Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයට අක්කර 28 ක්

දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයට අක්කර 28 ක්

යොහාන් භාසුර - 2020 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

හෝමාගම, දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා අක්කර 28 ක භූමිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැවරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. හෝමාගම ආසනයේ ආණ්ඩු පක්‍ෂයේ සංවිධායකවරයා වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා යන මහත්වරු සහ නාගරික සංවර්ධන අධිකාරීයේ නිලධාරීන් අතර ඊයේ (17) පෙරවරුවේ දියගමදී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ.
 
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමේදී පැවසුවේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) මුදල්වලින් ක්‍රීඩාංගණය ඉදිකරන්නේ නම් එම ඉඩම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැවරීම පළමුවෙන්ම කළ යුතු බවයි.

“දියගම ක්‍රීඩා සංකීර්ණය සතුව අක්කර 126 ක ඉඩමක් තියෙනවා. එහි මේ වන විට ක්‍රීඩා විශ්ව විද්‍යාලයක්, මලල ක්‍රීඩා, බේස්බෝල් ආදි ක්‍රීඩාංගණ තියෙනවා. එම ක්‍රීඩාංගණවලට එවැනි පැවරීමක් අවශ්‍ය වුණේ නෑ. මේ හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ ද සාකච්ඡා කරලා හැකි ඉක්මනින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා”
“මෙම ක්‍රීඩාංගණය විදුලි ආලෝකය මධ්‍යයේ අප්‍රේක්‍ෂකයන් 45,000 කට එකවර තරගයක් නැරඹිය හැකි සියලුම පහසුකම්වලින් යුත් ක්‍රීඩාංගණයක් ලෙස ඉදි කරනවා” යැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) මුදල්වලින් ක්‍රීඩාංගණය ඉදිකරන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉඩම පැවරීම අනිවාර්ය බව තමන් පෙන්වා දුන් බවයි.

“අපි මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට අයි.සී.සී. එකෙන් ඩොලර් මිලියන 15 ක පමණ ණයක් වසරකට මිලියන දෙකක් පමණ ගෙවීමේ එකඟතාව මත ලබාගන්න බලාපොරොත්තු වෙනවා”
“මෙම ක්‍රීඩාංගණය ඉදිකළ පසු අපේ ප්‍රධාන ක්‍රීඩාංගණය වන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමේදී මුහුණදීමට සිදුවන අපහසුතා අවම කරගන්න හැකියාව ලැබෙනවා. එහි ඇතැම් අන්තර්ජාතික තරගවලදී ආසන පහසුකම් නොමැති වීමෙන් ප්‍රේක්‍ෂකයන් 10,000 ක් විතර එළියෙ ඉන්නවා”

“දියගම මෙම ක්‍රීඩාංගණය ඉදිකරන ස්ථානයට අධිවේගී මාර්ගයට ආසන්න වීම නිසා පැය දෙකක් ඇතුළත පිට පළාත්වල සිට ළඟා වෙන්න හැකියාව තියෙනවා. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට මෙන් කොළඹ නගරයේ ජනාකීර්ණ ප්‍රදේශය තුළට එන්න ඕන නෑ” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ පස්වැනි දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වේ. ආර්. ප්‍රේමදාස (ඛෙත්තාරාම), දඹුල්ල, පල්ළෙකැලේ සහ සූරියවැව යන ක්‍රීඩාංගණ හතර ශ්‍රී ලංකාවේ වර්තමාන දිවා රාත්‍රී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ පොළොන්නරුව සහ යාපනය යන ප්‍රදේශවල ද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිරිකිරීමට ඉඩම් වෙන්කළ අතර මේ දක්වා ඒවායේ ඉදිරිකිරීම් ආරම්භ කළ බව දැනගන්නට නැත.
 

අදහස් (2)

දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයට අක්කර 28 ක්
  • Royfedricks Monday, 18 May 2020 10:25 PM

    තවත් ජාවාරමක්... මහේල පවසා තිබෙනවා අපට තව ක්‍රීඩාංගණ අනවශ්‍ය බව... හාමුදුරුවොත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධයි.

    Reply 0       0

    විජේ Monday, 18 May 2020 11:52 PM

    මුලු ලෝකෙටම කෙලවෙලා තියන වෙලේ මොන ක්‍රිකට් ක්‍රීඩාංගණද? නුඹලාගේ හත්මුතු පරම්පරාවටම හෙන ගහයි ඔය අපරාදෙ කළොත්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.