Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දහයයි 10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 15

දහයයි 10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 15

editorial - 2019 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

තෙවැනි වරටත් ඩුබායිහිදී පැවැත්වෙන දහයයි 10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගෙන ඇත. මෙම තරගාවලිය මේ මස 14 වැනිදා සිට 24 වැනිදා දක්වා ඩුබායිහී සයීඞ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධායකයින් මේ වනවිටත් කටයුතු සුදානම් කර ඇත.

‘බංග්ලා ටයිගර්ස්’ කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට හිමිව ඇති අතර ෂෙහාන් ජයසූරිය, කෙවින් කොත්තිගොඩ, ප්‍රභාත් ජයසූරිය එම කණ්ඩායම නියෝජනය කරන සෙසු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෝ වෙති.

ලසිත් මාලිංග, දසුන් ශානක සහ වනිඳු හසරංග ‘මරතා ඇරබියන්ස්’ කණ්ඩායම නියෝජනය කරන අතර ‘ටීම් අබුඩාබී කණ්ඩායම නියෝජනය කරමින් නිරෝෂන් දික්වැල්ල ක්‍රිඩා කරයි. භානුක රාජපක්ෂ ‘ඩෙකෑන් ග්ලැඩියේටර්ස්’ කණ්ඩායමත්, මාලින්ද පුෂ්පකුමාර ‘කර්ණාටක ටස්කර්ස්’ කණ්ඩායමත් නියෝජනය කරන අතර කුසල් පෙරේරා, දුෂ්මන්ත චමීර, ඇන්ජලෝ මැතිව්ස් තිදෙනා ‘දිල්ලි බුල්ස්’ කණ්ඩායමද නුවන් ප්‍රදීප් සහ අසේල ගුණරත්න ‘නොර්දන් වෝරියර්ස්’ කණ්ඩායමද නියෝජනය කරති.

මෙවර තරගාවලිය සඳහා තවමත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වර්ණ ලබා නැති කෙවින් කොත්තිගොඩද එක්වී ඇත. දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රීඩක පෝල් ඇඩම්ස් පන්දු යවන ආකාරයට සමාන ආකාරයකින් පන්දු යවන 21 හැවිරිදි කෙවින් ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමද නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

ඔක්තෝබර් 16 වැනිදා පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙකු පමණක් තෝරාගත් අතර විවිධ හේතුන් මත ක්‍රීඩකයින් තරගාවලියෙන් ඉවත්වීමත් සමගින් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකුට තරගාවලියට එක්වීමට අවස්ථාව උදා වී තිබේ. ඇෆ්ඝනිස්තානයේ මොහොමඞ් නබී සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂර්ෆේන් රදෆර්ඞ් මෙම තරගාවලියට තෝරාගෙන සිටියද දෙරට අතර පැවැත්වෙන තරගාවලියට එක්වීමට සිදුවීම හේතුවෙන් ඔවුන්ට මෙවර දහයයි10 තරගාවලිය මඟහැරී තිබේ.

එමෙන්ම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔවුන්ගේ ක්‍රීඩකයින්ට දහයයි10 තරගාවලිය තහනම් කිරිම හේතුවෙන් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට මෙවර තරගාවලිය අහිමිවී යනු ඇත.

මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 2 ක් යටතේ කණ්ඩායම් 8 ක් සහභාගීවන අතර මූලික වටයේදී ඒ ඒ කාණ්ඩවල කණ්ඩායම් එක්නෙකා සමගින් තරග වදිති. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා ආකාරයට දෙවැනි වටයේදි ප්‍රතිවාදී කාණ්ඩයේ කණ්ඩායම් 3 ක් සමගින් තරග කිරීමට සියලුම කණ්ඩායම් වලට සිදුවනු ඇත.

පළමු වටයේදී සහ දෙවැනි වටයේදී ලබාගන්නා ප්‍රසාද ලකුණු මත පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක පළමු කඩයිම් තරගයට සහභාගීවන අතර ජයගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගනී. පරාජයට පත්වන කණ්ඩායම තෙවැනි කඩයිම් තරගයට පිවිසෙයි.

ප්‍රසාද ලකුණ සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් දෙවැනි කඩයිම් තරගයට සුදුසුකම් ලබාගන්නා අතර ඉන් ජයගන්නා කණ්ඩායම සහ පළමු කඩයිම් තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම අතර තෙවැනි කඩයිම් තරගය පැවැත්වේ. තෙවැනි කඩයිම් තරගයෙන් ජයගන්නා කණ්ඩායම සහ පළමු කඩයිම් තරගයෙන් ජයගත් කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්වෙනු ඇත.

මූලික වටයේ තරග 15 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි වටයේ තරග 19 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වේ. පළමු, දෙවැනි සහ තෙවැනි කඩයිම් තරග නොවැම්බර් 23 වැනිදා පැවැත්වෙන අතර තෙවැනි ස්ථානය තෝරාගැනීමේ තරගය සහ අවසන් මහා තරගය නොවැම්බර් 24 වැනිදා පැවැත්වේ.


‘ඒ’ කාණ්ඩය
බංග්ලා ටයිගර්ස්, ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, දිල්ලි බුල්ස්, කර්ණාටක ටෂ්කර්ස්

‘බී’ කාණ්ඩය
මරතා ඇරබියන්ස්, ක්වොලැන්ඩර්ස්, නොර්දන් වොරියර්ස්, ටීම් අබුඩාබි

බංග්ලා ටයිගර්ස් -
තිසර පෙරේරා (නායක), කොලින් ඉන්ග්‍රාම්, ඇන්ඩි්‍ර ෆ්ලේචර්, රිලී රොසොව්, ලයම් ප්ලන්කට්, ක්යස් අහ්මඞ්, ටොම් මූර්ස්, රොබී ෆ්‍රයිලින්ක්ස්, ඬේවිඞ් වීස්, ෆර්හාඞ් රීසා, චිරාග් සූරී, මොහොමඞ් අබ්දුල් හෂීම්, ශෙහාන් ජයසූරිය, කෙවින් කොත්තිගොඩ, ප්‍රභාත් ජයසූරිය.

මරතා ඇරබියන්ස් -
යුවරාජ් සිං (නායක), ක්‍රිස් ලයන්, ඞ්වයින් බ්‍රාවෝ, ලසිත් මාලිංග, හස්රතුල්ලා සසායි, නජිබුල්ල සඩ්‍රාන්, මිචෙල් මැක්ලෙනගන්, දසුන් ශානක, ජේම්ස් ෆුලර්, චැඞ්වික් වෝල්ටන්, ඇඩම් ලිත්, වනිඳු හසරංග, මොහොමඞ් කාසීම්, ශිරාස් අහ්මඞ්, නසීර් අසීස්, උමේර් සීෂාන් ලෝහ්යා.

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් -
ෂේන් වොට්සන් (නායක), බෙන් කටින්, කිරන් පොලාඞ්, ඇන්ටන් ඩෙව්සිච්, සහීර් ඛාන්, මොහොමඞ් ශාසාඞ්, ෆවඞ් අලාම්, ශෙල්ඩන් කොටේ‍රල්, මිගෙල් ප්‍රිටෝරියස්, ඩෑන් ලෝරන්ස්, භානුක රාජපක්ෂ, මේසන් ක්‍රේන්, ඉම්තියාස් අහ්මඞ්, ශසූර් ඛාන්, අසීෆ් ඛාන්, ශරීෆ් අසදුල්ලා.

දිල්ලි බුල්ස් -
ඔයින් මෝගන් (නායක), සහිර් ඛාන්, ශොයිබ් මලික්, මොහොමඞ් නබී, අදිල් රෂීඞ්, සොහෙල් තන්වීර්, කුසල් පෙරේරා, අලී ඛාන්, පෝල් ස්ටලිංග්, ෂර්ෆේන් රදෆර්ඞ්, දුෂ්මන්ත චමීර, ඬේවිඞ් විලී, ඇන්ජලෝ මැතිව්ස්, ටෝබියස් විසී, මුහම්මද් උස්මාන්, වහීබ් අහ්මඞ්.

නොර්දන් වෝරියර්ස්  -
ඩැරන් සැමී (නායක), ඇන්ඩි්‍ර රසල්, නිකලස් පූරන්, ලෙන්ඩන් සිමන්ස්, සෑම් බිලිංග්ස්, ක්‍රිස් ග්‍රීන්, නුවන් ප්‍රදීප්, රයඞ් එම්රිට්, ප්‍රවීන් ටම්බේ, සීකන්දර් රාසා, මාර්ක් දයාල්, ජෝර්ජ් මුන්සේ, අසේල ගුණරත්න, අමීර් හයට්, අන්ෂ් තන්ඩන්.

කර්ණාටක ටස්කර්ස් -
හෂීම් අම්ලා (නායක), සංදීප් ලැම්චේන්, පැට් බ්‍රවුන්, එවින් ලෙවිස්, කෙස්රික් විලියම්ස්, ජොන්සන් චාර්ල්ස්, රොස් වයිට්ලි, මලින්ද පුෂ්පකුමාර, ශාපූර් සද්‍රාන්, ශෆිවුල්ලා ශෆීක්, නේතන් රිමින්ග්ටන්, මාලන් සැමුවෙල්, අසාද් පතන්, අහ්මඞ් රාසා, අසීෆ් මුම්ටාස්.

ටීම් අබුඩාබි -
මූයින් අලී (නායක), ලුක් රයිට්, කොරී ඇන්ඩර්සන්, පාරස් ඛාද්කා, හැරී ගර්නී, ලෙවිස් ග්‍රෙගරි, රිචඞ් ග්ලීසන්, නිරෝෂන් දික්වැල්ල, බෙන් ලාෆ්ලින්, හේඞ්න් වෝල්ෂ්, ඇලෙක්ස් ඬේවිස්, රොහාන් මුසටාෆා, රමීස් ශසාඞ්.

කොලැන්ඩර්ස් -
ශහීඞ් අෆ්රිඩි (නායක), ලුක් රොන්චි, සොහෙල් අක්තාර්, ලොරී එවන්ස්, සමිට් පතෙල්, ඉම්රාන් නසීර්, ක්‍රිස් ජෝර්දාන්, ටොම් බැන්ටන්, ජෝර්දාන් ක්ලාක්, හැරිස් රවුෆ්, අහ්සන් මිර්සා, ෆිල් සෝල්ට්, මාස් ඛාන්, මජීඞ් අලී, ඩිල්බාර් හුසේන්.

...


අදහස් (1)

දහයයි 10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 15
  • Gayan Chandradewa Thursday, 07 November 2019 01:28 PM

    ඔය තරගය පාකිස්තානයේ ගහන්න තිබ්බේ ඔය කට්ටිය පාකිස්තාන් යනවද බලන්න.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.