Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දික්වැල්ල - චන්දිමාල් ශතක දෙකකින් කණ්ඩායම දිනවති

දික්වැල්ල - චන්දිමාල් ශතක දෙකකින් කණ්ඩායම දිනවති

රොෂාන් ගුණරත්න - 2020 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේගවත් පිතිහරඹයක නිරතවූ නිරෝෂන් දික්වැල්ල (127) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 117) ලබාගත් ශතක හේතුවෙන් දිමුත් කරුණාරත්නගේ කණ්ඩායමට එරෙහිව ඊයේ (30 වැනිදා) පැවැති සිමිත ඕවර පුහුණු තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යයට අනුව ලකුණු 13 ක ජයක් හිමිකර ගැනීමට නිරෝෂන් දික්වැල්ලගේ කණ්ඩායම සමත්විය. කොරෝනා වයිරසයේ බලපෑමෙන් පසුව පුහුණු කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පල්ලේකැළේදී පැවැත්වෙන දෙවැනි නේවාසික පුහුණුවට සහභාගී වෙමින් සිටින අතරේ මෙම පුහුණු තරගය පැවැත්විණ.

කාසියේ වාසිය දිනාගත් නායක නිරෝෂන් දික්වැල්ල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 346 ක් රැස්කිරීමට ඔහුගේ කණ්ඩායම සමත්වූයේය.  වේගවත් පිතිහරඹයක නිරතවූ දික්වැල්ල පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 127 ක් රැස්කළ අතර තවත් වේගවත් ශතකයත් ලබාග් දිනේෂ් චන්දිමාල් පන්දු 100 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 117 ක් ලබාගැනීමට සමත්විය.

ආරම්භක කඩුල්ල සඳහා ධණුෂ්ක ගුණතිලක සමගින් එක්ව පන්දු 83 කදී ලකුණු 110 ක් රැස්කිරීමට දායක වූ දික්වැල්ල ඉන් නොනැවතී තෙවැනි කඩුල්ල සඳහා දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව පන්දු 87 කදී තවත් ලකුණු 105 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. ආරම්භක පිතිකරු ධණුෂ්ක ගුණතිලක පන්දු 37 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

දැඩි පහරදීමකට ලක්වූ ළහිරු කුමාර සිය ඕවර 10 අවසන් කරන විට ලකුණු 72 ක් ලබාදෙමින් කඩුලු 3 ක් දවාගත් අතර ධනංජය ද සිල්වා ඕවර 6 ක් යවමින් ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 347 ක ඉලක්කයක් හඹාගිය දිමුත් කරුණාරත්නගේ කණ්ඩායමට අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 45.3 කදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 292 ක් පමණි. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය නතර කරන විට ජයග්‍රහණය කිරීමටනම් දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම ලකුණු 306 ක් ලබාගත යුතුව තිබුණි.

වේගවත් පිතිහරඹයක නිරතවූ තිසර පෙරේරා පන්දු 75 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත්විය. ඊට අමතරව ධනංජය ද සිල්වා පන්දු 45 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 49 ක් රැස්කළ අතර ළහිරු තිරිමාන්න පන්දු 50 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 45 ක් රැස් කළේය.

 

නිරෝෂන් දික්වැල්ලගේ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 346
(නිරෝෂන් දික්වැල්ල 127, දිනේෂ් චන්දිමාල් නොදැවී 117, ධණුෂ්ක ගුණතිලක 41, ළහිරු කුමාර 72/3, ධනංජය ද සිල්වා 30/2)
දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම් - ඕවර 45.3 කදී කඩුලු 7 ක් දැවී 292
(තිසර පෙරේරා නොදැවී 101 ධනංජය ද සිල්වා 49, ළහිරු තිරිමාන්න 45, )


අදහස් (0)

දික්වැල්ල - චන්දිමාල් ශතක දෙකකින් කණ්ඩායම දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.