Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල ක්‍රීඩක‍යෝ ලකුණු 28 කින් ජය ලබති

දඹුල්ල ක්‍රීඩක‍යෝ ලකුණු 28 කින් ජය ලබති

ශානුක අරවින්ද - 2020 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



දඟ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් කොළඹ කිංග්ස් කණ්ඩායමට එරෙහිව අද (1 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකින්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 3 කට සහභාගි වී ඇති දඹුල්ල කණ්ඩායම එහිදී ලැබූ දෙවැනි ජය මෙයයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායමට දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවිම හමුවේ ඕවර 18.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි. අන්වර් අලි, සචිඳු කොළඹගේ, සමීට් පටේල් සහ පුලින තරංග කඩුලු 2 බැගින් බිඳහෙළමින් කොළඹ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
 
එහිදී කොළඹ කණ්ඩයමේ කඩුලු 10 න් 7 ක්ම බෙදාගැනිමට දඹුල්ල කණ්ඩා‍යමේ දඟ පන්දු යවන්නෝ සමත් වූහ. සමීට් ටේල්ල් සහ මාලින්ද පුෂ්පකුමාර වමත් දඟ පන්දු යවන්නන් ලෙසද, සචිඳු කොළඹගේ සහ පුලින තරංග පා දඟ පන්දු යවන්නන් ලෙසද දඹුල්ල කණ්ඩායමට ඇතුළත්ව සිටියහ.
 
කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිත්කරු ලෝරි එවන්ස් හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 33 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 59 ක් රැස්කළේය. එහෙත් සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැක විය.‍

මහනුවර ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේ සමාරම්භක තර‍ගයේදී ලකුණු 80 ක් රැස්කරමින් තරගයේ විරයා බවට පත්වූ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල්, මෙම තරගයේදී මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොළබා දැවියෑම කොළඹ කණ්ඩායමට විශාල පාඩුවක් විය.  පන්දු 14 කට මුහුණුදුන් නායක ඇන්ජලෝ මැතිව්ස් දැවීයන විට ලබා සිටියේ ලකුණු 11 ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 175 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ පිතිහරඹයක නිතර වූ දසුන් ශානක පන්දු 34 කින් ලකුණු 56 ක් රැස්කිරීමට සමත් වූයේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
 
උපුල් තරංග පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, සමීට් පටේල් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක්ද, ඇන්‍ජලෝ පෙරේරා පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් දඹුල්ල කණ්ඩායමේ ලකණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා දසුන්ට අනගි සහයක් දුන්හ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඔන්ඩ්‍රි රසල් ලකුණු 18 කට කඩුලු 3 ක්ද, ඉසුරු උදාන ලකුණු 25 කට කඩුලු 3 ක්ද දවාගත් අතර දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදී කණ්ඩායමට ලකණු 27 ක් ලබා දෙමිනි.  


දඹුල්ල වයිකින්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 175
(උපුල් තරංග 25, සමීට් පටේල් 30, දසුන් ශානක 56, ඇන්ජලෝ පෙරේරා 21, ඔන්ඩ්‍රි රසල් 18/3, ඉසුරු උදාන 25/2, දුෂ්මන්ත චමීර 27/2)
 
කොළඹ කිංග්ස් පිල - ඕවර 18.4 කදී සියලු දෙනා දැවි 147
(ලෝරි එවන්ස් 59, ක්වායිස් අහමඩ් 14, දුෂ්මන්ත චමීර 17, අන්වර් අලී 17/2‍, සචිඳු කොළඹගේ 28/2, සමීට් පටේල් 30/2, පුලින තරංග 31/2)  

 

 


අදහස් (0)

දඹුල්ල ක්‍රීඩක‍යෝ ලකුණු 28 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.