Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් ක්‍රිකට් දියුණු කිරීමට වසර දෙකකදී කෝටි 23 ක්

පාසල් ක්‍රිකට් දියුණු කිරීමට වසර දෙකකදී කෝටි 23 ක්

යොහාන් භාසුර - 2020 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර දෙක තුළදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සඳහා රුපියල් කෝටි 23 කට (රුපියල් 232,100,000) අධික මුදල් වැයකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පැති පුහුණු තීරු, පන්දු යැවීමේ යන්ත්‍ර, තණතීරු ආවරණ, ලණු පැදුරු, ක්‍රිකට් උපකරණ බෑග්, තණතීරු ‘රෝල’ යන්ත්‍ර, අත් ට්‍රැක්ටර් සහ වෙනත් යන්ත්‍ර, සාමාන්‍ය තණතීරු රෝල සහ ක්‍රීඩාංගණ හතරේ සීමා ලකුණු මෙම පහසුකම්වලට ඇතුළත් වේ.   

එම වසර දෙක තුළදී දිස්ත්‍රික්ක 25 තුළ පැති පුහුණු තීරු 220 ක් ඉදිකළ බව ද ඒ සඳහා රුපියල් කෝටි 13 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 1300 ක් වැය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඒ අනුව එම වසර දෙක තුළදී එක දිස්ත්‍රික්කයක පැති පුහුණු තණතීරු ඉදිකිරීමේ සාමාන්‍ය තණතීරු අටක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම වසර දෙකතුළදී රුපියල් කෝටි තුනක් හෙවත් රුපියල් ලක්‍ෂ 300 ක් වැය කරමින් තණතීරු සකස් කරන ‘රෝල යන්ත්‍ර’ සහ වෙනත් යන්ත්‍ර 24 ක් ද, පාසල්වලට ලබාදී තිබේ.


අදහස් (0)

පාසල් ක්‍රිකට් දියුණු කිරීමට වසර දෙකකදී කෝටි 23 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.