Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පෞද්ගලික කණ්ඩායම් ක්‍රිකට් තරග බිමෙන් මාලිංග සමුගනී

පෞද්ගලික කණ්ඩායම් ක්‍රිකට් තරග බිමෙන් මාලිංග සමුගනී

editorial - 2021 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා වන ලසිත් මාලිංග පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් ක්‍රිකට් ලීග වලින් සමුගැනීමට තීරණය කර තිබේ. මාලිංග වසර 11 ක් ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (20 වැනිදා) මේ බව තහවුරු කළේය.

අයි.පී.එල් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් වලින් නිදහස් කරන ක්‍රිඩයන් පෙරේදා නිවේදනය කළ අතර ඒ අනුව ලසිත් මාලිංගද මුම්බායි ඉන්දියන් පිලෙන් නිදහස් කළ බව එහි හිමිකරු ආකාෂ් අම්බානි මහතා පැවසීය.

“ලසිත් මාලිංග වසර 12 ක් මුම්බායි ඉන්දියන් සමගින් සම්බන්ධ වෙලා හිටියා. ඔහුගේ තීරණයට අපි ගරු කරනවා. ඉදිරි අවුරුදු 5 දී ඔහු අපේ වේගපන්දු බලඇණියේ පුහුණු මණ්ඩලයේ කොටසක් වෙනවට මම කැමතියි” යැයි මුම්බායි ඉන්දියන් නිකුත් කළ නිවේදනයකට ඔහු පවසා ඇත.

2018 වසරේදී ආබාධයක් හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට ක්‍රීඩා නොකළ මාලිංග පන්දු යැවීමේ පුහුණුකරුවකු ලෙස මුම්බායි පිලට සේවය කළේය. නැවතත් 2019 වසරේදී මුම්බායි ඉන්දියන්ස් පිලට ක්‍රීඩා කළ මාලිංග ඔවුන්ට කුසලානය දිනා දුන්නේ අවසන් ඕවරයේ අවසන් පන්දුවේදී කඩුල්ලක් දවාගනිමිනි. නමුත් තම පියා අසනීප වීම හේතුවෙන් 2020 තරගාවලියේදී මාලිංග අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්විය.

මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් තරග 122 කට ක්‍රීඩාකර ඇති මාලිංග එහිදී කඩුලු 170 ක් දවාගනිමින් අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන්නේය. එමෙන්ම විරාට් කෝලීට පසුව එකම කණ්ඩායමක් වෙනුවෙන් වැඩිම කාළයක් ක්‍රීඩාකළ ක්‍රීඩකයා ලෙස මාලිංග වාර්තා පොත් අතරට එක්වෙයි.
 
අයි.පී.එල් තරගාවලියට අමතරව කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය, බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලිය සහ බිග් බෑෂ් ලීග් තරගාවලියන්ට එක්වී ඇති මාලිංග විස්සයි20 තරග 295 කදී කඩුලු 390 ක් දවාගෙන ඇත. විස්සයි20 තරග ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර කඩුලු 512 ක් දවාගෙන ඇති බටහිර ඉන්දීය කොදෙව්හී ඩ්වේන් බ්‍රාවෝට පමණක් ලසිත් මාලිංග දෙවැනි ව පසුවෙයි.

පෞද්ගලික හිමිකම් ඇති ක්‍රිකට් ලීග වෙනුවෙන් ක්‍රීඩා කරද්දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල්. කුසලාන 4 ක් දිනාගත් මාලිංග කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කණ්ඩායම් 3 කට ක්‍රීඩා කළේය.


- 2079

 


අදහස් (0)

පෞද්ගලික කණ්ඩායම් ක්‍රිකට් තරග බිමෙන් මාලිංග සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.