Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර හැමිල්ටන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (3 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමටද නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.
වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අද දිනයේදී එංගලන්ත කණ්ඩායමට යැවිය හැකි වූයේ ඕවර 40 ක් පමණි. පස්වරු 2.00 ට පමණ වර්ෂාව නිසා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 241 ක් ලබා සිටියේය.
ඒ අනුව තරගය නිමාවන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 140 ක් ඉදිරියෙන් සිටි අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි නායක කේන් විලියම්සන් ලකුණු 104 ක්ද, රොස් ටේලර් ලකුණු 105 ක්ද බැගින් ලබා පන්දුවට පහර දෙමින් සිටියහ.
ඔවුන් දෙදෙනා එක්ව නවසීලන්ත දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 213 කි. විලියම්සන්ගේ 21 වැනි ටෙස්ට් ශතකයට හතරේ පහර 11 ක් ඇතුළත් වූ අතර ටේලර්ගේ 19 වැනි ටෙස්ට් ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 375
(ටොම් ලේතම් 105, රොස් ටේලර් 53, බී.ජේ. වොට්ලින් 55, ඩැරිල් මිචෙල් 73, මිචෙල් සෑන්ට්නර් 23, ටිම් සවුති 18, ස්ටුවට් බ්‍රෝඞ් 73/4, ක්‍රිස් වෝක්ස් 83/3, සෑම් කරන් 63/2)
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 476
(රෝරි බර්න්ස් 101, ජෝ රූට් 226, බෙන් ස්ටොක්ස් 26, ඔලී පෝප් 75, නීල් වැග්නර් 124/5, ටිම් සවුති 90/2)
නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුළු 2 ක් දැවී 241
(ටොම් ලේතම් 18, කේන් විලියම්සන් නොදැවී 104, රොස් ටේලර් නොදැවී 105)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.