Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ පළපුරුදුම ටෙස්ට් වේග පන්දු යවන්නා වන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු රෝගය වැළදීම නිසා පාකිස්තානයේ ටෙස්ට් තරග දෙක මග හැරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ තහවුරු කළේය. ලක්මාල් වෙනුවට 22 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක් වෙයි.
ලක්මාල් ඩෙංගු රෝගයෙන් පෙළෙන නිසා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම සමග පාකිස්තානු සංචාරයට නොයනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා තහවුරු කළේය.
ලක්මාල් අද පාකිස්තානය බලා අද පිටත්ව යාමට සූදානමින් සිටියේය.
ලක්මාල්ගේ පළමු සංචාරයේදී (2009) ලක්මාල් ඇතුලු කණ්ඩායම ගඩාෆි ක්‍රීඩාංගණයට යමින් සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායම ගමන්ගත් බස්රථය ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයකට ලක්විය. එහිදී පාකිස්තානු ජාතිකයන් හත් දෙනෙකු මිය ගොස් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හත් දෙනෙක් තුවාල ලැබූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.