Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය කඩුලු 5 කට ලකුණු 126

පාකිස්තානය කඩුලු 5 කට ලකුණු 126

editorial - 2020 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත වේගපන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ සදම්ප්ටන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් පළමු දිනට අවසන් කරන විට පාකිස්තානුවෝ ලකුණු 126 කට කඩුලු 5 ක් අහිමිකරගෙන සිටියහ.

බාබර් අසාම් ලකුණු 25 ක් සහ මොහොමඩ්රැ රිස්වාන් ලකුනු 4 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර පාකිස්තාන ඉනිම ගොඩනැගීමේ කාර්ය්‍ය භාරය දැන් ඔවුන් දෙදෙනාගේ කරමත පැටවී තිබිණ.

තේ පානයෙන් පසුව බිඳ වැටුණු කඩුලු 3 සෑම් කරන්, ස්ටුවර්ට්  බ්‍රෝඩ් සහ ක්‍රිස් වෝක්ස් අතර බෙදී ගියහ.

දෙවරක් දැවීයාම් වලින් බේරුණද තෙවැනි අවස්ථාවේදී රොරි බර්න්ස් විසින් ලබාගත් උඩපන්දුව හමුවේ ලකුණු 60 ක් ලබා සිටි අබිඩ් අලීට පිටියෙන් ඉවත් වීමට සිදුවිය. පන්දු 111 ක් පුරා කඩුල්ලේ රැඳි සිටි අබිඩ් අලීගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය

අබිඞ් අලීගේ උඩපන්දුවක් ගිලිහි ගියද අසාර් අලීට එම අවස්ථාව ලබානොදුන් රොරී බර්න්ස් ස්ලිප්හී සිට උඩපන්දුව සුරුකිව රැකගත්තේය. ජේම්ස් ඇන්ඩර්සන්ගේ දෙවැනි කඩුල්ල ලෙස අසාර් අලී දැවී යනවිට රැස්කර සිටියේ ලකුණු 20 ක් පමණි.

ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ ඩොමිනික් සිබ්ලිද ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ රොරී බර්න්ස්ද  අබිඞ් අලී දුන් උඩපන්දු දෙකක්ම බිම දැමූහ. එබැවින් අබීඞ් අලීට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවිය.

තරගයේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ආරම්භක පිතිකරු ශාන් මසූඞ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත්විය.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක අසාර් අලී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගාවලියේ පළමු තරගය පරාජය වී සිටින බැවින් පාකිස්තානු පිල තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට නම් මෙම තරගය ජයගත යුතුම තත්ත්වයකට පත්ව තිබේ. එසේ නොවුණහොත් වසර 10 කට පසුව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් පරාජය වීමේ අවදානමට පාකිස්තානය මුහුණ දී සිටී.


පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 85
(අබිඩ් අලී නොදැවී 49, අසාර් අලී 20, බාබර් අසාම් නොදැවී 7, ජේම්ස් ඇන්ඩර්සන් 24/2)

- 2079

 


අදහස් (0)

පාකිස්තානය කඩුලු 5 කට ලකුණු 126

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.