Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නේතන් - ස්මිත් - ස්ටාර්ක් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

නේතන් - ස්මිත් - ස්ටාර්ක් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

editorial - 2019 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

නේතන් කූල්ටර්නයිල් (92) සහ ස්ටීවන් ස්මිත්ගේ (73) පිතිහරඹයත් මිචෙල් ස්ටාර්ක්ගේ (46/5) පන්දු යැවීමත් හමුවේ ලෝක කුසලාන තරගාවලියේ  10 වැනි ලෙස තරගය ලෙස නොටින්හැම්හිදී අද (6 වැනිදා) පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 15 ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. ඒ අනුව ඕස්ට්‍රේලියාව පිට පිට ජයග්‍රහණය කරන ලද 10 වැනි තරගයද වන්නේය.

මිචෙල් ස්ටාර්ක්ගේ පන්දු යැවීම හමුවේ ජයග්‍රහණය සඳහා ලකුණු 289 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 273 ක් පමණි. ඕවර 10 ක් යැවූ ස්ටාර්ක් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 46 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය.

ෂායි හෝප් සහ නායක ජේසන් හෝල්ඩර් අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. ෂායි හෝප් පන්දු 105 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 68 ක් රැස්කළ අතර ජේසන් හෝල්ඩර් පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළේය.

මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ නිසි සහයෝගය නොලැඹීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමෙන් ජයග්‍රහණය ගිලිහීයාමට හේතුවිය.

කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 288 ක් රැස්කිරීමට සමත්විය.

ලෝක කුසලාන තරගාවලියකදී අංක 8 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ක්‍රීඩකයකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට නේතන් කූල්ටර්නයිල් අද සමත්විය. වේගවත් පිතිහරඹයක නිරතවූ නේතන් කූල්ටර්නයිල් පන්දු 60 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 92 ක් රැස්කළ අතර ඔහු ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා විය.

අනෙක් අන්තයේ කඩුලු එකින් එක බිඳ වැටෙන විට මනා සංයමයකින් යුතුව පන්දු තෝරා බේරාගනිමින් පන්දුවට පහරදුන් ස්ටිවන් ස්මිත් අගනා ලකුණු 73 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 103 කට මුහුණදුන් ස්මිත්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

එක් අවස්ථාවක ලකුණු 38 කට කඩුලු 4 ක් ලෙස ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව දිස්වූ අතර ඊට තවත් ලකුණු 41 ක් එක්වන විටදී 5 වැනි කඩුල්ල ලෙස මාකස් ස්ටොයිනිස් ලකුණු 19 කට දවාගැනීමට ජේසන් හෝල්ඩර් සමත්විය.

ලකුණු 79 කට කඩුලු 5 ක් දැවී අසීරූ අඩියක සිටි ඕස්ට්‍රේලියානූ ඉනිම යළි ගොඩනැගීම ආරම්භ කළ ස්ටීවන් ස්මිත් හයවැනි කඩුල්ල සඳහා ඇලෙක්ස් කේරී සමගින් එක්ව පන්දු 87 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. පන්දු 55 කට මුහුණදුන් කේරීගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

ඕස්ට්‍රේලියානූ ලකුණු පුවරුව 147 ක් වනවිට හයවැනි කඩුල්ල ලෙස ඇලෙක්ස් කේරී දැවී ගියද ඉන් නොසැලුණු ස්ටීවන් ස්මිත්, නේතන් කූල්ටර්නයිල් සමගින් එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 82 කදී ලකුණු 102 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.

කාලෝස් බ්‍රැත්වේට් කඩුලු 3 ක් ද ඇන්ඩි්‍ර රසල්, ශෙල්ඩන් කොට්ටේ්‍රල් සහ ඔෂේන් තෝමස් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඕස්ට්‍රේලියාව - ඕවර 49 කදී සියලුදෙනා දැවී 288
(ස්ටිවන් ස්මිත් 73, ඇලෙක්ස් කේරී 45, නේතන් කූල්ටර්නයිල් 92, කාලෝස් බ්‍රැත්වේට් 67/3, ඇන්ඩි්‍ර රසල් 41/2, ශෙල්ඩන් කොට්ටේ්‍රල් 56/2, ඔෂේන් තෝමස් 63/2)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 273
(ක්‍රිස් ගේල් 21, ෂායි හෝප් 68, නිකලස් පූරන් 40, ශිම්රන් හෙට්මයර් 21, ජේසන් හෝල්ඩර් 51, මිචෙල් ස්ටාර්ක් 46/5, පැටි්‍රක් කමින්ස් 41/2)


අදහස් (0)

නේතන් - ස්මිත් - ස්ටාර්ක් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.