Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝකයේ කෙටිම ටෙස්ට් තරග

ලෝකයේ කෙටිම ටෙස්ට් තරග

editorial - 2021 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ එංගලන්තය අතර අහමදාබාද්හිදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගය දින දෙකකින් නිමාවීමත් සමගම එය ලෝකයේ කෙටිම ටෙස්ට් තරග ලයිස්තුවට එක්විය. විසිවැනි සියවස ආරම්භ වූ ක්‍රිස්තු වර්ෂ 1900 සිට මේ දක්වා පැවැති ටෙසට් තරග වලින් දින දෙකකදී නිමා වී ඇත්තේ තරග 13 ක් පමණි.

දෙවැනි ලෝක යුද්ධයට පෙරදී දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග 3 කදීම දින දෙකක් ඇතුළත පරාජය වී තිබේ. එහෙත් සිම්බාබ්වේ කණ්ඩායම එවන් පරාජයන් තුනකට මුහුණ දුන්නේ වසර 2003 දී එවකට පැවැති රජය විසින් සුදු ජාතික ක්‍රීඩකයන්ට වෙනස්කම් කිරීම හේතුවෙන් සුදු ජාතික ක්‍රීඩකයන් කණ්ඩායම හැරයාමට පසුවය. සිම්බාබ්වේ පිල 2005 වසරේදී දෙවතාවක්ම මෙම කණගාටුදායක ඉරණමට මුහුණ දුන්නේය.

එහෙත් වසර 1946 සිට වසර 2000 දක්වා ගතවූ වසර 54 ක කාලය තුළ එකම ටෙස්ට් තරගයක් හෝ දින දෙකකින් නිමා වී නැත.

දින දෙකකින් නිමා වූ ටෙස්ට් තරග

  • 1912 - ඕස්ටේ්‍රලියා විසින් දකුණු අප්‍රිකාව ඉනිමකින් සහ ලකුණු 88 කින් පරාජය කරන ලදි.
  • 1912 - එංගලන්තය විසින් දකුනු අප්‍රිකාව කඩුලු 10 කින් පරාජය කරන ලදි.
  • 1921 - ඕස්ටේ්‍රලියාව විසින් එංගලන්තය කඩුලු 10 කින් පරාජය කරන ලදි.
  • 1931 - ඕස්ටේ්‍රලියාව විසින් බ. ඉ. කොදෙව් පිල ඉනිමකින් සහ ලකුණු 122 කින් පරාජය කරන ලදි.
  • 1936 - ඕස්ටේ්‍රලියාව විසින් දකුණු අප්‍රිකාව ඉනිමකින් සහ ලකුණු 184 කින් පරාජය කරන ලදි.
  • 1946 - ඕස්ටේ්‍රලියාව විසින් නවසීලන්තය ඉනිමකින් සහ ලකුණු 103 කින් පරාජය කරන ලදි.
  • 2000 - එංගලන්තය විසින් බ. ඉ. කොදෙව් පිල ඉනිමකින් සහ ලකුණු 39 කින් පරාජය කරන ලදි.
  • 2002 - ඕස්ටේ්‍රලියාව විසින් පාකිස්තානය ඉනිමකින් සහ ලකුණු 198 කින් පරාජය කරන ලදි.
  • 2005 - දකුණු අප්‍රිකාව විසින් සිම්බාබ්වේ ඉනිමකින් සහ ලකුණු 21 කින් පරාජය කරන ලදි.
  • 2005 - නවසීලන්තය විසින් සිම්බාබ්වේ ඉනිමකින් සහ ලකුණු 294 කින් පරාජය කරන ලදි.
  • 2017 - දකුණු අප්‍රිකාව විසින් සිම්බාබ්වේ ඉනිමකින් සහ ලකුණු 120 කින් පරාජය කරන ලදි.
  • 2018 - ඉන්දියාව විසින් ඇෆ්ඝනිස්ථානය ඉනිමකින් සහ ලකුණු 262 කින් පරාජය කරන ලදි.
  • 2021 - ඉන්දියාව විසින් එංගලන්තය කඩුලු 10 කින් පරාජය කරන ලදි.

අදහස් (0)

ලෝකයේ කෙටිම ටෙස්ට් තරග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.