Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බර්න්ස් - රූට් එංගලන්ත ඉනිම ගොඩනගති

බර්න්ස් - රූට් එංගලන්ත ඉනිම ගොඩනගති

editorial - 2019 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රොරී බර්න්ස්ගේ (101) සහ ජෝ රූට්ගේ (නොදැවී 114) ශතක හමුවේ සත්කාරක නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ අද (1 වැනිදා) තරගය අවසන් කරනවිට කඩුලු 5 ක් දැවී ලකුණු 269 ක් රැස්කිරිමට එංගලන්තය සමත්විය. මේ වනවිට නවසීලන්තය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 106 ක් පසුපසින් එංගලන්තය පසුවන්නේය.

ජෝ රූට් ලකුණු 114 ක් සහ ඔලී පොප් ලකුණු 4 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. පන්දු 278 කට මුහුණදුන් රූට් 17 වැනි ටෙස්ට් ශතකය ලබාගත් අතර ඊට හතරේ පහර 14 ක් ඇතුළත් විය.

දෙවැනි දිනට ඊයේ (30 වැනිදා) තරගය අවසන් කරනවිට එංගලන්ත පිල ලකුණු 39 කට කඩුලු 2 ක් අහිමිකරගෙන සිටියද අද දිනයේදී ඔවුන්ගේ ලකුණු පුවරුවට තවත් ලකුණු 230 ක් එක්වූ අතර අහිමිවූයේ කඩුලු 3 ක් පමණි.

පන්දු 209 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි රොරී බර්න්ස් හතරේ පහර 15 ක් සමගින් සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය (101) ලබාගනිමින් නවසීලන්ත ඉනිම ගොඩනැගීය. ආරම්භක පිතිකරු රොරී බර්න්ස් ශතකය ලබාගැනීමෙන් අනතුරුව 2 වැනි ලකුණු සඳහා පැති මාරුවීමේදී ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවිය. එය දැවීයාමක් ලෙස තීරණය කිරීමට තෙවැනි විනිසුරුවරයාට බොහෝ වේලාවක් පුනරූපණ නැරඹීමට සිදුවිය.

ජෝ රූට් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 177 ක සම්බන්ධාතවයක් ගොඩනගමින් නවසීලන් පිලේ බලාපොරොත්තු ඉහළ දැමීමට රොරී බර්න්ස් සමත්විය.

බෙන් ස්ටෝක්ස්ට (26) සහ සැක් ක්‍රව්ලිට (1) පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් ලබානොදීමට ටිම් සෝතී සහ නීල් වැග්නර් සමත්වූහ.

ටිම් සෝතීට කඩුලු 2 ක් දවාගන්නා විට නීල් වැග්නර් සහ මැට් හෙන්රි අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 375  
(ටොම් ලේතම් 105, රොස් ටේලර් 53, බී.ජේ. වොට්ලින් 55, ඩැරිල් මිචෙල් 73, මිචෙල් සෑන්ට්නර් 23, ටිම් සවුති 18, ස්ටුවට් බ්‍රෝඩ් 73/4, ක්‍රිස් වෝක්ස් 83/3, සෑම් කරන් 63/2)

එංගලන්ත පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 269
(රොරි බර්න්ස් 101, ජෝ රූට් නොදැවී 114, බෙන් ස්ටෝක්ස් 26, ටිම් සෝතී 63/2)

...


අදහස් (0)

බර්න්ස් - රූට් එංගලන්ත ඉනිම ගොඩනගති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.