Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිපන්දුව බැලීමත් රූපවාහිනී ඇසට

නිපන්දුව බැලීමත් රූපවාහිනී ඇසට

editorial - 2019 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගාවලියේදී කිසිදු වැරැද්දක් සිදු නොවීම සඳහා අත්හදා බැලීමක් ලෙස නිපන්දු පරීක්‍ෂා කිරීමට පිටියේ සිටින විනිසුරුවරුන් වෙනුවට රූපවාහිනී විනිසුරුවරයා යොදා ගැනීමට නියමිතය.

හයිද්‍රාබාද්හිදි ඊයේ (6 වැනිදා) පැවැති පළමු විස්සයි 20 තරගයෙන් ඇරඹෙන විස්සයි විස්ස හා එක්දින තරඟාවලියන්හිදී පන්දු යවන්නාගේ “ඉදිරිපස පාදය සීමා ඉර පසුකරන්නේද යන්න පරීක්‍ෂා කිරීමත් අත්හදා බැලීමක් ලෙස තාක්ෂණයට බාරකරනු ඇති බව” ජාත්‍යන්තර ක්‍රිකට් සභාව පවසයි.

“තරගය පුරා යවන සෑම පන්දුවක්ම තෙවැනි විනිසුරු විසින් අධීක්ෂණය කළයුතු අතර ඉදිරිපස පාදයේ නිතීය කඩවීමක් සිදුවී ඇත්දැයි හඳුනා ගැනීම ඔහුගේ වගකීම යැයි” ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
“ඉදිරිපස පාදයේ නිතීය කඩවීමක් සිදුවී ඇත්නම්, තෙවැනි විනිසුරු විසින් මෙය පිටියේ සිටින විනිසුරු වෙත දැනුම්දීමෙන් පසුව පසුව ඔහු විසින් නිපන්දුවක් යැයි සංඥා කරනු ඇත.”

පන්දු යවන්නාගේ ඉදිරි පාදය සීමා ඉරෙන් ඔබ්බට ගිය විට සාමාන්‍යයෙන් පිටියේ සිටින විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක් ලෙස සංඥා කරයි. එවිට එම පන්දුව නිතී විරෝධී පන්දුවක් වන අතර පන්දුවට පහරදෙන කණ්ඩායමට ලකුණක් ප්‍රදානය කෙරේ.

පසුගිය මාසයේ පැවැති ඕස්ටේ්‍රලියාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගයේ පුනරූපණ නැරඹීමේදී දෙවැනි දිනයේ සැසිවාර දෙකකදී නිපන්දු 21 ක් මඟහැරී ඇති බව දැකගැනීමට ලැබීමත් සමගින් නව ප්‍රවේශයක් සඳහා අවශ්‍යතාව වැඩිවෙමින් පවතී. මෙවැනි මඟහැරීම් විශ්මය ජනකයැයි පැවසු හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක සහ රූපවාහිනී විශ්ලේෂක ටේ‍රන්ට් කෝප්ලන්ඞ් මෙම ගැටළුව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව කටයුතු කළ යුතු බව පැවසීය.

නිපන්දු 21 ක් යැවීමට පෙරත් විනිසුරුවන්ගේ බොහෝ තීරණ ප්‍රශ්නාර්ථයට නැංවී තිබුණි.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නකු වන පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ මොහොමඞ් රිස්වාන් දැවීයාමේ පුනරූපණ නැරඹීමේදී ඔහුගේ ඉදිරි පාදය සීමා ඉරෙන් ඉදිරියට ගොස් තිබුණි.

“නිපන්දුවල නිරවද්‍යතාවයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට වාසිදායක බලපෑමක් තිබේද යන්න සහ ක්‍රීඩාවේ ගලායාමට ඇති බාධාව අවම කරන අතරම එය ක්‍රියාත්මක කළ හැකිද යන්න මැන බැලීමට මෙම අත්හදා බැලීම සිදුකරනු ඇති බව” ජාත්‍යන්තර ක්‍රිකට් සභාව පැවසීය.

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර විස්සයි 20 තරග 3 ක් පැවැත්වෙන අතර ඉන් අනතුරුව දෙසැම්බර් 15 වනදා තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වේ.

මේ වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී සිදුවූ මතභේදාත්මක තත්ත්වයන්ගෙන් පසුව නිපන්දු පරීක්‍ෂා කිරීමට වෙනම විනිසුරුවරයෙකු යොදා ගනිමින් අත්හදා බලන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය මාසයේ නිවේදනය කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව දැනටමත් තීරණ සමාලෝචන පද්ධතියක් භාවිතා කරන අතර ක්‍රීඩකයන්ට විනිසුරුවන්ගේ තීරණයට අභියෝග කළ හැකි අතර පන්දුව පිත්තේ වදින්නේද නැද්ද යන්න සෙවීමට ශ්‍රව්‍ය හා තාප සංවේදක තාක්ෂණය යොදාගනී.

...


අදහස් (0)

නිපන්දුව බැලීමත් රූපවාහිනී ඇසට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.