Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පශ්චාත් කොරෝනා ක්‍රිකට් සමයට මැතිව්ස්ගෙන් විශිෂ්ට ආරම්භයක්

පශ්චාත් කොරෝනා ක්‍රිකට් සමයට මැතිව්ස්ගෙන් විශිෂ්ට ආරම්භයක්

ශානුක අරවින්ද - 2020 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රීකට් තරගාවලියේ දෙවැනි වටයේදී සැරසන් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 173 ක් රැස්කිරීමට ඇන්ජලෝ මැතිව්ස් අද (11 වැනිදා) සමත් විය. මෙම තරගය කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්දින තරගයක් වන අතර අද තරගයේ දෙවැනි දිනයයි.

මෙම තරගාවලියේ පළමු වටයේ තරග ඉකුත් මාර්තු මාසයේදී පැවැති අතර කොරෝනා වසංගතය හේතුවෙන් දෙවැනි වටයේ තරග කල්දැමීමට සිදුවිය. මාස 5 කට පමණ පසුව ක්‍රීඩා කළ පළමු තරගයේදීම මැතිව්ස් ලබාගත් මෙම ශතකය හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 කින් සමන්විත විය. මැතිව්ස්ගේ ඉනිම සඳහා පන්දු 262 ක් වැය වූ අතර එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය 66.03 ක් ලෙස සටහන් විය.

සධීර සමරවික්‍රම (41) සහ අවිෂ්ක ප්‍රනාන්දු (66) එක්ව එම තරගයේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සමබන්ධතාවක් ගොඩනැගහ. ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරව සන්තුෂ් ගුණතිලක (100) සමග එක්වූ මැතිව්ස්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 245 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. එහිදී පන්දු 245 කට මුහුණදුන් සන්තුෂ්ගේ ශතකයට ඇතුළත් වූයේ හතරේ පහර 3 ක් පමණි.

ඊයේ දිනයේදී කමිඳු මෙන්ඩිස් (නොදැවී 136) බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිවද, ළහිරු උදාර (105) සහ උපුල් තරංග (121) යුද හමුදා කණ්ඩායමට එරෙහිවද ශතක ලබා ගැනීමට සමත් වූහ. කුසල් මෙන්ඩිස් (139) රාගම කණ්ඩායමට එරෙහිවද, චානක රුවන්සිරි (124) මීගමුව කණ්ඩායමට එරෙහිවද තරගාවලියේ පළමු දිනය වූ පෙරේදා (10 වැනිදා) ශතක ලබාගත්හ.

එහිදී එන්.සී.සී. කණ්ඩායමේ දිලේෂ් ගුණරත්න (42/5), බදුරලිය කණ්ඩායමේ ළහිරු සමරකෝන් (86/5), මුවර්ස් කණ්ඩායමේ කවිෂ්ක අංජුල (39/5) සහ මීගමුව කණ්ඩායමේ ලක්ෂිත රසාංජන (85/5) යන ක්‍රීඩකයෝ කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දක්සම් දැක්වූහ.


දෙවැනි දිනයේ තරග නිමා වන විට පැවැති තත්ත්වය

කෝල්ට්ස් සහ සැරසන් කණ්ඩායම් අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 408
(සධීර සමරවික්‍රම 41, අවිෂ්ක ප්‍රනාන්දු 66, සන්තුෂ් ගුණතිලක 100, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 173, කසුන් රාජිත 85/3, ප්‍රමෝද් මධුවන්ත 72/2)
සැරසන් පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 113
(නවිඳු විතානගේ 32, ගමිඳු කනිෂ්ක 45, මිලින්ද සිරිවර්ධන නොදැවී 27)


සී.සී.සී සහ රාගම කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
සී.සී.සී පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 499
(මිනෝද් භානුක 88, කුසල් මෙන්ඩිස් 139, අෂාන් ප්‍රියන්ජන් 58, වනිඳු හසරංග 88, ළහිරු මධුෂංක නොදැවී 57, අමිල අපොන්සු 29, බිනුර ප්‍රනාන්දු 72/4)
රාගම පළමු ඉනිම - සියලු දෙනා දැවී 132
(සමින්ද ප්‍රනාන්දු 16, රොෂේන් සිල්වා 27, ජනිත් ලියනගේ 43, මාලින්ද පුෂ්පකුමාර 35/4, ළහිරු මධුෂංක 16/2, වනිඳු හසරංග 36/2)
රාගම දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 04


හලාවත මේරියන්ස් සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 195
(ඕෂද ප්‍රනාන්දු 42, පුලින තරංග 40, කසුන් විදුර 38, තික්ෂිල ද සිල්වා 35, භානුක රාජපක්ෂ 26/3, හෂේන් රාමනායක 43/3, දුවිඳු තිලකරත්න 54/3)
බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 87
(ලසිත් ලක්ෂාන් 18, දේෂාන් ඩයස් 24, අසිත ප්‍රනාන්දු 43/4, නිමේෂ් විමුක්ති 06/3, තික්ෂිල ද සිල්වා 13/3)
හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 359
(ලසිත් කෲස්පුල්ලේ 15, ඕෂද ප්‍රනාන්දු 30, කමිඳු මෙන්ඩිස් නොදැවී 136, ෂෙහාන් ජයසූරිය 35, කසුන් විදුර 87, තික්ෂිල ද සිල්වා නොදැවී 40, භානුක රාජපක්ෂ 40/3, දුවිඳු තිලකරත්න 71/2)


යුද හමුදා සහ එන්.සී.සී. කණ්ඩායම් අතර කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
යුද හමුදා පළමු ඉනිම - සියලු දෙනා දැවී 269
(තුලින ඩිල්ෂාන් 14, දිනේෂ් චන්දිමාල් 19, අසේල ගුණරත්න 50, හිමාෂ ලියනගේ 46, මහේෂ් කුමාර 41, ජනිත් සිල්වා 54, චතුරංග සිල්වා නොදැවී 18, දිලේෂ් ගුණරත්න 42/5, චතුරංග ද සිල්වා 90/3)
එන්.සී.සී. පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 323
(ළහිරු උදාර 105, හසිත බෝයගොඩ 15, උපුල් තරංග 121, ඇන්ජලෝ පෙරේරා 29, මහේල උඩවත්ත නොදැවී 26, සහන් ආරච්චිගේ නොදැවී 14, සීක්කුගේ ප්‍රසන්න 72/3)


පළඟ ශූරතාවලියේ තරග
එස්.එස්.සී. සහ ද්‍රවිඩ සංගම් කණ්ඩායම් අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 254
(සඳුන් වීරක්කොඩි 35, චරිත් අසලංක 24, දසුන් ශානක 35, සචිත්‍ර සේනානායක 81, ආකාෂ් සේනාරත්න 37, ධම්මික ප්‍රසාද් 21, සුරංග ලක්මාල් 36/4, ඉසුරු උදාන 43/2, ප්‍රමෝද් මධුෂාන් 53/2)
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 294
(යොහාන් මෙන්ඩිස් 31, රන්මිත් ජයසේන 82, නවෝද් පරණවිතාන 71, ධනංජය ද සිල්වා 53, ධක්ෂිත ප්‍රනාන්දු නොදැවී 39, ධම්මික ප්‍රසාද් 28/2, ජෙෆ්රි වැන්ඩසේ 89/2)


මුවර්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
මුවර්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 340
(දිනුක දිල්ෂාන් 46, නිපුන් කරුණානායක 27, රමේෂ් මෙන්ඩිස් 40, අදීෂ තිලන්චන 53, අනුක් ප්‍රනාන්දු 27, අයන සිරිවර්ධන 83, කවිෂ්ක අංජුල 42, ළහිරු සමරකෝන් 86/5, දුෂාන් හේමන්ත 57/2, බුද්ධික සංජීව 75/2)
බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 149
(සාලින්ද පෙරේරා 67, දුනිත් ජයතුංග 22, දුෂාන් හේමන්ත 25, කවිෂ්ක අංජුල 39/5, සචිත්‍ර සේරසිං 12/3, රමේෂ් මෙන්ඩිස් 37/2)
මුවර්ස් දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 71
(පබසර වඩුගේ නොදැවී 36, මොහොමඞ් ශමාස් නොදැවී 27)


ලංකන් සහ මීගමුව කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
ලංකන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 270
(ළහිරු ඩිල්ෂාන් 43, චානක රුවන්සිරි 124, සවන් කංකානම්ගේ 14, දුනිත් වෙල්ලාගේ 37, ලක්ෂිත රසාංජන 85/5, උපුල් ඉන්ද්‍රසිරි 79/3)
මීගමුව පළමු ඉනිම - සියලු දෙනා දැවී 238
(අෂේන් සිල්වා 53, මාධව වර්ණපුර 64, රොස්කො තටීල් 63, දුනිත් වෙල්ලාලගේ 66/3, ගීත් කුමාර 33/2, චානක රුවන්සිරි 45/2)
ලංකන් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 67
(කසුන් අබේරත්න 20, චානක රුවන්සිරි නොදැවී 26, උපුල් ඉන්ද්‍රසිරි 13/3, රොෂේන් ප්‍රනාන්දු 22/2)


අදහස් (0)

පශ්චාත් කොරෝනා ක්‍රිකට් සමයට මැතිව්ස්ගෙන් විශිෂ්ට ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.