Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්දානන්දගෙන් පැය තුනක ප්‍රකාශයක්

මහින්දානන්දගෙන් පැය තුනක ප්‍රකාශයක්

editorial - 2020 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(රංජිත් රාජපක්ෂ)

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය තරගය මුදලට පාවාදුන්නේ යයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරිහු පැය තුනකට ආසන්න කාලයක් අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්හ. කොළඹ සිට නාවලපිටිය දක්වා පැමිණි පොලිස් විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් සිව්දෙනෙකු විසින් නාවලපිටිය නගරයේ පිහිටි මහින්දානන්ද පදනම් කාර්යාලයේදී ඊයේ (24 වැනිදා) උදැසන 6.30 සිට උදැසන 9 පමණ දක්වා මෙලෙස ප්‍රකාශ සටහන් කර ගනු ලැබිණි.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පොලිස් විශේෂ විමර්ශන අංශය වෙත ප්‍රකාශය ලබා දීමෙන් පසුව මාධ්‍ය හමුවක්ද පැවැත්විණි. මෙම මාධ්‍ය හමුවේදි හිටපු ක්‍රිඩා අමාත්‍යවරයා කියා සිටියේ තමන් කල පැමිණිල්ල කරුණු 24 කින් යුත්  පිටු හයකින් සමන්විත වන බවද , එයට අදාල ලියකියවිලි 8 ක් ද ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයට වෙත බාර දුන් බවයි.

ලෝකයේ ටෙස්ට් ක්‍රිඩා කරන රටවල් 12 අතර තරග පවාදිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නම ද ඇතුළත් බවත් , මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙත අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් විශේෂ ලිපියක් එවා තිබු බවද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

එම තරග පවාදීම සම්බන්ධයෙන් දැනට පොලිස් විශේෂ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇති නිසා තවදුරටත් ඒ පිළිබඳ කතා නොකරන ලෙසද අමාත්‍යවරයා සියලු මාධ්‍යයවේදින්ගෙන් ඉල්ලා සිටියේය.


අදහස් (1)

මහින්දානන්දගෙන් පැය තුනක ප්‍රකාශයක්
  • Kumara Tuesday, 30 June 2020 05:07 AM

    ඇතුළට දානඑක තමයි කළ යුත්තේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.