Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල පිලට ලකුණු 4 ක තියුණු ජයක්

දඹුල්ල පිලට ලකුණු 4 ක තියුණු ජයක්

editorial - 2020 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මහනුවර ටස්කර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකින්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායම, ඕවර 9.4 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කඩුලු 3 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටියේය. ඒ වන විට කුසල් මෙන්ඩිස් පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 195 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ පිතිහරඹයක නිතර වූ දසුන් ශානක පන්දු 37 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 73 ක් රැස්කළේය.

සමීට් පටේල් (58) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 64 කදී ලකුණු 128 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද දසුන් සමත් වූ අතර පන්දු 38 කදී වාර්තා වූ පටේල්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

මහනුවර කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේදී පාදයේ ආබාධයකට ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන්, මෙම තරගයට සහභාගි නොවූ අතර දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනියටද කණ්ඩායමේ ස්ථානයක් අහිමි විය‍. ඔවුන් දෙදෙනා වෙනුවට ප්‍රියමාල් පෙරේරා සහ ඩිල්රුවන් පෙරේරා මෙම තරගයේදී මහනුවර කණ්ඩායමට ඇතුළත් වූහ.

දඹුල්ල කණ්ඩායම මෙම තරගාවලියේදී සහභාගි වූ පළමු තරගය මෙය වූ අතර එහිදී එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සමීට් පටේල්, පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක අන්වර් අලී සහ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක සුදීප් ත්‍යාගි විදෙස් ක්‍රීඩකයන් ලෙස දඹුල්ල කණ්ඩායමට එක්ව සිටියහ.

දඹුල්ල වයිකින්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 195
(නිරොෂන් දික්වැල්ල 25, උපුල් තරංග 18, සමීට් පටේල් 58, දසුන් ශානක 73, නවීන් උල්හක් 43/2)

මහනුවර ටස්කර්ස් පිල - ඕවර 9.4 කදී කඩුලු 3 කට 84
(රහමනුල්ලා ගුර්බාස් 30, කුසල් මෙන්ඩිස් නොදැවී 34)

-036

 


 

- 036


අදහස් (0)

දඹුල්ල පිලට ලකුණු 4 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.