 කදී - 39/1

(ජොනී බෙයාස්ටෝ 18, ජෝ රූට් 02, ට්‍රෙන්ට් බොල්ට් 5-0-26-0)

           

බෝල්ට්ගේ පස්වැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 8 කදී - 34/1

(ජොනී බෙයාස්ටෝ 14, ජෝ රූට් 01, මැතිව් හෙන්රි 4-0-13-1)

           

හෙන්රිගේ සිවුවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 7 කදී - 33/1

(ජොනී බෙයාස්ටෝ 14, ජෝ රූට් 00, ට්‍රෙන්ට් බොල්ට් 4-0-21-0)

           

බෝල්ට්ගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 6 කදී - 28/1

(ජොනී බෙයාස්ටෝ 10, ජෝ රූට් 00, මැතිව් හෙන්රි 3-0-12-1)

           

හෙන්රිගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ජේසන් රෝයිගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ සිව්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් ජේසන් රෝයි ලකුණු 17 කට දැවී යයි. (හතරේ පහර 3 යි)

තෙවැනි පිතිකරු ලෙස ජෝ රූට් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 5 කදී - 24/0

(ජේසන් රෝයි 13, ජොනී බෙයාස්ටෝ 10, ට්‍රෙන්ට් බොල්ට් 3-0-16-0)

           

බෝල්ට්ගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට කවර් සහ පොයින්ට් කළාප අතරින් හතරේ පහරක් එල්ල කළ ජොනී බෙයාස්ටෝගෙන් පස්වැනි පන්දුවට කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 4 කදී - 16/0

(ජේසන් රෝයි 13, ජොනී බෙයාස්ටෝ 02, මැතිව් හෙන්රි 2-0-08-0)

           

හෙන්රිගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 3 කදී - 12/0

(ජේසන් රෝයි 10, ජොනී බෙයාස්ටෝ 01, ට්‍රෙන්ට් බොල්ට් 2-0-08-0)

           

බෝල්ට්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජේසන් රෝයිගෙන් කවර් සහ පොයින්ට් කළාප අතරින් හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 2 කදී - 05/0

(ජේසන් රෝයි 05, ජොනී බෙයාස්ටෝ 00, මැතිව් හෙන්රි 1-0-05-0)

           

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මැතිව් හෙන්රි කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

හෙන්රිගේ පළමු ඕවරයේ අවසන් පන්දුවට ජේසන් රෝයිගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්.

....................................................................................................................................................................

ඕවර 1 කදී - 01/0

(ජේසන් රෝයි 01, ජොනී බෙයාස්ටෝ 00, ට්‍රෙන්ට් බොල්ට් 1-0-01-0)

           

එංගලන්ත ඉනිම ආරම්භ කිරීම සඳහා ජේසන් රෝයි සහ ජොනී බෙයාස්ටෝ පිටියට පිවිසෙති. 

පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බොල්ට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

බෝල්ට්ගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

තරගය ජයගැනීම සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 242 ක ඉලක්කයක් හිමිවෙයි.

....................................................................................................................................................................

ඕවර 50 කදී - 241/8

(මිචෙල් සෑන්ට්නර් 05, ට්‍රෙන්ට් බෝල්ට් 01, ජොෆ්රා ආචර් 10-0-42-1)

           

ආචර්ගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් මැතිව් හෙන්රි ලකුණු 4 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

10 වැනි පිතිකරු ලෙස ට්‍රෙන්ට් බෝල්ට් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

 

ඕවර 49 කදී - 238/7

(මිචෙල් සෑන්ට්නර් 04, මැතිව් හෙන්රි 04, ක්‍රිස් වෝක්ස් 9-0-37-3)

             

වෝක්ස්ගේ නමවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ජේම්ස් වින්ස් අතට උඩ පන්දුවක් දෙමින් ටොම් ලේතම් ලකුණු 47 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)

නමවැනි පිතිකරු ලෙස මැතිව් හෙන්රි පිටියට පිවිසෙයි.

එම ඕවරයේ අවසන් පන්දුවට මැතිව් හෙන්රිගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 48 කදී - 225/6

(ටොම් ලේතම් 47, මිචෙල් සෑන්ට්නර් 02, ජොෆ්රා ආචර් 9-0-39-0)

           

ආචගේ නමවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 47 කදී - 220/6

(ටොම් ලේතම් 44,  මිචෙල් සෑන්ට්නර් 00,  ක්‍රිස් වෝක්ස් 8-0-25-2)

           

47 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් වෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් සූදානම්.

වෝක්ස්ගේ අටවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ජේම්ස් වින්ස් අතට උඩ පන්දුවක් දෙමින් ‍කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 16 කට දැවී යයි.

අටවැනි පිතිකරු ලෙස මිචෙල් සෑන්ට්නර් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 46 කදී - 214/5

(ටොම් ලේතම් 41, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 13, ජොෆ්රා ආචර් 8-0-34-0)

           

ආචගේ අටවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 45 කදී - 211/5

(ටොම් ලේතම් 39, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 12, මාක් වුඩ් 10-1-49-1)

           

වුඩ්ගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ටොම් ලේතම්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 44 කදී - 204/5

(ටොම් ලේතම් 32, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 12, ජොෆ්රා ආචර් 7-0-31-0)

               

ආචගේ හත්වැනි ඕවරයට ලකුණු 8 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 43 කදී - 196/5

(ටොම් ලේතම් 29, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 12, මාක් වුඩ් 9-1-42-1)

           

43 වැනි ඕවරය යැවීම සඳහා මාක් වුඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ටොම් ලේතම් සූදානම්.

වුඩ්ගේ නමවැනි ඕවරයේ තෙවැනි පන්දුව කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්ගේ පාදයේ වැදී හතරේ සීමාව වෙත ඇදී යයි.

....................................................................................................................................................................

ඕවර 42 කදී - 186/5

(ටොම් ලේතම් 27, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 08, ජොෆ්රා ආචර් 6-0-25-0)

           

42 වැනි ඕවරය යැවීම සඳහා ජොෆ්රා ආචර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ටොම් ලේතම් සූදානම්.

ආචගේ හයවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 41 කදී - 181/5

(ටොම් ලේතම් 25, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 06, ලයෑම් ප්ලන්කට් 10-0-42-3)

           

ප්ලන්කට්ගේ 10 වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 40 කදී - 179/5

(ටොම් ලේතම් 24, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 05, මාක් වුඩ් 8-1-36-1)

           

වුඩ්ගේ අටවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 39 කදී - 173/5

(ටොම් ලේතම් 23, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 00, ලයෑම් ප්ලන්කට් 9-0-40-3)

           

ප්ලන්කට්ගේ නමවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජේම්ස් නීෂම්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ අවසන් පන්දුවේදී මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමින් ලයෑම් ප්ලන්කට් ලකුණු 19 කට දැවී යයි. (හතරේ පහර 3 යි)

හත්වැනි පිතිකරු ලෙස කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 38 කදී - 165/4

(ටොම් ලේතම් 22, ජේම්ස් නීෂම් 12, මාක් වුඩ් 7-1-30-1)

           

වුඩ්ගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට ටොම් ලේතම්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 37 කදී - 159/4

(ටොම් ලේතම් 17, ජේම්ස් නීෂම් 11, ලයෑම් ප්ලන්කට් 8-0-32-2)

           

37 වැනි ඕවරය යැවීම සඳහා ලයෑම් ප්ලන්කට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේම්ස් නීෂම් සූදානම්.

ප්ලන්කට්ගේ අටවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ටොම් ලේතම්ගෙන් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 36 කදී - 153/4

(ටොම් ලේතම් 12, ජේම්ස් නීෂම් 10, මාක් වුඩ් 6-1-24-1)

           

වුඩ්ගේ හයවැනි ඕවරයට එක් ලකුණුක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 35 කදී - 152/4

(ටොම් ලේතම් 12, ජේම්ස් නීෂම් 09, බෙන් ස්ටෝක්ස් 3-0-20-0)

           

ස්ටෝක්ස්ගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ජේම්ස් නීෂම්ගෙන් පස්වැනි පන්දුවට ලෝන්ග් ඕන් කළාපය හරහා හතරේ පහරක්. 

....................................................................................................................................................................

ඕවර 34 කදී - 141/4

(ටොම් ලේතම් 11, ජේම්ස් නීෂම් 00, මාක් වුඩ් 5-1-23-1)

           

34 වැනි ඕවරය යැවීම සඳහා මාක් වුඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රොස් ටේලර් සූදානම්.

වුඩ්ගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් රොස් ටේලර් ලකුණු 15 කට දැවී යයි.

හයවැනි පිතිකරු ලෙස ජේම්ස් නීෂම් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 33 කදී - 141/3

(රොස් ටේලර් 15, ටොම් ලේතම් 11, බෙන් ස්ටෝක්ස් 2-0-09-0)

           

ස්ටෝක්ස්ගේ දෙවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 32 කදී - 134/3

(රොස් ටේලර් 13, ටොම් ලේතම් 09, ආදිල් රෂීඩ් 8-0-39-0)

           

රෂීඩ්ගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 31 කදී - 130/3

(රොස් ටේලර් 11, ටොම් ලේතම් 07, බෙන් ස්ටෝක්ස් 1-0-04-0)

           

31 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ටොම් ලේතම් සූදානම්.

ස්ටෝක්ස්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 30 කදී - 126/3

(රොස් ටේලර් 09, ටොම් ලේතම් 05, ආදිල් රෂීඩ් 7-0-35-0)

           

රෂීඩ්ගේ හත්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 29 කදී - 123/3

(රොස් ටේලර් 08, ටොම් ලේතම් 03, ලයෑම් ප්ලන්කට් 7-0-26-2)

           

ප්ලන්කට්ගේ හත්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 28 කදී - 122/3

(රොස් ටේලර් 08, ටොම් ලේතම් 02, ආදිල් රෂීඩ් 6-0-32-0)

           

රෂීඩ්ගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 27 කදී - 118/3

(රොස් ටේලර් 06, ටොම් ලේතම් 00, ලයෑම් ප්ලන්කට් 6-0-25-2)

           

ප්ලන්කට්ගේ හයවැනි ඕවරයේ පස්වැනි කඩුල්ල වෙැදීමෙන් හෙන්රි නිකොල්ස් ලකුණු 55 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

පස්වැනි පිතිකරු ලෙස ටොම් ලේතම් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 26 කදී - 114/2

(හෙන්රි නිකොල්ස් 52, රොස් ටේලර් 05, ආදිල් රෂීඩ් 5-0-28-0)

           

රෂීඩ්ගේ පස්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

පන්දු 72 කදී හතරේ පහර 4 ක් සමගින් හෙන්රි නිකොල්ස් සිය 9 වැනි එක්දින  අර්ධ ශතකය ලබාගනී.

....................................................................................................................................................................

ඕවර 25 කදී - 109/2

(හෙන්රි නිකොල්ස් 49, රොස් ටේලර් 03, ලයෑම් ප්ලන්කට් 5-0-21-1)

           

ප්ලන්කට්ගේ පස්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 24 කදී - 108/2

(හෙන්රි නිකොල්ස් 48, රොස් ටේලර් 03, ආදිල් රෂීඩ් 4-0-23-0)

           

රෂීඩ්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ලෝක කුසලාන තරගාවලියකදී නායකයෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට කේන් විලියම්සන් සමත් වෙයි. ඒ මෙවර (2019) ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 575 ක් රැස්කරමිනි. ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කීයනු ලැබුව්‍ෙ 2007 වසරේදී ලකුණු 548 ක් රැස්කළ මහේල ජයවර්ධන විසිනි.

....................................................................................................................................................................

ඕවර 23 කදී - 103/2

(හෙන්රි නිකොල්ස් 46, රොස් ටේලර් 00, ලයෑම් ප්ලන්කට් 4-0-20-1)

           

23 වැනි ඕවරය යැවීම සඳහා ලයෑම් ප්ලන්කට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හෙන්රි නිකොල්ස් සූදානම්.

ප්ලන්කට්ගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් කේන් විලියම්සන් ලකුණු 30 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

සිවුවැනි පිතිකරු ලෙස රොස් ටේලර් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 22 කදී - 102/1

(හෙන්රි නිකොල්ස් 45, කේන් විලියම්සන් 30, ආදිල් රෂීඩ් 3-0-18-0)

           

රෂීඩ්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 21 කදී - 98/1

(හෙන්රි නිකොල්ස් 43, කේන් විලියම්සන් 28, මාක් වුඩ් 4-0-23-0)

           

වුඩ්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 20 කදී - 91/1

(හෙන්රි නිකොල්ස් 40, කේන් විලියම්සන් 24, ආදිල් රෂීඩ් 2-0-14-0)

           

රෂීඩ්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට කේන් විලියම්සන්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 19 කදී - 84/1

(හෙන්රි නිකොල්ස් 40, කේන් විලියම්සන් 17, මාක් වුඩ් 3-0-16-0)

           

වුඩ්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට හෙන්රි නිකොල්ස්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 18 කදී - 77/1

(හෙන්රි නිකොල්ස් 35, කේන් විලියම්සන් 15, ආදිල් රෂීඩ් 1-0-9-0)

           

18 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කේන් විලියම්සන් සූදානම්.

රෂීඩ්ගේ පළමු ඕවරයට ලකුණු 7ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 17 කදී - 70/1

(හෙන්රි නිකොල්ස් 33, කේන් විලියම්සන් 10, මාක් වුඩ් 2-0-9-0)

           

වුඩ්ගේ දෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 16 කදී - 68/1

(හෙන්රි නිකොල්ස් 32, කේන් විලියම්සන් 09, ලයෑම් ප්ලන්කට් 3-0-19-0)

           

ප්ලන්කට්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට හෙන්රි නිකොල්ස්ගෙන් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 15 කදී - 63/1

(හෙන්රි නිකොල්ස් 27, කේන් විලියම්සන් 09, මාක් වුඩ් 1-0-07-0)

            

15 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කේන් විලියම්සන් සූදානම්.

වුඩ්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවට කේන් විලියම්සන්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 14 කදී - 55/1

(හෙන්රි නිකොල්ස් 27, කේන් විලියම්සන් 04, ලයෑම් ප්ලන්කට් 2-0-14-0)

           

ප්ලන්කට්ගේ දෙවැනි ඕවරයේ අවසන් පන්දුවට හෙන්රි නිකොල්ස්ගෙන් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 13 කදී - 47/1

(හෙන්රි නිකොල්ස් 21, කේන් විලියම්සන් 02, ක්‍රිස් වෝක්ස් 7-0-19-1)

           

වෝක්ස්ගේ හත්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 12 කදී - 46/1

(හෙන්රි නිකොල්ස් 21, කේන් විලියම්සන් 02, ලයෑම් ප්ලන්කට් 1-0-06-0)

           

12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ලයෑම් ප්ලන්කට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හෙන්රි නිකොල්ස් සූදානම්.

ප්ලන්කට්ගේ පළමු ඕවරයට ලකුණු 6 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 11 කදී - 40/1

(හෙන්රි නිකොල්ස් 15, කේන් විලියම්සන් 02, ක්‍රිස් වෝක්ස් 6-0-18-1)

           

වෝක්ස්ගේ හයවැනි ඕවරයේ තෙවැනි පන්දුවට හෙන්රි නිකෝල්ස්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 10 කදී - 33/1

(හෙන්රි නිකොල්ස් 10, කේන් විලියම්සන් 01, ජොෆ්රා ආචර් 5-0-20-0)

           

ආචර්ගේ පස්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 9 කදී - 31/1

(හෙන්රි නිකොල්ස් 10, කේන් විලියම්සන් 00, ක්‍රිස් වෝක්ස් 5-0-11-1)

           

වෝක්ස්ගේ පස්වැනි ඕවරයටද එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 8 කදී - 30/1 

(හෙන්රි නිකොල්ස් 09, කේන් විලියම්සන් 00, ජොෆ්රා ආචර් 4-0-19-0)

           

ආචර්ගේ සිවුවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 7 කදී - 29/1

(හෙන්රි නිකොල්ස් 08, කේන් විලියම්සන් 00, ක්‍රිස් වෝක්ස් 4-0-10-1)

           

වෝක්ස්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් මාටින් ගප්ටිල් ලකුණු 19 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)

තෙවැනි පිතිකරු ලෙස නායක කේන් විලියම්සන් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 6 කදී - 28/0

(මාටින් ගප්ටිල් 19, හෙන්රි නිකොල්ස් 07, ජොෆ්රා ආචර් 3-0-18-0)

           

ආචර්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 5 කදී - 24/0

(මාටින් ගප්ටිල් 18, හෙන්රි නිකොල්ස් 04, ක්‍රිස් වෝක්ස් 3-0-09-0)

           

වෝක්ස්ගේ තෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 4 කදී - 22/0

(මාටින් ගප්ටිල් 17, හෙන්රි නිකොල්ස් 03, ජොෆ්රා ආචර් 2-0-14-0)

           

ආචර්ගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට තර්ඩ් මෑන් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ මාටින් ගප්ටිල්ගෙන් සිවුවැනි පන්දුවට මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 3 කදී - 10/0

(මාටින් ගප්ටිල් 06, හෙන්රි නිකොල්ස් 02, ක්‍රිස් වෝක්ස් 2-0-07-0)

           

වෝක්ස්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී හෙන්රි නිකොල්ස් කඩුල්ල මුවා කරමින් දැවී ගිය බවට ප්‍රධාන විනිසුරු කුමාර් ධර්මසේන මහතා සංඥා කළේය. අනතුරුව එම තීරණය විනිසුරු තීරණ ක්‍රමවේදයට යොමු කිරීමට නිකොල්ස් පියවරගත් අතර පුනුරූපණ නැරඹීමේදී පන්දුව කඩුල්ලේ නොවදින බව නිරීක්ෂණය කළ තෙවැනි විනිසුරුවරයා ඔහු නොදැවුණ ක්‍රීඩකයෙක් බව තීරණය කළේය.

....................................................................................................................................................................

ඕවර 2 කදී - 08/0

(මාටින් ගප්ටිල් 06, හෙන්රි නිකොල්ස් 00, ජොෆ්රා ආචර් 1-0-02-0)

           

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා හෙන්රි නිකොල්ස් සූදානම්.

ආචර්ගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 1 කදී - 05/0

(මාටින් ගප්ටිල් 04, හෙන්රි නිකොල්ස් 00, ක්‍රිස් වෝක්ස් 1-0-05-0)

           

නවසීලන්ත ඉනිම ආරම්භ කිරීම සඳහා මාටින් ගප්ටිල් සහ හෙන්රි නිකොල්ස් පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මාටින් ගප්ටිල් සූදානම්.

වෝක්ස්ගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවට මාටින් ගප්ටිල්ගෙන් ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

එංගලන්තය සහ නවසීලන්තය අතර එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

නවසීලන්ත කණ්ඩායම

කේන් විලියම්සන් (නායක), මාටින් ගප්ටිල්, හෙන්රි නිකොල්ස්, රොස් ටේලර්, ජේම්ස් නීෂම්, ටොම් ලේතම්, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්, මිචෙල් සෑන්ට්නර්, මැතිව් හෙන්රි, ට්‍රෙන්ට් බෝල්ට් සහ ලොකී ෆර්ගියුසන්

එංගලන්ත කණ්ඩායම

ඔයින් මෝගන් (නායක), ජේසන් රෝයි, ජොනී බෙයාස්ටෝ, ජෝ රූට්, බෙන් ස්ටොක්ස්, ජොස් බට්ලර්, ක්‍රිස් වෝක්ස්, ලයෑම් ප්ලන්කට්, ජොෆ්රා ආචර්,  ආදිල් රෂීඩ් සහ මාක් වුඩ්

....................................................................................................................................................................

එංගලන්තය සහ නවසීලන්තය අතර එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය උරගා බැලීම විනාඩි 15 කින් පමණ පමාවෙයි. ඊට හේතුවී ඇත්තේ ඊයේ දිනයේදී ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ හතරේ සීමාව අසල ප්‍රදේශය තවමත් තරමක් තෙත බරිතව පැවතීමයි.


අදහස් (0)

ලෝක කුසලාන එංගලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.