Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලන්කන්ස් ක්‍රීඩකයෝ 23 න් පහළ ශූරතාව දිනති

ලන්කන්ස් ක්‍රීඩකයෝ 23 න් පහළ ශූරතාව දිනති

රොෂාන් ගුණරත්න - 2021 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ලන්කන් පිල සමත්විය. එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (28වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී එස්.එස්.සී පිල ලකුණු 59කින් පරාජය කරමින් ලන්කන්ස් ක්‍රීඩකයෝ ශූරතාව දිනාගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය එස්.එස්.සී පිලට ඕවර 44.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 164 ක් පමණි.

එස්.එස්.සී. නායක සම්මු අෂාන් අර්ධ ශතකයක් ලබාගනිමින් තම පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කලද එය වැලකී ගියේ. පන්දු 65 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 50ක් ලබා ගැනීසට සම්මු සමත්විය. නිපුන් ධනංජය ලකුණු 38ක් සහ ක්‍රීෂේන් සංජුල ලකුණු 31 ක් ලබාගත්තද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

දුනිත් වෙල්ලාලගේ කඩුලු 3 ක්ද, සවන් කංකානම්ගේ, යසිරු ⁣රැද්රිගු සහ සඳුන් සත්සර කඩුලු 2 බැගින් දවාගනිමින් ලන්කන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කාසියේ වාසිය දිනූ එස්.එස්.සී පිල පළමුව පන්දුවට පහරදීම සඳහා ලන්කන් පිලට ආරාධනා කළ අතර ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවුයේ ලකුණු 223ක් පමණි.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වු කසුන් අබේරත්න පන්දු 66 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 51 ක් ලබාගත්තේය. කෙවින් පෙරේරා පන්දු 53 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක් සහ දමිත පෙරේරා පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 30 ක් රැස්කරමින් ලන්කන් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. ළහිරු දිල්ශාන් ලකුණු 22 ක් සහ උමේෂ් ලක්ෂාන් ලකුණු 21 ක් ලබා ගත්තේය.

සම්මු අෂාන් සහ දිලුම් තිලකරත්න කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ලන්කන්ස් - ඕවර 49.2 කදි සියලුදෙනා දැවී 223
(ළහිරු දිල්ශාන් 22, කෙවින් පෙරේරා 40, කසුන් අබේරත්න 51, දමිත සිල්වාා30, උමේෂ් ලක්ෂාන් 21, සම්මු අෂාන් 31/3, දිලුම් තිලකරත්න 35/3, කළණ පෙරේරා 50/2)

එස්.එස්.සී - ඕවර 44.3 කදී සියලුදෙනා දැවී 164
(නිපුන් ධනංජය 38, ක්‍රිෂේන් සංජුල 31, සම්මු අෂාන් 50, දුනිත් වෙල්ලාලගේ 29/3, සවන් කංකානම්ගේ 9/2, යසිරු ⁣රුද්රිගු 23/2, සඳුන් සත්සර 29/2)

 


අදහස් (0)

ලන්කන්ස් ක්‍රීඩකයෝ 23 න් පහළ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.