Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිචෙල් - වොට්ලින් නවසීලන්තය ඔසවා තබති

මිචෙල් - වොට්ලින් නවසීලන්තය ඔසවා තබති

editorial - 2019 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (30 වැනිදා) නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 39 ක් ලබා සිටියේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව නවසීලන්තයට වඩා තවත් ලකුණු 336 ක් පසුපසින් සිටින අතර දෙවැනි දිනය නිමාවන විට ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් හතරේ පහර 4 ක් සමග ලකුණු 24 ක්ද, නායක ජෝ රූට් හතරේ පහරක් සමග ලකුණු 6 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පළමු දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 173 ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 202 ක් එක්කර ගත්හ. එහිදී නවසීලන්ත ඉනිමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩැනැගීමට ඩැරිල් මිචෙල් (73) සහ බී.ජේ. වොට්ලින් (55) සමත් වූහ.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මිචෙල්, එහිදී සිය මංගල අර්ධ ශතකය ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගිනි. වොට්ලින්ගේ 18 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් විය. මිචෙල් සෑන්ට්නර් ලකුණු 23 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස ශතකයක් ලබා සිටි ටොම් ලේතම් පිටියෙන් ඉවත් කිරීමට ස්ටුවට් බ්‍රෝඞ් සමත් විය. වොට්ලින් සහ මිචෙල් දැවී ගියේද බ්‍රෝඞ්ගේ පන්දු හමුවේය. දක්ෂ පන්දු යැවීමක නිතර වූ බ්‍රෝඞ් ලකුණු 73 කට කඩුලු 4 ක් බිඳහෙළු අතර ක්‍රිස් වෝක්ස් ලකුණු 83 කට කඩුලු 3 ක් දවාගත්තේය.


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 375  
(ටොම් ලේතම් 105, රොස් ටේලර් 53, බී.ජේ. වොට්ලින් 55, ඩැරිල් මිචෙල් 73, මිචෙල් සෑන්ට්නර් 23, ටිම් සවුති 18, ස්ටුවට් බ්‍රෝඞ් 73/4, ක්‍රිස් වෝක්ස් 83/3, සෑම් කරන් 63/2)

එංගලන්ත පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 39
(රෝරි බර්න්ස් නොදැවී 24)
 
-036

 


අදහස් (0)

මිචෙල් - වොට්ලින් නවසීලන්තය ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.